රාජකීයයන් සිව්දෙනෙකු ජර්මනියට

236
4 Royalists

කොළඹ රාජකීය විද්‍යාලය යනු ශ්‍රී ලංකාවට බොක්සිං ඉගැන්වූ අභිමානවත් මුල් ගුරුවරයායි. ශ්‍රී ලංකා පාසල් බොක්සිං කණ්ඩායම් අතර සෑමවිටම ඉහළින් වැජඹුණු ඔවුන් මේ වසරේ දී පැවති “100 වැනි ස්ටබ්ස් පළිහ” තමන් සතු කරගත්තේය. එතැනින් දක්ෂතම ක්‍රීඩකයන් සිව්දෙනෙකුට ලැබුණු විදෙස් වරමක් ගැනයි මේ අවධානය.

“ක්ලිෆඩ් කප්” පළමු දිනය නිමයි

ශ්‍රී ලංකා අන්තර් සමාජ බොක්සිං ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම තරගාවලිය වන “ක්ලිෆඩ් කුසලාන”..

ජර්මනියේ ට්‍රැක්ටෝර් ෂ්වෙරින් බොක්සිං සමාජයේ ක්‍රීඩා අධ්‍යක්ෂ පොල් ඩෝරින් සහ එහි සභාපති ෆ්‍රෑන්ක් ක්ලේන්සොන් යන මහත්වරුන්ගේ ආරාධනයක් පිට ස්ටබ්ස් පළිහ තරගාවලියේ රන් පදක්කම්ලාභී එම්. ඒ. අහමඩ් සහ වී. ඩී. හෙට්ටිආරච්චි යන රාජකීයයන් දෙදෙනාට 5 වැනි ස්වෙන් ලාංජ් අනුස්මරණ බොක්සිං තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව හිමිව ඇත. ආබාධයක් හේතුවෙන් ස්ටබ්ස් පළිහ තරගාවලිය අහිමි වූ කෙවින් ප්‍රියසිංහ සහ ස්ටබ්ස් ලෝකඩ පදක්කම්ලාභී එම්. අල්තාෆ් හටද සංචාරය සඳහා ඇරයුම් ලැබී තිබේ.

ස්වෙන් ලාංජ්, ජර්මානු බොක්සිං ශූරයෙකි. ලයිට් හෙවිවෙයිට් බරපන්තියෙන් 1980/90 දශකවල දී ලෝක තලයට පියමන් කළ ඔහු නැගෙනහිර ජර්මනියෙන් බිහිවූ ක්‍රීඩකයෙකු ලෙසයි සැලකෙන්නේ. අවාසනාවන්ත ලෙස 1992 වසරේ දී රිය අනතුරකට ලක්ව මියගිය ලාංජ් සිහිකරමින් මෙම තරගාවලිය පැවැත්වේ. ඔහු මරණයට පත්වූ ෂ්වෙරින් නගරයේ දී 2017 තරගාවලිය පැවැත්වෙන්නේ දෙසැම්බර් 15 සිට 17 වැනිදා දක්වා යි.

එම්. ඒ. අහමඩ්, කි. ග්‍රෑ. 52 බරපන්තියෙන් සහ වී. හෙට්ටිආරච්චි, කි. ග්‍රෑ. 56 බරපන්තියෙන් තරග වැදීමට නියමිතයි. කෙවින් ප්‍රියසිංහ, කි. ග්‍රෑ. 60 බරපන්තියෙනුත්, එම්. අල්තාෆ්, කි. ග්‍රෑ. 49 බරපන්තියෙනුත් තරග වදිනු ඇත.          

5 වැනි වරට පැවැත්වෙන තරගාවලියට මෙතෙක් එංගලන්තය, අයර්ලන්තය, යුක්රේනය, ඔස්ට්‍රියාව ආදී බොක්සිං සඳහා ප්‍රසිද්ධියක් උසුලන රටවල් වලින් ක්‍රීඩකයන් සහභාගී වේ.

ශ්‍රී ලංකාවේ අභිමානයත් හිසින් දරා, රාජකීය අභිමානයත් රැකගන්නට මේ පුතුන් සිව්දෙනාට ThePapare.com අපි ඉතසිතින් සුබ පතමු.  

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<