ඉන්දියාවේ Guwahati හි පැවැත්වෙන ලෝක කනිෂ්ට බැඩ්මින්ටන් ශූරතාවලියේ ශ්‍රි ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයන් අතුරින් ඉහළ ම දක්ෂතාව දැක් වීමට රනිත්මා ලියනගේ සමත් වූවා.
රනිත්මා තමන් සහභාගී වූ කාන්තා ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා පිවිසීමට සමත් වූ අතර එම වටයේ දී ඇයගේ ප්‍රතිවාදිනිය වූයේ කාන්තා ඒකල ලෝක කනිෂ්ට ශ්‍රේණිගත කිරීම් හී 118 වැනි ස්ථානයේ සිටින චීනයේ Liu Si Ya. එම ඉසව්වේ දී රනිත්මා ලියනගේ ට තරගවට 2-0ක පරාජයකට මුහුණ දීමට සිදු වෙනවා.
25 වැනි වරටත් පැවැති මෙම තරගාවලිය නියෝජනය කරමින් මෙවර රටවල් 36ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඊට සහභාගි වුණා. එහි දී කාන්තා ඒකල, පිරිමි ඒකල, කාන්තා යුගල, පිරිමි යුගල, මිශ්‍ර යුගල සහ කණ්ඩායම් යන ඉසව්වලින් තරගාවලිය පැවැත් වුණා.
- ඕස්ට්‍රේලියානු දිය කිඳුරිය හදිසියේ ක්‍රීඩාවට සමුදෙයි!
- කාන්තා කණ්ඩායම ලෝක ශූරතාවලියට සුදුසුකම් ලබයි
- Cabo Verde පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය වෙනස් කරයි!
- අධික වැසි මැද්දේ ලෝක ශූරතාවට සාර්ථක අවසානයක්
- බේස්බෝල් ශූරතාව ආනන්ද විද්‍යාලයට
තරගාවලියට එක් වූ ශ්‍රී ලංකාවේ එක් එක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ තරගවල ප්‍රතිඵල
රනිත්මා ලියනගේ (කාන්තා ඒකල)
- හොං කොං රාජ්‍යයේ IP Sum Yau , 15/6ක් සහ 15/10ක් ලෙසින් පරාජය කරන ලදි.
- මැලේසියාවේ Ler Qi Eng, 15/9ක් සහ 15/12ක් ලෙසින් පරාජය කරන ලදි.
- ඉන්දියාවේ Rakshitha Sree Santhosh Ramraj, 15/11ක් සහ 15/9ක් ලෙසින් පරාජය කරන ලදි.
අර්ධ අවසන් පූර්ව වටය
- චීනයේ Liu Si Ya වෙතින් 9/15ක් සහ 6/15ක පරාජයකට මුහුණ දීමට සිදු වූවා.
බෙනුරි ජනාංග විද්‍යාතිලක (කාන්තා ඒකල)
- නේපාලයේ Dilasha Rana 15/10ක් සහ 15/9 2-0ක් ලෙසින් පරාජය කරන ලදි.
- ඇමෙරිකාවේ Alice Wang වෙතින් 5/15ක් සහ 7/15ක පරාජයකට මුහුණ දීමට සිදු වූවා.
දුලන්‍යා කරුණාරත්න (කාන්තා ඒකල)
- ඊජිප්තුවේ Malayka Mohamed 15/8ක් සහ 15/10ක් ලෙසින් පරාජය කරන ලදි.
- ඇමෙරිකාවේ Micah Henares Cruz වෙතින් 5/15ක් සහ 15/3ක පරාජයකට මුහුණ දීමට සිදු වූවා.
කෙනත් අරුග්ගොඩ (පිරිමි ඒකල)
- ඕස්ට්‍රේලියාවේ Shrey Dhand වෙතින් 7/15ක් සහ 12/15ක පරාජයකට මුහුණ දීමට සිදු වූවා.
තිසත් රූපතුංග (පිරිමි ඒකල)
- හංගේරියාවේ Balazs Csernyanszki 11/15ක්, 15/8ක් සහ 15/11ක් ලෙසින් පරාජයට පත් කරන ලදි.
- ඉන්දියාවේ Rounak Chouhan වෙතින් 3/15ක් සහ 6/15ක පරාජයකට මුහුණ දීමට සිදු වූවා.
තිදස වේරගොඩ (පිරිමි ඒකල)
- මැලේසියාවේ Boon Le LIM 4/15ක්, 15/8ක් සහ 17/15ක් ලෙසින් පරාජජයට පත් කරන ලදි.
- ඩෙන්මාර්කයේ Frederik Hinding වෙතින් 11/15ක්, 16/14ක් සහ 3/15ක පරාජයකට මුහුණ දීමට සිදු වූවා.
සඳති හේවාගාල්ලගේ සහ පවනි ඉලේපෙරුමආරච්චි (කාන්තා යුගල)
- ස්ලෝවැකියාවේ Ella Eliaskova සහ Charlotta Halova, 17/15ක්, 12/15ක් සහ 15/8ක් ලෙසින් පරාජයට පත් කරන ලදි.
- මැලේසියාවේ Nicole Chau සහ Xin Ying Teh වෙතින් 2/15ක් සහ 7/15ක් ලෙස පරාජයකට මුහුණ දීමට සිදු වූවා.
දිලිනි අම්බලන්ගොඩගේ සහ රනුමි මානගේ (කාන්තා යුගල)
- චීනයේ Liang Yu En සහ Shi Si Chen වෙතින් 7/15ක් සහ 6/15ක පරාජයකට මුහුණ දීමට සිදු වූවා.
තේජන හේරත් සහ මිහිල ජයවීර (පිරිමි යුගල)
- චීනයේ Feng Yi Lang සහ Wei Jian Zhen වෙතින් 5/15ක් සහ 7/15ක පරාජයකට මුහුණ දීමට සිදු වූවා.
සනුද ආරියසිංහ සහ තිසත් රූපතුංග (පිරිමි යුගල)
- පෝලන්තයේ Pawel Kiszczyk සහ Damian Perkowski, 16/14ක් සහ 15/12ක් ලෙසින් පරාජය කරන ලදි.
- ස්ලොවෙනියාවේ Matic Cerar සහ Nikita Peshekhonov, 15/12ක් සහ 15/7ක් ලෙසින් පරාජය කරන ලදි.
- ඉන්දුනීසියාවේ Alexius Ongkytama Subagio සහ Aquino Evano Keneddy Tangka වෙතින් 9/15ක් සහ 5/15ක පරාජයකට මුහුණ දීමට සිදු වූවා.
තිසත් රූපතුංග සහ රනුමි මානගේ (මිශ්‍ර යුගල)
- නේපාලයේ Suprim Panta සහ Dilasha Rana, 15/9ක් සහ 15/11 ලෙසින් පරාජය කරන ලදි.
- හොංකොං රාජ්‍යයේ Cheng Sai Shing සහ Chu Wing Chi වෙතින් 9/15ක් සහ 10/15ක් ලෙස පරාජයකට මුහුණ දීමට සිදු වූවා.
සනුද ආරියසිංහ සහ පවනි ඉලේපෙරුමආරච්චි (මිශ්‍ර යුගල)
- එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Adithya Kiran සහ Sakshi Kurbkhelgi වෙතින් 6/15ක් සහ 11/15ක් ලෙසින් පරාජයකට මුහුණ දීමට සිදු වූවා.
කෙනෙත් අරුක්ගොඩ සහ රනිත්මා ලියනගේ (මිශ්‍ර යුගල)
- සිංගප්පූරුවේ NG Ming Zhe සහ Zheng Yan Li වෙතින් 15/12, 8/15ක් සහ 13/15ක් ලෙස පරාජයකට මුහුණ දීමට සිදු වූවා.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<