ශූරතාවය විශාඛා හා සාන්ත ජෝසප් විද්‍යාලයට

656

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය මගින් අඛණ්ඩව පවත්වනු ලැබූ “43 වන වයස් කාණ්ඩ පිහිනුම් ශූරතා තරගාවලියේ” සිව්වන හා අවසන් දිනය අද (4) සුගතදාස පිහිනුම් තටාකයේ දී සාර්ථක ලෙස අවසන් වූ අතර, එහි පිරිමි අංශයේ සමස්ත ශූරතාවය මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හිමි කර ගන්නා විට, කාන්තා අංශයේ ශූරතාවය කොළඹ විශාඛා විද්‍යාලයට හිමි විය.

>>3 වන දිනයේ වැඩි ගෞරව අකලංකට සහ ඇල්වින්ට

මීටර 1500 නිදහස් ආර අවසන් තරග

සිව්වන හා අවසන් දිනය ආරම්භ කරමින් වයස අවුරුදු 15න් පහළ මීටර් 1500 නිදහස් ආර බාලිකා තරගය පැවැත්වූ අතර, එහි පළමු ස්ථානය ජයග්‍රහණය කිරීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඒ. කල්‍යාණසුන්දරම් සමත් වූ අතර, එහි දී ඇය විසින් 20:27.99ක කාලයක් වාර්තා කරමින් එම ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කරන ලදි. අනතුරුව පැවැත්වූ බාලක තරගය ජයග්‍රහණය කිරීමට එම විද්‍යාලයේම  ඒ. හසන් ක්‍රීඩකයා සමත් වූ අතර, එහි දී ඔහු විසින් 18:22.53 කාලයක් වැය කරමින් රන් පදක්කම ජයග්‍රහණය කරන ලදි.  

වයස අවුරුදු 18න් පහළ බාලිකා තරගයේ දී උත්තමා සිල්වා 19:35.54ක කාලයක් සටහන් කරමින් මහනුවර මහමායා විද්‍යාලය රන් පදක්කමකින් වර්ණවත් කරද්දී, ආනන්ද විද්‍යාලයේ මනුල කුරේ එහි බාලක තරගය ජය ගත්තේ  18:5.99ක කාලයක් වාර්තා කරමිනි.

21:6.51ක කාලයක් සනිටුහන් කළ ගිහිනි නාවල විශාඛා විද්‍යාලයට වයස අවුරුදු 18 හා ඊට ඉහළ කාන්තා රන් පදක්කම ගෙන දුන් අතර, එහි පිරිමි රන් පදක්කම නාලන්ද විද්‍යාලයේ දිලංක ශෙහාන් ජයග්‍රහණය කළේ 17:55.29ක කාලයක් සනිටුහන් කරමිනි.

මීටර 100 ළය ආර අවසන් තරග

වයස අවුරුදු 11න් පහළ බාලිකා තරගය 1:40.72ක කාලයක් වාර්තා කරමින් අවසන් කළ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ මෙත්මි අංජනා එහි ශූරිය බවට අභිසෙස් ලබද්දී, එහි බාලක රන් පදක්කම සාන්ත පීතර විද්‍යාලයේ උමාර් ෆාරුක් විසින් ජයග්‍රහණය කරන ලදි. ඔහුගේ කාලය 1:37.12ක් ලෙස දැක්විය.

පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලට වයස අවුරුදු 13න් පහළ බාලිකා රන් පදක්කම හිමිකර දුන් තිනායා ජයරත්න, 1:28.20ක කාලයක් වාර්තා කරන ලදි. එහිම බාලක තරගයේ දී 1:23.10ක කාලයක් ගතකරමින් නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල රනින් සැරසවීමට ක්‍රිස් පවිත්‍රට හැකි විය.

1:27.10ක කාලයක් ගත කළ එස්. මහිර් හා 1:15.91ක කාලයක් ගත කළ ඔවින් ගමගේ වයස අවුරුදු 15න් පහළ බාලිකා හා බාලක ඉසව්වන් හි රන් පදක්කම් පිළිවෙළින් වත්තල හා නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලට හිමි කර දෙන ලදි.

