මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා මේ වන විට සියලුම කණ්ඩායම්වල සංචිත නම් කොට අවසන්. ඒ සඳහා සහභාගී වන කණ්ඩායම් අතරින් නැගී එන කණ්ඩායමක් ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෑත කාලීනව කාගේත් අවධානයට ලක්වූ මාතෘකාවක් බවට පත් වී ඇත. නවක ක්‍රීඩකයින් රැසකින් සමන්විත මෙම ආධුනික කොදෙව් කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි හිමිව තිබෙන්නේ ජේසන් හෝල්ඩර් හටයි.
මෙවර ලෝක කුසලානය හිරු නොබසින අධිරාජ්‍යයට?
12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇරඹීම ………
කොදෙව්වන් මෙවර ලෝක කුසලාන තරගාවලියට පිවිසෙන්නේ හතළිස් වසරක් තිස්සේ තම කණ්ඩායමට සාක්ෂාත් කරගැනීමට නොහැකි වූ ලෝක කුසලාන සිහිනය මල්ඵලගන්වා ගැනීමේ ඒකායන අපේක්ෂාව පෙරදැරි කොටගෙනයි.
70 සහ 80 දශකවල ක්‍රිකට් ලොව ආධිපත්‍යය පැතිරවීමට සමත් වූ ආක්‍රමණශීලී කණ්ඩායමක් බවට පත් වූ කොදෙව්වෝ ලෝක කුසලාන දෙකක ශූරතාවයත් (1975, 1979), එක් ලෝක කුසලානයක අනුශූරතාවයත් (1983) හිමිකර ගැනීමට සමත් වූ කණ්ඩායමකි.
එහෙත් පසුකාලීනව ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව කඩාවැටීමකට ලක් වූ අතර නැවතත් ඔවුන් දක්ෂ නවක ක්‍රීඩකයන් රැසක එකතුවක් ඔස්සේ නැගී එන කණ්ඩායමක් ලෙස කෙමෙන් කෙමෙන් හිස ඔසවමින් සිටී.
ඔවුන් මෙවර ලෝක කුසලානයේ මූලික වටයේ දී පාකිස්ථානය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය, බංග්ලාදේශය, නවසීලන්තය, ඉන්දියාව ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය යන කණ්ඩායම් සමඟ අනුපිළිවෙළින් තරග වැදීමට නියමිතව සිටියි.

දශක දෙකකට ආසන්න කාලයක ජාත්‍යන්තර අත්දැකීම් සමුදායක් සහිත හතළිස් හැවිරිදි ගේල් මෙම ලෝක කුසලානයෙන් අනතුරුව සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට නියමිතව ඇත. පන්දු යවන්නන්ගේ විශාලතම භීතිකාවක් වන ගේල් මේ වන විට තම උපරිම දක්ෂතා අතර රැඳී සිටින්නේ පසුගිය එංගලන්ත තරගාවලියේ දී කලකට පසු ලකුණු අතරට ඒමත් සමඟ ලබාගත් පන්නරයත් සමඟිනි.
ගේල්ගේ ආරම්භක සහයකයා වන්නේ තවත් වමත් ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන හැකි එවින් ලෙවීස් ය. තවමත් ජාත්‍යන්තර පිටියට නවකයෙකු ලෙස හැඳින්විය හැකි ලෙවීස් කැපී පෙනෙන දක්ෂතාවයක් ඇති ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවෙකි. පසුගිය දිනවල ඔහු ලකුණු අතර නොමැති වීම හේතුවෙන් එක්දින කණ්ඩායමෙන් ඉවත් වී සිටිය ද ඔහුව ජෝන් කැම්බල්, සුනිල් අම්බ්‍රිස් සහ චන්දපෝල් හේම්රාජ් යන කොදෙව් දේශීය පිටියේ ඔහුට වඩා දස්කම් අතර සිටින ආරම්භක පිතිකරුවන් තිදෙනාටම ඉහළින් මෙම සංචිතයට තෝරාගෙන ඇත්තේ අනාගත ආයෝජනයක් ලෙස සහ ඔහුගේ දක්ෂතාවයන් මත කොදෙව් බලධාරීන් තබා ඇති මහත් විශ්වාසය හේතුවෙනි.
දකුණු අප්‍රිකානුවන්ට මෙවරත් අවාසනාව හරස් වේවි ද?
නොබෝ දිනකින් ඇරඹීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට්……..
නො.3 ස්ථානය හිමිව තිබෙන්නේ මේ වන විට තම දිවියේ හොඳම රිද්මයේ මෙන්ම වර්තමානයේ කොදෙව්වන්ගේ සාර්ථකම පිතිකරුවා බවට පත්ව තිබෙන දකුණත් පිතිකරු ෂායි හෝප් ය. කොදෙව් කණ්ඩායමේ කඩුලු රැකීමේ භූමිකාව ද හොබවන හෝප් වචනාර්ථයෙන්ම කොදෙව්වන්ගේ විශාලතම බලාපොරොත්තුව බවට මේ වන විට පත්ව ඇත්තේ ඔහුගේ මෑත කාලීන පිතිකරණ ස්ථාවරත්වය උපරිම තලයක රැඳී පවතින බැවිනි. එමෙන්ම මෙම කොදෙව් පිතිකරණ බලඇණියේ ලෙස වැඩිම පිතිකරණ සාමාන්‍යයක් (51.06) හිමි පිතිකරුවා වන්නේ ද හෝප් ය.

