ටී. එම්.ගේ දක්ෂතා MAS අවසන් තරගයට ගෙන යයි

72

වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් 27 වැනි වරටත් සංවිධානය කරන සිංගර් කුසලාන පළමු පෙළ විස්සයි විස්ස වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට MAS හෝල්ඩිංග්ස් කණ්ඩායම අද (24) සමත් විය. 

කමිඳු මෙන්ඩිස් තුන් ඉරියව් දක්ෂතා දක්වයි

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය 27 වැනි වරටත් සංවිධානය කරන සිංගර් කුසලාන පළමු පෙළ විස්සයි විස්ස වෙළෙඳ…..

පී. සරා ඕවල් පිටියේ දී පැවති පළමු අවසන් පූර්ව තරගයෙන් ඩිමෝ කණ්ඩායම පරදවා කඩුලු 5ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට MAS හෝල්ඩිංග්ස් කණ්ඩායම සමත් වූයේ ටී. එම්. සම්පත්ගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙනි. 

කාසියේ වාසිය දිනා ගත් MAS නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ ඩිමෝ ක්‍රීඩකයන්ය. ඔවුන්ට කඩුලු 9ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 168ක් පමණි. එම ඉනිම වෙනුවෙන් තික්ෂිල ද සිල්වා ලකුණු 51ක් රැස්කර ගැනීමට සමත් විය. ඔහු එම ඉනිම වෙනුවෙන් පන්දු 25ක් පමණක් වැය කළ අතර හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් තම ඉනිමට ඇතුළත් කළේය. 

Photos: Dimo vs MAS Unichela | 1st Semi-Final | 27th-Singer MCA T20

එම ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් (19) ද එක්කර ගනිමින් ලකුණු 56ක සබඳතාවක් ගොඩනැගීමට ද තික්ෂිල ද සිල්වා සමත් විය. 

කඩුලු දවා ගැනීමේ දී වේගපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ලකුණු 31කට කඩුලු 4ක් දවා ගත්තේය.

ලහිරු සමරකෝන් හේලීස් දිනවයි

ලහිරු සමරකෝන්ගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් වෙළඳසේවා ක්‍රිකට් සංගමය 27 වැනි වරටත් සංවිධානය කරන සිංගර්……

හඹා යන ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි MAS හෝල්ඩිංග්ස් ක්‍රීඩකයෝ ලකුණු 169ක ඉලක්කය පන්දු 2ක් පමණක් ඉතිරිව තිබිය දී සපුරා ගත්හ. එහි වැඩි වටිනාකමක් හිමිකර ගත් ක්‍රීඩකයා වූයේ ටී. එම්. සම්පත් ය. ඔහු පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 77ක් රැස්කර ගැනීමට සමත් විය. 

ජයග්‍රහණය කරා යෑමේ දී ටී. එම්. සම්පත් සහ කමිඳු මෙන්ඩිස් එක්ව 4 වැනි කඩුල්ලට ලකුණු 56ක සබඳතාවක් එක් කළහ. පන්දු යැවීමේ දී ඩිලේශ් ගුණරත්න ලකුණු 25කට කඩුලු 2ක් දවා ගත්තේය. 

ඩිමෝ: කඩුලු 9 ක් දැවී 168 (20) තික්ෂිල ද සිල්වා 51, ධම්මික ප්‍රසාද් 4/31, නුවන් තුෂාර 2/23, වනිඳු හසරංග 2/34. 

MAS හෝල්ඩිංග්ස්: කඩුලු 5 ක් දැවී 169 (19.4) ටී. එම්. සම්පත් 77, ඩිලේශ් ගුණරත්න 2/25. 

හෙට (25) දින තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් නැගී එන කණ්ඩායම සහ හේලීස් කණ්ඩායම අතර කොළඹ 07, වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිත ය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<