බැඩ්මින්ටන්, වොලිබෝල් කණ්ඩායම් තරමක් හෝ දස්කම් අතරට

493

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ තරග පැවැත්වෙන පස්වැනි දිනය වන අද (23) දිනයේ ද ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තු රැසක් බිඳ වැටුණා.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුවක් වූ පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ අද උදෑසන ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ආසියානු ක්‍රීඩා උළෙලක පිහිනුම් අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලැබුවා.

මැතිව් ශ්‍රී ලංකා පිහිනුම් ඉතිහාසය අලුත් කරයි

ශ්‍රී ලංකා පිහිනුම් ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් පළමු වරට ආසියානු ක්‍රීඩා උළෙලක පිහිනුම් අවසන් තරගයක් සඳහා සුදුසුකම් ලබා ගන්නට මැතිව් අබේසිංහ සමත් වුනා. ඒ අද උදෑසන පැවති…

කෙසේ වෙතත් දැල්වුණු බලාපොරොත්තු පැය කිහිපයකට සීමා කරමින් මැතිව් අබේසිංහගේ පදක්කම් බලාපොරොත්තු බිඳ වැටුණේ මීටර 100 නිදහස් ආර අවසන් මහා තරගයේ හයවැනි ස්ථානයෙන් (තත්පර 49.28) ඔහුට සෑහීමට පත්වීමට සිදු වූ නිසයි.

දිනය ආරම්භයේ දී අකලංක පීරිස් මීටර 50 සමනළ ආර මූලික වටයේ තෙවන තේරීම් තරගයේ දෙවන ස්ථානය (තත්පර 25.20) දිනා ගත් අතර චෙරන්ත ද සිල්වාගේ ආසියානු ක්‍රීඩා උළෙල හමාර වූයේ එම ඉසව්වේම සිව්වැනි තේරීම් තරගයේ අටවන ස්ථානයෙන් (තත්පර 25.36) සෑහීමට පත්වීමට ඔහුට සිදු වූ නිසයි. අකලංක පීරිස් මීටර 200 පසුපස ආර ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට අසමත් වූ අතර ඔහු ඉසව්ව නිමා කළේ දෙවන තේරීම් තරගයේ හයවැන්නා (තත්පර 2:12.14) ලෙසයි.

මේ අතර කාණ්ඩ මට්ටමේ සිය අවසන් තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩායම කොරියාව හමුවේ ලකුණු 33-22ක් ලෙස පරාජය ලැබුවා. ඒ අනුව සහභාගී වූ තරග හතරෙන් තරග තුනක් පරාජය වූ ශ්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩායම පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වුනා.

දැල්වූ බලාපොරොත්තු එසැණින් සුන් වූ සිව්වැනි දිනය

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ තරග පැවැත්වෙන සිව්වැනි දිනය අදයි (22). අද දිනයේ ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන් බොහෝ දෙනෙකුගේ අවධානය වඩාත් යොමු…

ප්‍රබල ශ්‍රී ලංකා ස්කොෂ් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම අද තරග බිමට පිවිසුනත් ඔවුන්ට ද අද දිනය සුබදායක වුණේ නැහැ. කාන්තා කේවල ඉසව්වෙන් මිහිලියා මෙත්සරණි ද, පිරිමි කේවල ඉසව්වෙන් ශාමිල් වකීල්, රවිඳු ලක්සිරි හා ෆාතොම් ඉසදීන්ට ද 32ගේ වටයෙන් තරගාවලියෙන් ඉවත් වන්නට සිදු වුනා.

දිනය පුරා බලාපොරොත්තු රැසක් බිඳ වැටුනත් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නම් යම්තාක් දුරට සාර්ථක වීමට සමත් වුනා.

කාන්තා කේවල ඉසව්ව සඳහා තරග කළ කවිඳි සිරිමාන්නගේ සවුදි අරාබියේ Shatha Almutairi, වට 2-0ක් ලෙස පරාජය කරමින් අවසන් 32 වටයෙන් ඉදිරියට යාමට සමත් වූ අතර ඇය පූර්ව-අර්ධ අවසන් පූර්ව වටයේ දී එළඹෙන 25 වැනිදා තායිලන්ත ක්‍රීඩිකා Nitchaon Jindapol හමුවීමට නියමිතයි. තිළිණි හෙන්දහේවා සිය 32ගේ වටයේ තරග පරාජය වූ අතර ඒ අනුව ඇයට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වනු ඇත.

ජයග්‍රහණයේ ඉඩෝරයට චමරිගෙන් පැන් පොදක්

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ තරග පැවැත්වෙන තුන් වන දිනය ශ්‍රී ලංකාවට කිසිසේත්ම සුබදායී දිනයක් නොවීය. පරාජයන් ගොන්නකින් ශ්‍රී ලංකා…

කෙසේ නමුත් කාන්තා යුගල ඉසව්වේ දී කවිඳි සිරිමාන්නගේ  හා තිළිණි හෙන්දහේවා හට චීනයේ Tang Jinhua හා Zheng Yu හමුවේ 32ගේ වටයෙන් ඉවත් වීමට සිදු වුනා.

පිරිමි යුගල ඉසව්වෙන් සචින් ඩයස් හා බුවනෙක ගුණතිලක චීන ක්‍රීඩකයින් දෙපලක් පරාජය කරමින් පූර්ව-අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර ඔවුන් දෙදෙනා එළඹෙන 25 වැනිදා පකිස්තාන ක්‍රීඩකයින් වන රිස්වාන් අසාම් හා සුලේරි කාශිෆ් හමුවනු ඇත.

අත්දැකීම් බහුල නිලූක හා දිනුක කරුණාරත්න කොරියාවේ Solgyu Choi හා Minhyuk Kang හමුවේ 32නාගේ වටයෙන් ඉවත් වූයේ සියලු දෙනාගේ බලාපොරොත්තු සුන් කරමිනි.         

වියට්නාම් ක්‍රීඩකයින් යුගලක් හමුවේ මිශ්‍ර යුගල ඉසව්වේ අවසන් 32 වටයෙන් ඉවතට යෑමට සචින් ඩයස් හා තිළිණි හෙන්දහේවා හට සිදු වුනා.

ටයිකොන්ඩෝ ඉසව්වෙන් අවසන් ලකුණු 14-18ක් ලෙස පාකිස්තාන ක්‍රීඩිකා සාඩි සිද්‍රා පරාජය කළ කල්පනී විජේරත්න කිලෝග්‍රෑම් 49 බර පන්තියෙන් 16 දෙනාගේ වටයේ ජය හිමිකරගන්නට සමත් විය. අනතුරුව ඇය අර්ධ අවසන් පූර්ව වටයේ දී ජපානයේ මයාඩා මියු හා තරග වැදුණු අතර අවාසනාවන්ත ලෙස අවසන් ලකුණු 8-32 ක් ලෙස ඇයට සිදු වූයේ තරගාවලියෙන් ඉවත් වීමටයි.   

බීච් වොලිබෝල් ඉසව්වෙන් අද සිය අවසන් පළමු වටයේ තරගයට සහභාගී වූ අසංක ප්‍රදීප් කුමාර හා මිලන්ත යාපා කටාර් ක්‍රීඩකයින් හමුවේ වට 2-0 ක් ලෙස පරාජය වූ අතර ඒ අනුව ඔවුන් දෙදෙනා B කාණ්ඩයේ තෙවන ස්ථානයට පත්විය. ඔවුන් සිය පළමු තරගයේ දී කසකස්තානය හමුවේ පරාජය වූ අතර දෙවන තරගයේ දී දකුණු කොරියාව පරාජය කරන්නට සමත් විය. ඒ අනුව ඔවුන්ට 16 දෙනාගේ වටයේ ස්ථානය අහිමිවී ගියේය.    

අද සවස ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම තායිලන්තය හමුවේ ලකුණු 3-14ක් ලෙස පරාජයට පත් විය.

පරාජයන් පිරුණු දිනකට යම් ජීවයක් ගෙනෙමින් සුපිරි දක්ෂතා පෙන්වමින් වියට්නාමය වට 3-0ක් ලෙස පරාජය කරන්නට ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම සමත් වුනා. මේ තරගයට පෙර තියුණු සටනකට පසු ඔවුන් තායිලන්තය හමුවේ පරාජය වූ අතර මීළඟට ඔවුන් චීනය හමුවීමට නියමිතයි.    

හෙට දිනයේ දී (24) දිනුක හා නිලූක කරුණාරත්න සහෝදරයින් යුගල බැඩ්මින්ටන් කේවල ඉසව් සඳහා තරග වදින අතර කාන්තා බොක්සිං ක්‍රීඩිකා කෙශානි හංසිකා ද හෙට සටන් බිමට පිවිසෙනු ඇත. 2018 ආසියානු ක්‍රීඩා උළෙලේ සවිස්තර තොරතුරු සඳහා ද රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<