තරගාවලියේ වයස අවුරුදු 18න් පහළ බාලිකා අංශයේ කැපී පෙනෙන දියකිදුරියක් වූ රමුදි සමරකෝන් 1:18.44ක කාලයක් සනිටුහන් කරවමින් විශාඛා විද්‍යාලයට තවත් රන් පදක්කමක් එකතු කරන විට, එහි බාලක රන් පදක්කම 1:11.42ක කාලයක් වාර්තා කළ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඩී. ජයතිලක ජයග්‍රහණය කරන ලදි.

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ තෝමලී සෙනෙවිරත්න 1:28.10ක කාලයක් ගත කරමින් වයස අවුරුදු 18න් හා ඊට ඉහළ කාන්තා රන් පදක්කම දිනා ගත්තාය. එහි පිරිමි තරගයේ ශූරයා වීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ කේ. ඩී. කේ. ජේ. මුණසිංහ සමත් විය. එහි දී ඔහු විසින් 1:10.10ක කාලයක් ලබා ගන්නා ලදි.

මීටර 200 සමනළ ආර අවසන් තරග

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ නබාශි පෙරේරා හා පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ජනිදු ගනගහගෙදර පිළිවෙළින් 2:59.81 හා 3:01.68 ලෙස කාලය වාර්තා කරමින් වයස අවුරුදු 13න් පහළ පදක්කම් දිනා ගන්නා ලදි.

වයස අවුරුදු 15න් පහළ බාලක හා බාලිකා යන රන් පදක්කම් ද්විත්වයම වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට ජයග්‍රහණය කර දීමට ඩී. රශ්මි (2:57.94) හා ඒ. හසන් (2:23.57) සමත් විය.

2:47.15ක හා 2:15.33ක කාලයක් වාර්තා කරමින් වයස අවුරුදු 18න් පහළ බාලිකා හා බාලක රන් පදක්කම ජයග්‍රහණය කිරීමට, පිළිවෙළින් මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ මහේශිකා හේවගේ හා රීවන් සේනාරත්න සමත් විය. එහි 18ට හා ඊට ඉහළ කාණ්ඩයේ කාන්තා හා පිරිමි රන් පදක්කම් පිළිවෙළින් අම්රිතා ඩයස් (3:32.87) හා ඉමේෂ් චතුරංග (2:21.62) විසින් ජයග්‍රහණය කරන ලදි.

මිටර 50 නිදහස් ආර අවසන් තරග

වයස අවුරුදු 11න් පහළ බාලිකා තරගයේ දී මහිමි දේශානි 35.81ක කාලයක් වාර්තා කරමින් ලූවර් ජාත්‍යන්තර පාසලට රන් පදක්කමක් හිමි කර දුන්නාය. එසේම එහි බාලක රන් පදක්කම නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ගෞදිත අගිලියගේ හිමිකරගත්තේ 33.35ක කාලයක් වැය කරමිනි.

පානදුර ලයිසියම් ජාත්‍යන්තර විද්‍යාලයේ තිනායා ජයරත්න අද දිනයේ තම දෙවන රන් පදක්කම ජයග්‍රහණය කළේ මෙම ඉසව්ව 31.12ක කාලයකින් අවසන් කරමිනි. එය වයස අවුරුදු 13න් පහළ බාලිකා තරගයක් ලෙසින් නිමාවට පත්වෙනවාත් සමඟින් ආරම්භ වූ එහි බාලක තරගයේ රන් පදක්කම ක්‍රිස් පවිත්‍ර (28.99) ජයග්‍රහණය කරන ලදි. ඒ අද දිනයට ඔහු ලබාගත් දෙවන රන් පදක්කම විය.

වයස අවුරුදු 15න් පහළ බාලිකා තරගය 30.08ක කාලයක් ගත කරමින් ජයග්‍රහණය කිරීමට කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ අරලියා ගුණසේකර සමත් විය. එහි බාලක රන් පදක්කම එම විද්‍යාලයේම අල්වින් අරුල්මාරන් (26.36) විසින් ජයග්‍රහණය කරන ලදි.

දිල්රුක්ෂි පෙරේරා මහනුවර හිල්වුඩ් පාසල වෙනුවෙන් 28.45ක කාලයක් සනිටුහන් කරමින් වයස අවුරුදු 18න් පහළ බාලිකා රන් පදක්කම හිමි කර ගන්නා විට, එහි බාලක ශූරයා වීමට මැතිව් අබේසිංහගේ සොහොයුරා වන කයිල් අබේසිංහ (24.76) සමත් විය.

