ආසියානු යොවුන් තරගාවලියට යන ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතය නම් කෙරේ

208

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය හා තේරීම් කමිටුව විසින් ජපානයේ පැවැත්වෙන ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවලිය සඳහා සහභාගී වීමට ක්‍රීඩිකාවන් විසිදෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබේ.

සිව්කොන් දැල්පන්දු සංග්‍රාමයකට ශ්‍රී ලංකාවෙන් සත්කාරකත්වය

ශ්‍රී ලංකා ජාතික දැල් පන්දු කණ්ඩායම, ශ්‍රී ලංකා යොවුන් දැල් පන්දු කණ්ඩායම, මැලේසියාව හා කෙන්යාව…….

11 වැනි ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවලිය එළඹෙන ජුනි 29 වැනිදා සිට 07 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් ඊට පෙර ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් අද (8) සිට 12 වැනිදා දක්වා කොළඹ දී සිව්කොන් දැල්පන්දු තරගාවලියකට එක් වන්නේ ජාතික කණ්ඩායම ද එළඹෙන ජූලි මස පැවැත්වෙන දැල්පන්දු ලෝක කුසලානයට සූදානම් වන පසුබිමකයි.

ශ්‍රී ලංකාව 1998, 2002 හා 2015 යන වසරවල යොවුන් දැල්පන්දු ශූරතා ජයග්‍රහණය කර ඇති අතර පස් වතාවක් (2004, 2006, 2008, 2010 and 2013) අනුශූරතාව දිනා ඇත. අවසන් වරට කොරියාවේ දී පැවති 2017 ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට හිමි වූයේ සිව්වැනි ස්ථානයයි.

පසුගිය වසර අවසානයේ ක්‍රීඩිකාවන් 60 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් තෝරාගත් අතර පසුගිය පෙබරවාරියේ දී ක්‍රීඩිකාවන් 38ක් හා පසුගිය සතියේ දී ක්‍රීඩිකාවන් විස්සක් බැගින් ශ්‍රී ලංකා සංචිතය තෝරා ගන්නා ලදි.

දැල්පන්දු සම්මේලනය හා ක්‍රීඩා අමාත්‍යංශය එක්ව මලිඳු කුමාරි ගමගේ මහත්මිය යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිණිය ලෙස තෝරාගත් අතර පසුගිය වසරේ සිව්කොන් දැල්පන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකා දැල්පන්දු සංවර්ධන කණ්ඩායම පුහුණු කළ පුහුණුකරුවන් සිව් දෙනාට ද ඇය ඇතුළත් විය.

සංචිතයට විශාඛා විද්‍යාලයෙන් ක්‍රීඩිකාවන් පස් දෙනෙක් ඇතුළත්ව ඇති අතර ප්‍රෙස්බටේරියන් බාලිකා විද්‍යාලයෙන් ක්‍රීඩිකාවන් තිදෙනෙක් හා කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන්, නාවික හමුදා ක්‍රීඩා සමාජයෙන්, කාන්තා විද්‍යාලයෙන්, ගේට්වේ විද්‍යාලයෙන් හා සෙලාන් බැංකුවෙන් ක්‍රීඩිකාවන් දෙදෙනෙක් බැගින් කණ්ඩායමට ඇතුළත්.

ක්‍රිකට් සහ දැල්පන්දු සංසන්දනය කරන්න එපා – තිලකා ජිනදාස

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම පසුගිය වසරේ දී ආසියානු ශූරතාවය දිනා ගැනීමෙන් අනතුරුව මේ වන විට…….

2017 ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවලියට හා 2017 යොවුන් දැල්පන්දු ලෝක කුසලානයට ද සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් බහුලතම ක්‍රීඩිකාව තරුෂි ඉලංගරත්නයි. නතාෂා අලුවිහාරේ, මෙලනි විජේසිංහ හා සෙත්මි දනොෂි ද යොවුන් දැල්පන්දු ලෝක කුසලානයට සහභාගී වූ අතර බිමන්‍යා රත්නායක හා ගන්යා සේනානායක ද යොවුන් ලෝක කුසලානයට නම් වූ ක්‍රීඩිකාවන් 21 දෙනාගේ සංචිතයට ඇතුළත්ය.

විසි දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතය

තරුෂි ඉලංගරත්න (විශාඛා විද්‍යාලය), චිරානි පෙරේරා(විශාඛා විද්‍යාලය), දිලානි පෙරේරා (විශාඛා විද්‍යාලය), නතාෂා අලුවිහාරේ (විශාකා විද්‍යාලය), මෙලනි විජේසිංහ (විශාඛා විද්‍යාලය), තරුෂි පෙරේරා (ප්‍රෙස්බටේරියන් බාලිකා විද්‍යාලය), කාවින්දි පෙරේරා (ප්‍රෙස්බටේරියන් බාලිකා විද්‍යාලය), රශ්මි අංජලිකා (ප්‍රෙස්බටේරියන් බාලිකා විද්‍යාලය), සෙත්මි දනොෂි (ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය), සජිනි රත්නායක (ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය), දහමි විමර්ශනා (නාවික හමුදාව), ඉමාෂා පෙරේරා (නාවික හමුදාව), ගන්යා සේනානායක (කාන්තා විද්‍යාලය), බිමන්‍යා රත්නායක (කාන්තා විද්‍යාලය), විශ්මිකා රත්නායක (ගේට්වේ විද්‍යාලය), අනිෂා පෙරේරා (ගේට්වේ විද්‍යාලය), සජලි හෙට්ටිආරච්චි (සෙලාන් බැංකුව), දිමිත්‍රි ගුනියන්ගොඩ (සෙලාන් බැංකුව), දේවනා රන්දෙණි (කළුතර බාලිකා විද්‍යාලය), ලියාරා මලමි (සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<