යුපුන් බෙල්ජියමේ දී තවත් ජයක් කරා!

Continental Tour Bronze Night Of Athletics 2025

6

බෙල්ජියමේ දී ඊයේ (19) පැවැත්වුණු Continental Tour Bronze Night Of Athletics මලල ක්‍රීඩා තරගාවලියේ දී විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් වුනා.

මෙහි දී මීටර් 100 පිරිමි ධාවන ඉසව්වට සහභාගී වූ යුපුන් විසින් තත්පර 10.03ක තරග නිමි කාලයක් වාර්තා කිරීමට සමත් වීම විශේෂත්වයක්.

මෙහි දී තරගය පැවැත්වූ වේලාවේ සුළඟේ වේගය +4.7ක් ලෙස සටහන් වී තිබුණා. මෙය යුපුන්ගේ ධාවනයට තරමක පහසුවක් ගෙන දුන් බව වටහා ගත හැකි.

ඉසව්වට සහභාගී වූ ධාවකයින් හත් දෙනා අතුරින් යුපුන් ප්‍රථම ස්ථානය හිමි කර ගනිද්දී, දෙවැනි ස්ථානයට පැමිණි ක්‍රීඩකයා වාර්තා කළ කාලය තත්පර 10.17ක් ලෙසයි සටහන් වුනේ.

මෙය යුපුන් විසින් මෑත කාලීන ව වාර්තා කරන ලද හොඳම ධාවන කාලයක් ලෙස සැලකිය හැකි. සුළඟේ වේගය සමඟ වුව ද මෙම ධාවන කාලය ඔහුගේ ඉදිරි ධාවන ඉසව් වෙනුවෙන් ඉහළ ජවයක් ලබා දෙනු ඇති බව අනුමාන කළ හැකි.

දිනෙන් දින උණුසුම් වන දෙස්, විදෙස් මලල ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට Thepapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<