වයස අවුරුදු 18 හා ඊට ඉහළ කාන්තා තරගයේ රන් පදක්කම ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ අයි. ඊ. සේනානායක (28.81) විසින් ජයග්‍රහණය කළ අතර, එහි පිරිමි තරගය 24.44ක කාලයකින් අවසන් කිරීමට ශ්‍රී ලංකා පිහිනුම් ශූර මැතිව් අබේසිංහ සමත් විය. ඔහුව හඹාගෙන පැමිණි ශ්‍රී ලංකා නාවික හමුදාවේ කේ. ඩී. කේ. ජේ. මුණසිංහ 24.91කින් දෙවැන්නා ලෙසින් ඉතා තියුණු හා උද්වේගකර තරගයක් ලබාදෙමින් අවසන් කරන ලදි.

මෙම තරගාවලියේ වැඩිම ප්‍රේක්ෂක අවධානය දිනා ගත් තරග ඉසව්ව මෙය බව කිව යුතුම වන අතර, එහි දී මෙම ක්‍රීඩකයින්ගේ ජවයේ හා වේගය අන්තර්ගත වූ සුපිරි දස්කම් දැක බලා ගන්නට හැකි විය.

සමස්ත තරගාවලියේ පෞද්ගලික හොඳම දක්ෂතා

  • කේ. යූ. ඕ. ඔනන්ගා – ගම්පහ පිහිනුම් සංගමය – ලකුණු 20 (වයස අවුරුදු 11න් පහළ බාලිකා)
  • ඒ. ඩී. ඒ. ප්‍රභාෂ්වර – ගම්පහ පිහිනුම් සංගමය – ලකුණු 25 (වයස අවුරුදු 11න් පහළ බාලක)
  • නබාශි පෙරේරා – සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය – ලකුණු 25 (වයස අවුරුදු 13න් පහළ බාලිකා)
  • වනුජ කන්නංගර – ලූවර් ජාත්‍යන්තර පාසල – ලකුණු 25 (වයස අවුරුදු 13න් පහළ බාලක)
  • ඒ. කල්‍යාණසුන්දරම් – වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල – ලකුණු 25 (වයස අවුරුදු 15න් පහළ බාලිකා)
  • ඒ. හසන් – වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල – ලකුණු 25 (වයස අවුරුදු 15න් පහළ බාලක)
  • අල්වින් අරුල්මාරන් – ගේට්වේ ජාත්‍යන්තර පාසල – ලකුණු 25 (වයස අවුරුදු 15න් පහළ බාලක)
  • රමුදි සමරකෝන් – විශාඛා විද්‍යාලය – ලකුණු 22 (වයස අවුරුදු 18න් පහළ බාලිකා)
  • අකලංක පීරිස් – සාන්ත පීතර විද්‍යාලය – ලකුණු 25 (වයස අවුරුදු 18න් පහළ බාලක)
  • අයි. ඊ. සේනානායක – ශ්‍රී ලංකා යුද හමුදාව – ලකුණු 25 (වයස අවුරුදු 18ට සහ ඊට ඉහළ කාන්තා)
  • කේ. ඉමේෂ් චතුරංග – ඩී. එස්. සේනානායක විද්‍යාලය – ලකුණු 23  (වයස අවුරුදු 18 හා ඊට ඉහළ පිරිමි)
  • බී. දිලංක ශෙහාන් – නාලන්ද විද්‍යාලය – ලකුණු 23 (වයස අවුරුදු 18 හා ඊට ඉහළ පිරිමි)

සමස්ත කණ්ඩායම් ශූරතාවය

බාලිකා හා කාන්තා අංශය

  1. විශාඛා විද්‍යාලය – ලකුණු 445.50
  2. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල – ලකුණු 379
  3. මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය – ලකුණු 267
  4. සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය – ලකුණු 259
  5. මියුසියස් විද්‍යාලය – ලකුණු 185

බාලක හා පිරිමි අංශය

  1. සාන්ත ජෝසප් විද්‍යාලය – ලකුණු 442.50
  2. ආනන්ද විද්‍යාලය – ලකුණු 373
  3. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල – ලකුණු 284
  4. නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල – ලකුණු 243.50
  5. නාලන්ද විද්‍යාලය – ලකුණු 212

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට