ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂයින් සොයා යෑම වැඩසටහනේ තවත් එක් පරිච්ඡේදයක් සටහන් කරමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබනු “වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් ක්‍රිකට් ලීග් තරගාවලිය” හෙට (06) සිට එළඹෙන 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
විස්සයි විස්ස ආකෘතිය ඔස්සේ දින 9ක් පුරා පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය සඳහා Colombo South, Colombo North, Galle, Galle Outer, Kandy, Dambulla යන කණ්ඩායම් 6 සහභාගී වීමට නියමිතයි.
තරගාවලියේ කාලසටහන

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















