සචිත්‍ර, මාලිංග හා වැන්ඩර්සේ සුපිරි පන්දු යැවීමක

2262

සචිත්‍ර සේනානායක, ජෙෆ්රි වැන්ඩර්සේ හා ලසිත් මාලිංග යන ක්‍රීඩකයින් දක්ෂ පන්දු යැවීමක නිරත වූ  ඩිමෝ හා ටීජේ ලංකා අතර තරගය අද (21) උදෑසන කටුනායක නිදහස් වෙළඳ සංගම් ක්‍රිකට් පිටියේ දී අවසන් වූයේ, ටීජේ ලංකා කණ්ඩායමට කඩුලු 7ක ජයග්‍රහණයක් හිමි කර දෙමිනි.

MAS යුනිචෙලා දිනවන්නට මහේල උඩවත්තගෙන් ශතකයක්!

දිනෙන් දිනම උණුසුම් වන 25 වැනි වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ අද (20) ක්‍රියාත්මක වූ…

ඩිමෝ කණ්ඩායම් නායක නිසල තාරක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ද, එම තීරණය සතුටුදායක තීරණයක් බවට පත්කර ගැනීමට ඔවුන්ගේ පිතිකරුවන් හට නොහැකි විය.

එහි දී පිට දඟපන්දු යවන ක්‍රීඩක සචිත්‍ර, පා දඟපන්දු යවන ක්‍රීඩක වැන්ඩර්සේ හා මාලිංග දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් පිළිවෙළින් කඩුලු 4ක්, 3ක් හා 2ක් දවා ගන්නා ලදි. නමුත් ඩිමෝ පිලට යම් බලාපොරොත්තුවක් එක් කළ ප්‍රමුද් හෙට්ටිවත්ත නොදැවී ලකුණු 24*ක් රැස්කර ගැනීමට සමත් විය. රමේශ් මෙන්ඩිස් ද ප්‍රමුද් හට සහය වෙමින් ලකුණු 21ක් ලබා ගන්නා ලදි. අවසානයේ ඩිමෝ පිලට පන්දුවාර 24යි පන්දු 4ක් අවසානයේ සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 78ක් පමණි.

මෙම තරගයේ පළමු ඉනිම අවසන් වූ පසුව තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. ලකුණු 79ක පහසු ඉලක්කයක් හඹා යාමේ අරමුණ ඇතිව පිටියට අවතීර්ණ වූ ටීජේ ලංකා පිල එම ඉලක්කය පන්දුවාර 14යි පන්දු 4ක් තුළ සපුරා ගැනීමට සමත් විය. එහි දී චරිත් අසලංක ලකුණු 31ක් රැස්කර ගන්නා ලදි.  පන්දු යැවීමේ දී ඩිමෝ නායක නිසල ලකුණු 43කට කඩුලු 2යි.

ඩිමෝ – 78/10 (24.4): ප්‍රමුද් හෙට්ටිවත්ත 24*, රමේශ් මෙන්ඩිස් 21, සචිත්‍ර සේනානායක 4/10, ජෙෆ්රි වැන්ඩර්සේ 3/25, ලසිත් මාලිංග 2/10.

ටීජේ ලංකා – 79/3 (14.4): චරිත් අසලංක 31, නිසල තාරක 2/43.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට