ආරක්ෂක සේවා තරගාවලියේ සිව්වැනි තැන ලංකාවට

599
World Defense Volleyball Championship 2016
ශ්‍රී ලංකාව චීනය සමඟ පැවති තරගයෙන් ජයග්‍රහණය කල අවස්තාව

35 වැනි ලෝක ආරක්ෂක සේවා වොලිබෝල් ශූරතාවලිය පසුගිය ඉරිදා නිමාව දුටුවේ ශ්‍රී ලංකාවට සිව්වැනි ස්ථානය උරුම කර දෙමිනි. රටවල් 10 සහභාගීත්වයෙන් දින 9ක් පුරා ඉරාණයේ ටෙහෙරාන් නුවර පැවති ලෝක ආරක්ෂක සේවා වොලිබෝල් ශූරතාවලියට ශ්‍රී ලංකාව සහභාගී වූයේ ප්‍රථම වතාවට වන අතර කණ්ඩායමේ නායකත්වය දැරුවේ නාවික හමුදා ක්‍රීඩක මොරිස් චාමින්ද විසිනි.

පසුගිය ලිපි: වොලිබෝල් ජාතික තරගාවලිය ලබන මාසයේ

B කාණ්ඩයෙන් තරග වැදුනු ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම තරගයේදි, චීනය තරග වට 03 – 01 ලෙසින් පරාජය කල අතර දකුණු කොරියාව සහ ලෙබනනය අතර පැවති තරග වලින් තරග වට 03 – 00 ලෙස පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කෙසේ වෙතත් ඔවුන්ට B කාණ්ඩයේ වෙනිසියුලා කණ්ඩායමෙන් ප්‍රභල අභියෝගයක් එල්ල වුනු අතර එම තරගය නිමාවට පත්වූයේ තරග වට 03 – 02 ලෙස ලෙබනනයට පරාජය වෙමිනුයි.

B කාණ්ඩයේ ප්‍රමුඛයින් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසි අතර B කාණ්ඩයේ අනුශූරයන් වූයේ චීන කණ්ඩායමයි. A කාණ්ඩයේ ප්‍රමුඛයින් ලෙස ඉරාණය අවසන් පූර්ව වටයට පිවිසි අතර දකුණු කොරියාව අනුශූරතාවය දිනා ගනිමින් අවසන් පූර්ව වටයට පිවිසෙන ලදි.

පසුගිය සෙනසුරාදා පැවති පළමු අවසන් පූර්ව තරගයේදි ශ්‍රී ලංකාව, දකුණු කොරියාව සමඟ තරග වැදුනු එහිදි තරග වට 03 – 01 ලෙසින් ශ්‍රී ලංකාව පරාජයට පත්විය. දෙවැනි අවසන් පූර්ව තරගයේදි ඉරාණය තරග වට 03 – 00 ලෙසින් චීනය පරාජය කරමින් අවසන් මහා තරගයට පිවිසෙන ලදි.

ලෝකඩ පදක්කමක වෙනුවෙන් පැවති ශ්‍රී ලංකා – චීන තරගයෙන් ශ්‍රී ලංකාවට සිවුවැනි ස්ථානය හිමිවූයේ එම තරගයෙන් චීනය තරග වට 03 – 00 ලෙසින් ජයග්‍රහණය කල නිසාවෙනි. ඔවුන් තෙවැනි ස්ථානයට හිමිකම් කීය.

අවසන් මහා තරගය පසුගිය ඉරිදා ඉරාණය සහ දකුණු කොරියාව අතර පැවත් විය. එම තරගයෙන් තරග වට 03 – 00 ලෙස පහසු ජයක් ලබා ගත් ඉරාණ කණ්ඩායම ශූරතාවය ලබා ගන්නා ලදි. අනුශූරතාවය දකුණු කොරියාවට හිමිවිය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස ගුවන් හමුදාවේ සමන් චන්ද්‍රනාත් කටයුතු කල අතර සහාය පුහුණුකරු ලෙස ගුවන් හමුවේ ජගත් සේනාධීර කටයුතු කරන ලදි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට