හයිද්‍රාබාත් අනුශූරතාවයට ඇද දමමින් චෙන්නායි IPL දිනති

153
2018 IPL Chennai Super Kings

ක්‍රිකට් ප්‍රිමියර් ලීග් තරගාවලි අතරින් ලොව ඉතාමත් ප්‍රසිද්ධියට පත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 11 වැනි අදියර ඊයේ (27) රාත්‍රියේ දී මුම්බායි හි වන්කඩේ ක්‍රිකට් පිටියේ දී නිමා වූයේ මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුතු චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට තෙවැනි වරටත් ශූරතාවය දිනා ගනිමිනි. එහි අනුශූරතාවය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට හිමි විය.

ශ්‍රී ලංකාව සමඟ හැප්පෙන කොදෙව් සංචිතය නිකුත් වේ

වමතින් පිත්ත හසුරුවන ඩෙවෝන් ස්මිත් වසර 3කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම…

කාසියේ වාසිය දිනා ගත් චෙන්නායි කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 131කට දැවී ගිය පසුව ශිකර් ධවාන් හා පිටියේ එක්වූ නායක කේන් විලියම්සන් දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 51ක සබඳතාවයක් එක කළේය.  

එහි දී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ විලියම්සන් පන්දු 36ක දී හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් සමඟ ලකුණු 47ක් රැස්කරමින් හයිද්‍රාබාද් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන් නමුත් අර්ධ ශතකය පෙනී පෙනී සිටිය දී දකුණතින් පා දඟපන්දු යවන කරන් ශර්මාගේ පන්දුවක් හමුවේ දෝනිගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් විලියම්සන් අනපේක්ෂිත ලෙස දැවී ගියේය.

ශිකර් ධවාන් ලකුණු 26කට දැවී ගිය අතර ෂකිබ් අල් හසන් ලකුණු 23යි. පළමුවෙන් පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 178ක් ලබා ගත් අතර හයිද්‍රාබාද් ඉනිමේ අවසන් පන්දුවාර කිහිපයේ දී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ දකුණතින් පිත්ත හසුරුවන යූසෆ් පතාන් පන්දු 25ක දී ලකුණු 45*ක් රැස්කළේ හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් සිය ලකුණු ගිණුමට එක් කරගනිමිනි.

පන්දු යැවීමේ දී චෙන්නායි කණ්ඩායමේ පන්දු යවන්න 5 දෙනෙකු අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 179ක ඉලක්කයක් හඹා ගිය චෙන්නායි සුපර් කිංස් ක්‍රීඩකයෝ කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය පහසුවෙන් හඹා ගිය අතර පන්දු 57ක දී හයේ පහර අටක් සහ හතරේ පහර එකොළහක් සමඟ ලකුණු 117*ක් රැස්කළ ශේන් වොට්සන් චෙන්නායි කණ්ඩායම ලැබූ ජයග්‍රහණයේ ප්‍රධාන මොළකරු බවට පත් විය. වොට්සන්ගේ එම ශතකය මෙවර අයි. පී. එල්. තරගාවලියේ දී ඔහු ලබා ගත් දෙවැනි ශතකය මෙන්ම අයි. පී. එල්. ඉතිහාසයේ ඔහු ලබාගත් සිව්වැනි ශතකය ද විය.

සුරේෂ් රයිනා සමඟ එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 57ක දී ලකුණු 117ක සබඳතාවයක් ගොඩනැගූ දකුණතින් පිත්ත හසුරුවන වොට්සන්, අම්බති රයිදු සමඟ එක්ව තුන්වන කඩුල්ල වෙනුවෙන් පන්දු 30ක දී ලකුණු 48ක සබඳතාවයක් ගොඩනංවමින් චෙන්නායි කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යන ලදි. පන්දු 24කට මුහුණ දුන් රයිනා හයේ පහරකින් සහ හතරේ පහර 3කින් සිය ඉනිම අලංකාරවත් කළ අතර පන්දු 19ක දී වාර්තා වූ රයිඳුගේ වේගවත් ඉනිමට එක් හයේ පහරක් හා එක් හතරේ පහරක් ඇතුළත් විය.

ICC, CID හා ශ්‍රී ලංකා ක්‍රිකට් තුනෙන් ම විශේෂ පරීක්ෂණ

ක්‍රිකට් ලෝකය කලඹමින් අල්ජසීරා මාධ්‍ය ආයතනය නිකුත් කළ ශ්‍රී ලංකාවේ තරග…

පන්දු යැවීමේ දී සංදීප් ශර්මා හා කාලෝස් බ්‍රාත්වෙයිට් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය. ඒ අනුව චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම හා මුම්බායි ඉන්දියන්ස් යන කණ්ඩායම් දෙකම IPL තරග ඉතිහාසයේ ශූරතා තුන බැගින් දිනාගෙන සමතැන පසුවේ.

සන්රයිසස් හයිද්‍රාබාද් – 178/6 (20): කේන් විලියම්සන් 47, යූසුෆ් පතාන් 45, ශිකර් ධවාන් 26.

චෙන්නායි සුපර් කිංග්ස් – 181/2 (18.3): ශේන් වොට්සන් 117*, සුරේෂ් රයිනා 32, අම්බති රයිඳු 16*.

  • තරගයේ වීරයා – ශේන් වොට්සන් (චෙන්නායි සුපර් කිංස්)
  • තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා – සුනිල් නාරයින් (කොල්කටා නයිට් රයිඩර්ස්)
  • තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා – කේන් විලියම්සන් (සන්රයිසස් හයිද්‍රාබාද්)
  • තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා – ඇන්ඩෘ ටයි (කිංස් ඉලෙවන් පංජාබ්)
  • තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා – රිශාබ් පන්ට් (දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<