ශ්‍රී ලංකාවට දෙවන තරගයත් අභියෝගයක් වෙයි

205

20 වැනි ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ දෙවන තරගය අද (20) ඉන්දුනීසියාව සමඟින් පැවැත්විය. එම තරගයේ ජයග්‍රහණය කිරීමට ඉන්දුනීසියාව සමත් වූයේ තරග වට 3-0ක් ලෙසිනි. 

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ D කාණ්ඩය යටතේ තරග වදින අතර ඔවුන් පළමු තරගයේ දී චීන කණ්ඩායම හමුවේ තරග වට 3-0ක් ලෙස පරාජය විය. 

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ දී ද සාර්ථක ආරම්භයක් ලබා නොගත් අතර ඉන්දුනීසියාව එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට සමත් විය. පළමු තරග වටය නිමා වූයේ ඉන්දුනීසියාවට ලකුණු 25-13ක් ලෙස ජයග්‍රහණය හිමිකර දෙමිනි. 

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පළමු තරගයේ දී ම අපහසු අභියෝගයක්

20 වැනි ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලිය අද (18) දකුණු කොරියාවේ දී ආරම්භ විය…

දෙවන තරග වටයේ දී ද ප්‍රබල ප්‍රහාරයක් දියත් කළ ඉන්දුනීසියා කණ්ඩායම ශ්‍රි ලංකා කණ්ඩායමට සාර්ථක වීමට කිසිදු අවස්ථාවක් ලබා දුන්නේ නැත. ඉන්දුනීසියා කණ්ඩායම ජයග්‍රාහී ලකුණු 25 වාර්තා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගෙන සිටියේ ලකුණු 15ක් පමණි. 

පළමු හා දෙවන වට ජයග්‍රහණය කරමින් තරග වට 2-0ක් ලෙස පෙරමුණ ගනිමින් තුන්වැනි වටය සඳහා පිවිසි ඉන්දුනීසියා කණ්ඩායම තුන්වැනි තරග වටය ද පහසුවෙන් ජයග්‍රහණය කළේ ලකුණු 25-16ක් ලෙසිනි. 

  • පළමු තරග වටය: ඉන්දුනීසියාව 25 – 13 ශ්‍රී ලංකාව
  • දෙවන තරග වටය: ඉන්දුනීසියාව 25 – 15 ශ්‍රී ලංකාව
  • තෙවැනි තරග වටය: ඉන්දුනීසියාව 25 – 16 ශ්‍රී ලංකාව
  • අවසන් ලකුණු තත්ත්වය : ඉන්දුනීසියාව 3 – 0 ශ්‍රී ලංකාව

තරගාවලියේ ඊයේ (19) තරග හතරක් පැවති අතර එම තරගවල දී ජයග්‍රහණ වාර්තා කිරීමට ජපානය, ඕස්ට්‍රේලියාව, චීනය, චීන තායිපේ හා කොරියාව ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය. 

ජපානය හා කසකස්තානය අතර තරගය

ජපානය මෙම තරගය ජයග්‍රහණය කළේ තරග වට 3-0ක් ලෙසිනි. ලකුණු තත්ත්වය ලකුණු 25-19, 25-23 හා 25-18ක් ලෙස දැක්විය. 

ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර තරගය

ඕස්ට්‍රේලියා කණ්ඩායම මෙම තරගයේ ජයග්‍රහණය ලබා ගත්තේ තරග වට 3-1ක් ලෙසිනි. පළමු, තෙවැනි හා සිව්වැනි වට ඕස්ට්‍රේලියා කණ්ඩායම  ලකුණු 25-18, 25-16, 25-22ක් ලෙස ජයග්‍රහණය කළ අතර දෙවන වටයේ ජයග්‍රහණය ඉන්දියාව සතු වූයේ ලකුණු 25-17ක් ලෙසිනි. 

චීනය හා ඉන්දුනීසියාව අතර තරගය

චීන කණ්ඩායම පහසුවෙන් ඉන්දුනීසියා කණ්ඩායම පරාජය කළේ තරග වට 3-0ක් ලෙසිනි. ලකුණු තත්වය දැක්වූයේ ලකුණු 25-15, 25-19 හා 25-12 ලෙසිනි. 

නවසීලන්තය හා චීන තායිපේ අතර තරගය

නවසීලන්ත කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට චීන තායිපේ කණ්ඩායම සමත් වූ අතර තරග වට 3-0ක් ලෙස මෙම තරගය ජයග්‍රහණය කිරීමට චීන තායිපේ කණ්ඩායම සමත් විය. ලකුණු  තත්ත්වය දැක්වූයේ ලකුණු 25-12, 25-22 හා 25-13ක් ලෙසිනි. 

ආසියාවේ ස්ථානයක් සොයා ශ්‍රී ලංකා කාන්තාවන් දකුණු කොරියාවට

2019 ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලිය එළඹෙන අගෝස්තු 18 වැනිදා දකුණු…

කොරියාව හා හොංකොං අතර තරගය

මෙම තරගයේ ජයග්‍රහණය කොරියාව සතු වූ අතර ඒ වට 3-0ක් ලෙසිනි. එහි ලකුණු තත්ත්වය 25-10, 25-14 හා 25-22ක් ලෙස දැක්විය. 

තරගාවලියේ අද පැවති අනෙක් තරගවල දී ජපානය හා  ඉරානය ජයග්‍රහණ වාර්තා කරන ලදි. 

ජපානය හා ඕස්ට්‍රේලියාව අතර තරගය

ජපාන කණ්ඩායම මෙම තරගයේ දී ප්‍රබල ක්‍රීඩා රටාවක් අනුගමනය කළ අතර ඔවුන් ඕස්ට්‍රේලියාවට සාර්ථක වීමට කිසිදු අවස්ථාවක් ලබා නොදුන්හ. පළමු තරග වටය ලකුණු 25-11ක් ලෙස ජයග්‍රහණය කළ ජපානය දෙවන හා තුන්වැනි වට 25-21ක් ලෙස හා 25-08ක් ලෙස ජයග්‍රහණය කළේය. 

ඉරානය හා හොංකොං අතර තරගය

මෙම තරගයේ ජයග්‍රහණය ඉරානය සතු වූ අතර ඔවුන් තරගය ජයග්‍රහණය කළේ තරග වට 3-0ක් ලෙසිනි. ලකුණු තත්ත්වය දැක්වූයේ ලකුණු  25-20, 25-15 හා 25-15 ලෙසිනි. 

20 වැනි ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<