සම්පත් බැංකුව අවසන් හතරට

117

27 වැනි වරට පැවැත්වෙන වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් පූර්ව වටය නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා ගන්නා අවසන් කණ්ඩායම තෝරාගැනීම වෙනුවෙන් පැවති තරගය අද (11) කටුනායක මේරියන්ස් ක්‍රිකට් පිටියේ දී නිමා විය.

එම තරගයෙන් ඩිමෝ කණ්ඩායම හමුවේ කඩුලු 5ක ජයක් හිමිකරගත් සම්පත් බැංකු කණ්ඩායම පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කර ගන්නා ලදි.

භානුක, වනිඳු සහ ශිරාස් ජයග්‍රාහී දස්කම් දක්වයි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන Premier League ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය නියෝජනය…..

කාසියේ වාසිය දිනා ගත් සම්පත් බැංකු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීම සඳහා පිටියට පැමිණි ඩිමෝ කණ්ඩායම පළමු පන්දුවාර කිහිපය තුල ඉතාමත් හොඳින් පාලනය කිරීමට වමතින් වේගපන්දු යවන විශ්ව ප්‍රනාන්දු සමත් විය. 

ඔහුට සහය වූ දසුන් ශානක ජාතික කණ්ඩායම තුල එතරම් පන්දු යැවීම සිදු නොකළ නමුත් අද පැවති තරගයේ දී ලකුණු 31කට කඩුලු 2ක් දවා ගනිමින් ඉතාමත් හොඳ දස්කම් දක්වන ලදි.

ඩිමෝ කණ්ඩායමේ පිතිකරණ අංශයට දැඩි බලපෑමක් එල්ල කළ වමතින් දඟපන්දු යවන මලින්ද පුෂ්පකුමාර දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 38කට කඩුලු 4ක් දවා ගත්තේය. 

>>Photos: Sampath Bank Cricket Team Preview 2020<<

ආදි නාලන්දා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන නිපුන් කරුණානායක ඩිමෝ කණ්ඩායමේ ජාමය බේරාගත් එකම පිතිකරුවා බවට පත්වෙමින් ලකුණු 71ක් වාර්තා කර ගත් නිසා සම්පත් බැංකු කණ්ඩායමට එරෙහිව ලකුණු 165ක් ලබා ගැනීමට ඩිමෝ කණ්ඩායමට අවස්ථාව ලැබුණි. 

අජන්ත මෙන්ඩිස්ගේ වාර්තාව චාහර් සොරා ගනී

දකුණතින් වේගපන්දු යවන ඉන්දීය ක්‍රීඩක දීපක් චාහල්ගේ වාර්තා ගත පන්දු යැවීම හේතුවෙන් සංචාරක බංග්ලාදේශ….

එම ලකුණු 166 ඉලක්කය හඹා යෑමේ දී සම්පත් බැංකු කණ්ඩායම ද යම් අසීරු අඩියකට පැමිණි නමුත් තරගයේ තීරණාත්මක මොහොතේ පිටියට පැමිණි නිසල ෆ්‍රැන්සිස්කෝ ලබා ගත් ලකුණු 59 හා දසුන් ශානක ලබා ගත් වේගවත් ලකුණු 20 නිසා පන්දුවාර 30කුත් පන්දු 3ක් තුල සිය කණ්ඩායමේ ජය තහවුරු කර ගැනීමට ඔවුන් සමත් විය. 

පන්දු යැවීමේ දී තුන් ඉරියව් දක්ෂතා දක්වන දකුණතින් වේගපන්දු යවන තික්ශිල ද සිල්වා ලකුණු 39කට සම්පත් බැංකු කඩුලු 2ක් දවා ගත්තේය. 

Photos: Sampath Bank vs Dimo – 27th Singer-MCA Premier League 2020 – Knock-Out stage

ඩිමෝ – 165 (47.3): නිපුන් කරුණානායක 71, මලින්ද පුෂ්පකුමාර 4/38, විශ්ව ප්‍රනාන්දු 3/32, දසුන් ශානක 2/31.

සම්පත් බැංකුව – 168/5 (30.3): නිසල ෆ්‍රැන්සිස්කෝ 59, දසුන් ශානක 20, තික්ශිල ද සිල්වා 2/39.

අවසන් පූර්ව තරග කාලසටහන

  • නොවැම්බර් 19 – එල්. බී ෆිනෑන්ස් සහ ජෝන් කීල්ස් – වෙළඳ සංගම් ක්‍රිකට් පිටියේ දී 
  • නොවැම්බර් 20 – MAS යුනිචෙලා සහ සම්පත් බැංකු – NCC ක්‍රිකට් පිටියේ දී 

එම තරග දෙකම සජීව ලෙස ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. ඊට අමතරව තරගාවලියේ සියලුම තරග වාර්තා, තරග තොරතුරු සහ තරග සේයා රූ ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<