වේල්ස් කුමරුවන් පරදා ප්‍රථම ජය මහානාමයට

1625

පාසල් රග්බි ලීගයේ බී කාණ්ඩයේ මංගල තරගය අද (05) කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්විය. කොළඹ මහානාම විද්‍යාලයත්, මොරටුව වේල්ස් කුමර විද්‍යාලයත් අතර පැවති එම තරගයෙන් ලකුණු 28-12ක් ලෙස ජයක් ලබා ගැනීමට මහානාම ක්‍රීඩකයෝ සමත් වූහ.

මංගල රග්බි ගැටුමේ දී මහනුවර ක්‍රීඩකයෝ රාජකීය බලයට යටත් වේ

උණුසුම, ත්‍රාසය හා ඉහළ ප්‍රේක්ෂක සහභාගීත්වය සමඟින් පාසල් රග්බි පිටියට වසන්තය…

තරගය පැහැදිලි ආලෝක තත්වයක් යටතේ ආරම්භ වූ අතර ලීගයේ පළමු තරගය මෙය වීම නිසා දෙපිලම තරගයේ ජයග්‍රහණ වෙනුවෙන් උනන්දු වන බවක් පෙනෙන්නට තිබුණි.

තරගය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගිය තැන තම පාසල වෙත පළමු උත්සාහක දිනුම දිනා දෙන්නට තරිඳු දර්ශන සමත් වූයේ මහානාම ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමිනි. එහි ප්‍රවර්තනය රොෂේන් සුලෝචන විසින් සාර්ථක කර ගන්නා ලදි. (07-00)

ඉන් මිනිත්තු කිහිපයක් ගිය තැන වේල්ස් කුමරුවන් ද තම ලකුණු ලබා ගැනීම ආරම්භ කළේ මනරම් උත්සාහක දිනුමක් ජී. ඒ. වෙලගොඩගේ නමට ඉදිරියෙන් සටහන් කරමිනි. එහි ප්‍රවර්තනය එස්. ප්‍රනාන්දු විසින් සාර්ථක කර ගත්තේ දෙපිලේ ලකුණු තත්වය සම කරමිනි. (07-07)

ඉන් මිනිත්තු කිහිපයකට පසුව දෙපිලේ තරග රටාව වෙනස් මගකට ගෙන එමින් මහානාමයේ සෙන්ටර් ක්‍රීඩක තරුත් පබසර අලංකාර දිගු දුර දිවීමකින් උත්සාහක දිනුමක් වාර්තා කළේ වේල්ස් කුමරුවන්ගේ ආරක්ෂක වළල්ල සම්පූර්ණයෙන්ම අඩපණ කරමිනි. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (14-07)

ඉන්පසුව දෙපිලම තම ආරක්ෂක වළල්ල තර කර ගන්නා බවක් පෙනුණ අතර එයින් ලද ඉක්මන් අවස්ථාවක් සාර්ථක කර ගත් අංක 8 ක්‍රීඩක ඩී. තිලකරත්න වේල්ස් කුමරුවන්ගේ බලාපොරොත්තු ඉහළ දැමීය. ඒ තම කණ්ඩායමේ දෙවන උත්සාහක දිනුම වාර්තා කරමිනි. (14-12)

පළමු අර්ධය: මහානාම විද්‍යාලය 14 – 12 වේල්ස් කුමාර

දෙවන අර්ධය වෙනුවෙන් දෙපිලම තරගයට අවතීර්ණ වූයේ තරගයේ වාසිය තමන් වෙත නතු කර ගැනීමේ අදිටනිනි.

දිගු නිහැඬියාවකින් පසු මහානාමයේ ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක තරිඳු දර්ශන තමාගේ දෙවන උත්සාහක දිනුම මහානාමය වෙත දිනා දුන්නේ මොරටුව ආරක්ෂක වළල්ල සාර්ථකව තරණය කරමිනි. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (21-12)

අහිමි වූ A කාණ්ඩයේ ස්ථානය වෙනුවෙන් සටන් කරන විද්‍යා විද්‍යාලය

රග්බි ක්‍රීඩාවේ ස්වර්ණමය මතකයන් රැසකට හිමිකම් කියන විද්‍යා විද්‍යාලයීය රග්බි කණ්ඩායම, ඔවුන් අතින් ගිලිහී ගිය A කාණ්ඩයේ ගෞරවය…

ඒත් සමඟින් වේල්ස් කුමර ක්‍රීඩකයින් තරමක් ආරක්ෂාකාරී වුවද, ඔවුන් අවසන් මිනිත්තුව තෙක් සටන දියත් කරමින් උපක්‍රමශීලිව මහානාම ක්‍රීඩකයින් තම ග්‍රහණයට ගත්ත ද, තරගය අවසන් වන්නට මිනිත්තු කිහිපයක් තිබිය දී මහානාමයේ ඉදිරි පෙළ ක්‍රීඩක එම්. කාවින්ද තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය ද රොෂේන් සාර්ථක කර ගත්තේ තරගාවලියේ පළමු ජයග්‍රහණය මහානාම විද්‍යාලයට අත්කර දෙමිනි. (28-12)

අවසන් ලකුණු තත්වය: මහානාම විද්‍යාලය (4T 4C) 28 – 12 වේල්ස් කුමාර (2T 1C)

ThePapare.com තරගයේ වීරයා: තරිඳු දර්ශන (මහානාම විද්‍යාලය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

  • මහානාම විද්‍යාලය – තරිඳු දර්ශන 2T, තරුත් පබසර 1T, එම්. කාවින්ද 1T, රොෂේන් සුලෝචන 4C.
  • වේල්ස් කුමාර විද්‍යාලය – ජි. ඒ. වෙලගොඩ 1T, ඩී. තිලකරත්න 1T, එස්. ප්‍රනාන්දු 1C

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<