ශ්‍රී ලාංකිකයින් 18ක් IPL වෙන්දේසියට; මැතිව්ස්ට කෝටි 2යි!

4106

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන 27 සහ 28 දෙදින ඉන්දියාවේ බෙන්ගලූරු නුවර දී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඉදිරිපත්ව ඇති ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් ගණන 18කි.

ශ්‍රී ලංකා – පාකිස්තාන සුසංයෝගය ගාලු ක්‍රීඩකයෝ අඩපණ කරයි

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දෙවැනි දිනයට බේල්ස් එසවුණ ගාල්ල ක්‍රිකට් සමාජය සහ පානදුර ක්‍රීඩා සමාජය අතර තරගයේ දී පානදුර ක්‍රීඩා…

මේ සඳහා මුලින් නම් කෙරුණු ක්‍රීඩකයින් අතරින් අවසන් වෙන්දේසි ලැයිස්තුව සඳහා තෝරාගෙන ඇත්තේ ක්‍රීඩකයින් 578 දෙනෙක් පමණක් වන අතර ඒ අතරින් 360 දෙනෙක් ඉන්දියානු ජාතිකයින් වෙද්දී ඉතිරි ක්‍රීඩකයින් 218 විදෙස් ක්‍රීඩකයින් වේ.

තරගාවලිය සඳහා ඉදිරිපත් වන කණ්ඩායම් 8 විසින් ක්‍රීඩකයින් 18 දෙනෙක් මේ වන විට තවදුරටත් රඳවා ගැනීමට තීරණය කර ඇති අතර එක් කණ්ඩායමක් සඳහා ලබාගත හැකි උපරිම ක්‍රීඩකයින් ගණන 25කි. ඒ අනුව අවසන් වෙන්දේසිය සඳහා ඉදිරිපත් වන ක්‍රීඩකයින් 578 දෙනා අතරින් වෙන්දේසි විය හැක්කේ ක්‍රීඩකයින් 182 දෙනෙකුට පමණි.

ඒ අනුව වෙන්දේසිය සඳහා ඉදිරිපත් වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් අතරින් ඇන්ජෙලෝ මැතිව්ස්ගේ අවම ලංසුව ඉන්දියානු රුපියල් කෝටි 2ක් වන අතර මෙවර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මුදාහරින ලද ලසිත් මාලිංගගේ අවම ලංසුව ඉන්දීය රුපියල් කෝටි 1කි. වෙන්දේසිය සඳහා ඉදිරිපත් වන අනෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 16 දෙනාගේම අවම ලංසුව ඉන්දීය රුපියල් ලක්ෂ 50ක් වේ.

අදාළ ක්‍රීඩකයින් විශේෂත්වයක් දක්වන අංශය පදනම් කර ගනිමින් වෙන්දේසි කරනු ලබන සියලුම ක්‍රීඩකයින් කොටස් 4කට බෙදා දක්වා ඇත.

ආර්. අශ්වින්, ගෞතම් ගාම්භීර්, ශිකර් ධවාන්, අජින්ක්‍ය රහානේ, හර්බජාන් සිං, යුවරාජ් සිං, ක්‍රිස් ගෙල්, බෙන් ස්ටෝක්ස්, කේන් විලියම්සන්, ග්ලේන් මැක්ස්වෙල්, ජෝ රූට්, මිචෙල් ස්ටාර්ක්, ෆැෆ් ඩු ප්ලෙසි, ඩ්වේන් බ්‍රාවෝ, කිරන් පොලාඩ් සහ ශකීබ් අල් හසන් වැනි ජාත්‍යන්තර ක්‍රීඩකයින් රැසක් එහි දී වෙන්දේසි වීමට නියමිත අතර ඔවුන් සැමගේ අවම ලංසුව වන්නේ ඉන්දීය රුපියල් කෝටි 2කි.

IPL තරගාවලියේ 11 වන අදියර එළඹෙන අප්‍රේල් මස 4 වන දින ආරම්භ වීමට නියමිත අතර එය මැයි මස 31 වන දා දක්වා පැවැත්වෙනු ඇත.

IPL ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයෙක් තෝරා ගන්න කලින් ගොඩක් උපාය මාර්ග සැකසීම සිදු වෙනවා. මේ වෙන්දේසියේ තියෙන විවිධත්වය නිසා ඒක ගොඩක් අවිනිශ්චිතයි වගේම උණුසුම්.” ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සභාපති රජීව් ශුක්ලා අදහස් දක්වමින් පැවසීය.

ඒ අනුව ක්‍රීඩකයින් 36 දෙනෙක් ඉන්දීය රුපියල් කෝටි 2ක අවම ලංසුවක් යටතේ වෙන්දේසි වීමට නියමිත ය. ක්‍රීඩකයින්ගේ අවම ලංසු වර්ගීකරණය පහත පරිදි වේ.

අවම ලංසුව (ඉන්දීය රුපියල්) සම්පූර්ණ ක්‍රීඩකයින් ගණන ඉන්දීය ක්‍රීඩකයින් විදෙස් ක්‍රීඩකයින්
කෝටි දෙක 36 13 23
කෝටි 1.5 32 5 27
කෝටි 1 31 9 22
ලක්ෂ 75 23 5 18
ලක්ෂ 50 122 30 92
අවම ලංසුව (ඉන්දීය රුපියල්) සම්පූර්ණ ක්‍රීඩකයින් ගණන ඉන්දීය ක්‍රීඩකයින් විදෙස් ක්‍රීඩකයින්
ලක්ෂ 40 14 8 6
ලක්ෂ 30 17 10 7
ලක්ෂ 20 303 280 23

IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්

  1. ඇන්ජෙලෝ මැතිව්ස් – අවම ලංසුව – කෝටි 2 (ඉන්දීය රුපියල්)
  2. ලසිත් මාලිංග – අවම ලංසුව – කෝටි 1 (ඉන්දීය රුපියල්)
  3. නිරෝෂන් දික්වැල්ල – අවම ලංසුව – ලක්ෂ 50 (ඉන්දීය රුපියල්)
  4. කුසල් පෙරේරා – අවම ලංසුව – ලක්ෂ 50 (ඉන්දීය රුපියල්)
  5. අකිල ධනංජය – අවම ලංසුව – ලක්ෂ 50 (ඉන්දීය රුපියල්)
  6. ලක්ෂාන් සඳකැන් – අවම ලංසුව – ලක්ෂ 50 (ඉන්දීය රුපියල්)
  7. සචිත්‍ර සේනානායක – අවම ලංසුව – ලක්ෂ 50 (ඉන්දීය රුපියල්)
  8. උපුල් තරංග – අවම ලංසුව – ලක්ෂ 50 (ඉන්දීය රුපියල්)
  9. අසේල ගුණරත්න – අවම ලංසුව – ලක්ෂ 50 (ඉන්දීය රුපියල්)
  10. තිසර පෙරේරා – අවම ලංසුව – ලක්ෂ 50 (ඉන්දීය රුපියල්)
  11. දිල්ශාන් මුණවීර – අවම ලංසුව -ලක්ෂ 50 (ඉන්දීය රුපියල්)
  12. සීක්කුගේ ප්‍රසන්න – අවම ලංසුව -ලක්ෂ 50 (ඉන්දීය රුපියල්)
  13. දසුන් ශානක – අවම ලංසුව -ලක්ෂ 50 (ඉන්දීය රුපියල්)
  14. දුෂ්මන්ත චමීර – අවම ලංසුව -ලක්ෂ 50 (ඉන්දීය රුපියල්)
  15. නුවන් කුලසේකර – අවම ලංසුව -ලක්ෂ 50 (ඉන්දීය රුපියල්)
  16. සුරංග ලක්මාල් – අවම ලංසුව -ලක්ෂ 50 (ඉන්දීය රුපියල්)
  17. ධනංජය ද සිල්වා – අවම ලංසුව -ලක්ෂ 50 (ඉන්දීය රුපියල්)
  18. ඉසුරු උදාන – අවම ලංසුව -ලක්ෂ 50 (ඉන්දීය රුපියල්)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<