නො.5 පිතිකරණ ස්ථානයට හිමිකම් කියනු ලබන්නේ කොදෙව්වන්ගේ දිගු කාලීන ක්‍රිකට් සැලසුමේ විශාලතම පුරුක සහ අනාගත ආයෝජනය ලෙස හැඳින්විය හැකි වමත් පිතිකරු ෂිම්රන් හෙට්මයර් ය. ඔහු මෑතකාලීනව දක්වා ඇති ජාත්‍යන්තර දක්ෂතා පිළිබඳ සලකා බැලීමේ දී ඒ ගැන තවත් අටුවාටීකා පැවසීමට අවැසි නොවන්නේ මේ වන විට ඔහු සහභාගී වූ එක්දින ජාත්‍යන්තර තරග 25ක අල්පය තුළ ශතක 4ක් ම වාර්තා කිරීමට සමත් වූ බැවිනි.
මොවුන් පස් දෙනාට අමතරව සංචිතයේ අමතර පිතිකරුවෙකු ලෙස රැඳී සිටින්නේ තවත් වමත් ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන නිකොලස් පූරන් ය. තවමත් එක් ජාත්‍යන්තර තරගයකට පමණක් ක්‍රීඩා කර ඇති පූරන් මෙම සංචිතයේ සිටින අතිරේක කඩුලු රකින්නා ලෙස ද කටයුතු කරනු ලබයි.

මින් නො.6 ස්ථානය හිමිව තිබෙන්නේ කොදෙව් නායක ජේසන් හෝල්ඩර් හට ය. පන්දු යැවීම මූලික කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට මුලින් ම අවතීර්ණ වුණු හෝල්ඩර් මෑත කාලීනව පිතිකරණය මුල් කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු බවට කෙමෙන් කෙමෙන් පරිවර්තනය වී ඇත. දකුණත් පිතිකරුවෙකු සහ දකුණත් වේගපන්දු යවන්නෙකු ලෙස තම භූමිකාවට පණ පොවන හෝල්ඩර් මේ වන විට කොදෙව්වන් සතු ප්‍රබලතම තුරුම්පුවකි.
නො.7 ස්ථානයට හිමිකම් කියනු ලබන්නේ වර්තමාන ක්‍රිකට් ලෝකයේ අති ප්‍රවේගකාරීම පිතිකරුවෙකු ලෙස නම් දරා ඇති දකුණත් පිතිකරු ඇන්ඩ්‍රෙ රසල් ය. මේ වන විට ප්‍රතිවාදී පන්දු යවන්නන්ගේ විශාලතම භීතිකාවක් බවට පත් වී ඇති රසල් තරගයක් වෙනස් කිරීම සඳහා වුවද දක්ෂතාවයක් ඇති සුවිශේෂී ක්‍රීඩකයෙකි. පිතිකරණයට අමතරව පන්දු යැවීමෙන් ද කණ්ඩායමට ශක්තියක් වන රසල් දකුණත් වේගපන්දු යවන්නෙකු ලෙස ද දායකත්වයක් ලබා දෙනු ලබයි.

