රවීන් සේයර්ගේ බලාපොරොත්තු බිඳ වැටේ

165

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන B කොටසේ ක්‍රිකට් තරගාවලියේ කැන්රිච් ෆිනෑන්ස් සහ සිටිසන් ඩිවෙලොප්මන්ට් බිස්නස් ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තරගයේ දී කඩුල්ලක තියුණු ජයක් ලබා ගැනීමට සිටිසන් ඩිවෙලොප්මන්ට් බිස්නස් කණ්ඩායම සමත් විය. මෙම තරගය අද (18) මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා විය.

තිරිමාන්න සහ සාලිය සමන් වෙළඳසේවා පිටියේ දක්ෂතා දක්වයි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය 26 වැනි වරටත් සංවිධානය කරන සිංගර් කුසලාන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවති තරග අතුරින් TeeJay ලංකා……

කාසියේ වාසිය දිනූ සිටිසන් ඩිවෙලොප්මන්ට් බිස්නස් නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කැන්රිච් ෆිනෑන්ස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 137ක් ලබා ගත් අතර පිළිතුරු ලෙසින් සිටිසන් ඩිවෙලොප්මන්ට් බිස්නස් ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 139ක් ලබා ගනිම් තරගය ජයග්‍රහණය කළහ.

කැන්රිච් ෆිනෑන්ස් ඉනිමේ දී රවීන් සේයර් ශතකයක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය. ඔහු දැවැන්ත ඉනිමක් ගොඩ නගද්දී ඉම්රාන් ඛාන් ලකුණු 40කට කඩුලු 5ක් දවා ගත්තේය.

එම ඉනිම එසේ වුව ද පිළිතුරු ඉනිමේ දී තරගය නිමා වීමට තවත් පන්දුවාර 2ක් ඉතිරිව තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සිටිසන්  ඩිවෙලොප්මන්ට් බිස්නස් කණ්ඩායම සමත් වූහ. එහි දී හශාන් වනසේකර නොදැවී ලකුණු 66ක් ලබා ගත්තේ ය. එහි දී ද රවීන් සේයර් ලකුණු 32කට කඩුලු 3ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වීය.  

කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම; සියලුම දෙනා දැවී 137 (36): රවීන් සේයර් 102, ඉම්රාන් ඛාන් 5/40, චමෝද් පියුමාල් 2/12

සිටිසන් ඩිවෙලොප්මන්ට් බිස්නස් කණ්ඩායම; කඩුලු 9ක් දැවී 138 (48): හෂාන් වනසේකර නොදැවී 66, රවීන් සේයර් 3/36

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<