ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ ඉහළින්ම පැවැත්වෙන උත්කර්ෂවත් තරගාවලියක් වන, ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් අද (22) ආරම්භ වූයේ මාතර කොටවිල ක්‍රීඩා සංකීර්ණයේ දීයි. 43 වැනි වරටත් පවත්වනු ලබන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාරම්භක අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහභාගී විය.
ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු ජාතික වාර්තාව අනිතාගෙන්
අද (22) මාතර කොටවිල දී ආරම්භ වූ 43 වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු ශ්‍රී ලංකා ජාතික වාර්තාව බිහි කරන්නට ශ්‍රී ලංකාවේ කාන්තා..
තරගාවලියේ ආරම්භක දිනය වූ අද දිනය තූළ ඉසව් 6ක අවසන් මහා තරග පැවැත්විය.
ආරම්භක දිනය තුළම නව ජාතික වාර්තාවක් බිඳහෙලනු ඇතැයි බෝහෝ දෙනා විශ්වාස කළ, කාන්තා රිටි පැනීමේ ඉසව්වට උතුරු පළාත නියෝජනය කරමින් සහභාගී වූ අනීතා ජෙගතීශ්වරන්, සාර්ථකව ඇයගේම වාර්තාවක් අලුත් කිරීමට සමත් විය. එහි දී ඇය විසින්ම 
පිරිමි කවපෙත්ත විසිකිරීමේ අවසන් මහා තරගය ද අද උදෑසන මාතර කොටවිල ක්‍රීඩා පිටියේ දී පැවැත්විය. එහි පළමු අවස්ථාවන් තුන අවසන් වන විට, මධ්‍යම පළාත් ක්‍රීඩක ඩී. බී. රත්නායක පෙරමුණේ පසු වුවත්, තරග ඉසව්වේ අවසන් අවස්ථාවන් කිහිපයේ ක්‍රියාත්මක වූ මොහොමඩ් ආසික් නැගෙනහිර පළාත වෙනුවෙන් රන් පදක්කමක් ජයග්‍රහණය කරන ලදි. එහි දී ඔහු විසින්
තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වූ පිරිමි මීටර 10,000 අවසන් තරගයේ දී මධ්‍යම පළාත් ක්‍රීඩකයින් වන ඩී. එල්. සමරජීව (31:14.22) හා ජී. කේ. බණ්ඩාර (31:18.48) යන ක්‍රීඩකයින් පිළිවෙළින් රන් පදක්කමක් හා රිදී පදක්කමක් මධ්‍යම කණ්ඩායම වෙනුවෙන් ලබා ගන්නා විට, සබරගමුව පළාත නියෝජනය කළ ඒ. පී. මදුරංග (31.33.03) එහි ලෝකඩ පදක්කම ජයග්‍රහණය කරන ලදි.

කාන්තා යගුලිය දැමීමේ ශ්‍රී ලංකා ජාතික වාර්තාවට හිමිකම් කියන තාරිකා ප්‍රනාන්දු බස්නාහිර පළාත නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගි වූ අතර ඇය විසින් මිටර 14.35ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් පහසුවෙන්ම එහි පළමු ස්ථානය ජයග්‍රහණය කළාය. මධ්‍යම පළාත නියෝජනය කළ එම්. එන්. ඩී. මුතුනායක මීටර 12.19ක දක්ෂතාවයක් දක්වමින් මෙහි දෙවන ස්ථානය ජයග්‍රහණය කළාය.

මීටර 200 කාන්තා අවසන් තරගයට සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවන්
| නම | පළාත |
| ටී. එම්. පී. පී. වීරසූරිය | සබරගමුව |
| එම්. එච්. එම් හේරත් | උතුරු මැද |
| ජී. අයි. ඉමේශා | දකුණු පළාත |
| එස්. එල්. විදානදූරගේ | ඌව |
| එම්. ඕ. උදයංගනී | ඌව |
| එෆ්. එස්. යාමේක් | මධ්‍යම |
| එස්. ඒ. ජයතිලක | වයඹ |
| එස්. එච්. ප්‍රනාන්දු | වයඹ |
මීටර 200 පිරිමි අවසන් තරගයට සුදුසුකම් ලැබූ ක්‍රීඩකයන්
| නම | පළාත |
| එල්. එස්. පෙරේරා | බස්නාහිර |
| පී. සී. ඒ. එල්. කුමාර | උතුරු මැද |
| කේ. එච්. ඒ. චමෝද් | බස්නාහිර |
| එම්. එම්. එෆ්. උදයර් | නැගෙනහිර |
| එස්. එල්. වික්‍රමසිංහ | දකුණු පළාත |
| එස්. ඩිල්ශාන් | දකුණු පළාත |
| ඩී. කේ. විජේරත්න | සබරගමුව |
| එම්. ප්‍රේමතාස් | උතුරු පළාත |
43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ අද (22) දහවල් 02.00 වන විට ඒ ඒ පළාත් ජයග්‍රහණය කර තිබූ සමස්ත පදක්කම් සටහන
| පළාත | රන් | රිදී | ලෝකඩ | එකතුව | |
| 1 | බස්නාහිර | 90 | 63 | 59 | 212 |
| 2 | මධ්‍යම | 36 | 33 | 39 | 108 |
| 3 | වයඹ | 22 | 23 | 40 | 85 |
| 4 | උතුරු මැද | 15 | 17 | 32 | 64 |
| 5 | සබරගමුව | 16 | 16 | 30 | 62 |
| 6 | දකුණ | 9 | 29 | 39 | 77 |
| 7 | ඌව | 6 | 14 | 31 | 51 |
| 8 | උතුර | 5 | 1 | 2 | 8 |
| 9 | නැගෙනහිර | 3 | 7 | 3 | 13 |
තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට





