මේ අතරින් කාලෝස් බ්‍රැත්වේට් දකුණත් වේගපන්දු යැවීම මුල් කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන අතර ෆබ්රියන් ඇලන් වමත් දඟපන්දු යැවීම මුල් කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. මොවුන් දෙදෙනාම දකුණත් පිතිකරුවන් වන අතර මින් කාලෝස් බ්‍රැත්වේට් ලොව පුරා ක්‍රීඩාලෝලීන් අතර ප්‍රචලිත ප්‍රවේගකාරී පහළ මැදපෙළ පිතිකරුවෙකි. ෆබ්රියන් ඇලන් යනු අත්දැකීම් අඩු ක්‍රීඩකයෙකු වුවත් දේශීය පිටියේ ඉතා ඉහළින් දස්කම් දක්වා ඇති ක්‍රීඩකයෙකි.
කොදෙව්වන්ගේ නිත්‍ය දඟපන්දු යවන්නා වශයෙන් කටයුතු කරනු ලබන්නේ ඈශ්ලි නර්ස් ය. දකුණත් පිට දඟපන්දු යවන්නෙකු ලෙස වසර තුනක පමණ් කාලයක සිට එක්දින කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් දිනාගැනීමට සමත් වූ නර්ස් ගෙවීගිය කාල සීමාව අතරතුර ස්ථාවරව පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් විය. මීට අමතරව ඔහු නො.8 ස්ථානයේ පිතිකරණයේ යෙදෙමින් දකුණත් පිතිකරුවෙකු ලෙසින් කණ්ඩායමේ පහළ මැදපෙළට ද ශක්තියක් වන ක්‍රීඩකයෙකි.
බිලියන 1.37ක සිහින සමඟ සෙල්ලම් කරන ඉන්දියාව
එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ……….
කොදෙව්වන්ගේ වේගපන්දු බලඇණියේ ආරම්භක වේගපන්දු යවන්නා වශයෙන් පෙරමුණ ලබාගෙන සිටින්නේ දශකයකට වඩා වැඩි කාලයක ජාත්‍යන්තර අත්දැකීම් සහිත වේගපන්දු යවන්නෙකු වන කිමා රෝච් ය. දකුණත් වේගපන්දු යවන්නෙකු වන ඔහු කෙටි පන්දුවෙන්, පන්දුව ප්‍රතිදෝලනයෙන් සහ අමතර වේගයෙන් වැඩි වාසි ලබා ගන්නා ලොව නමක් දිනා සිටින වේග පන්දු යවන්නෙකි. නව පන්දුවෙන් මෙන්ම පරණ පන්දුවෙන් ද දස්කම් දැක්විය හැකි රෝච් ඉනිමේ අවසන් පන්දුවාර කිහිපයේ දී තම සුවිශේෂී යෝකර් පන්දුව මගින් ප්‍රතිවාදී පිතිකරුවන් හට අභියෝගයක් වන වේගපන්දු යවන්නෙකි.

රෝච් සහ තෝමස් දෙදෙනා සමඟ කණ්ඩායමේ තෙවැනි වේගපන්දු යවන්නා වීම සඳහා මේ වන විට ෂෙල්ඩන් කෝට්‍රල් සහ ෂැනෝන් ගැබ්රියල් අතර ද්වන්ද සටනක් නිර්මාණය වී ඇත.
මේ අතරින් කෝට්‍රල් වමත් වේගපන්දු යවන්නෙකු වන අතර ගැබ්රියල් දකුණත් වේගපන්දු යවන්නෙකු වේ. ඔවුන් දෙදෙනාම කොදෙව් දේශීය පිටියේ දශකයකට අධික අත්දැකීම් සම්භාරයක් සහිත ක්‍රීඩකයන් වුවද ජාත්‍යන්තර එක්දින පිටියේ අත්දැකීම් අඩු ක්‍රීඩකයන් වේ. එහෙත් මේ අතරින් ගැබ්රියල් කොදෙව් ටෙස්ට් කණ්ඩායමේ වසර 7ක ජාත්‍යන්තර අත්දැකීම් සහිත නිත්‍ය ටෙස්ට් පන්දු යවන්නෙකි.
මොවුන් දෙදෙනා අතරින් කෝට්‍රල් තරමක් වේගය අඩු පන්දු යවන්නෙකු වන අතර පන්දුව ඇතුළට දෝලනය කිරීම හා මද වේගී යෝකර් පන්දුවෙන් වැඩි වාසි ලබා ගන්නා පන්දු යවන්නෙකි. එහෙත් ගැබ්රියල් කෙටි පන්දුව හා පන්දුව පිටතට දෝලනය කිරීම මූලික කරගැනීම මගින් තම උපරිමයට පිවිසෙන පන්දු යවන්නෙකි.
සුවිශේෂී දක්ෂතා සහිත නවක මුහුණු රැසක් සමඟ මෙවර ලෝක කුසලානයට පිවිසෙන කොදෙව් කණ්ඩායම කිසිසේත් අවතක්සේරු කළ නොහැකි කණ්ඩායමකි. කොදෙව්වන් අනෙකුත් කණ්ඩායම් හා සාපේක්ෂව ගත් කළ තරමක් පසුපසින් සිටිය ද යම් පෙරළියක් ඇති කිරීමට හැකියාවක් ඇති කණ්ඩායමක් ලෙස අනුමාන කළ හැකි දස්කම් රාශියක එකතුවකි.
මෙම හේතු කාරණා සැලකිල්ලට ගත් විට ජේසන් හෝල්ඩර් ප්‍රමුඛ කොදෙව්වන් එළඹෙන ලෝක කුසලානයේ දී අනපේක්ෂිත ප්‍රබල කණ්ඩායම් අභිබවා ඉදිරියට පැමිණියහොත් එය මහා වික්‍රමයක් නොවන්නේ ඔවුන්ගේ නවකයින් මේ වන විටත් තම හැකියාව ලෝකය ඉදිරියේ සනාථ කරමින් මෑත කාලීනව ස්ථාවර ලෙස කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ බැවිනි. එබැවින් මෙවර ලෝක කුසලානයේ දී මෙම නැගී එන කොදෙව් කෝඩුකාරයන්ගේ පුනරාගමනය කෙසේ වේ දැයි ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ලෙස අප නෙත් අයා බලා සිටිමු.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<





















