ජකර්තාවෙන් ශ්‍රී ලංකාවට සිව්වැනි රන් පදක්කමත්

188

3 වන ආසියානු පැරා මලල ක්‍රීඩා තරගාවලියේ සිව්වැනි දිනය අද (11) ක්‍රියාත්මක වූ අතර තවත් රන් පදක්කමක් හා රිදී පදක්කමක් දිනා දෙන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද සමත් විය.

තෙවැනි දිනය අවසානයේ ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර “ගිලෝරා බැන්ග්’ හිදී පැවැත්වෙන 3 වන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා අංශයේ තෙවන දිනය අද (10) ක්‍රියාත්මක විය…..

දිනයේ ප්‍රථම පදක්කම දිනා දුන්නේ පිරිමි හෙල්ල විසිකිරීම F 46 කාණ්ඩය වෙනුවෙන් තම වගකීම් මැනවින් ඉටු කළ දිනේෂ් ප්‍රියන්තයි. ප්‍රබල ඉන්දියානු ක්‍රීඩකයින් පරාජය කරමින් මීටර් 61.84ක දක්ෂතාවයක් වාර්තා කළ දිනේෂ් ශ්‍රී ලංකාව වෙනුවෙන් සිව්වැනි රන් පදක්කමත් දිනා දුන්නේය.

පිරිමි T42/61/62 කාණ්ඩයේ යගුලිය දැමීමේ ඉසව්ව වෙනුවෙන් සහභාගී වූ පාලිත බණ්ඩාර ද තවත් රිදී පදක්කමක් ශ්‍රී ලංකා පදක්කම් සටහනට එක් කළේය. එහි දී ඔහු මීටර් 13.21ක දක්ෂතාවයක් වාර්තා කළේය.

රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 3ක් සමඟින් ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ මේ වන විට 14 වන ස්ථානයෙහි රැඳී සිටියි. ශ්‍රී ලංකා ආරක්ෂක සේවයේ නියුතුව සිටිය දී රට දැය වෙනුවෙන් තම ජීවිතය පවා කැප  කරන්නට සූදානම් මෙවන් වූ ක්‍රීඩකයින් රටට ද මහත් සම්පතකි.

හෙට (12) දිනයේ ද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන තවත් ඉසව් කිහිපයක් පැවැත්වීමට නියමිතයි. එම තරගවල සවිස්තර වාර්තා සඳහා ද රැඳී සිටින්න ThePapare.com සමඟින්

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<