හඹා යන තරගයක දී ප්‍රතිවාදීන් අඩපණ කිරීමේ කලාව කලකට පසුව කදිමට පෙන් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව සමඟ එක් ව සිටින තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කිරීමට අද (04) සමත් වෙනවා.
ඉන්දියාව සමඟ අද කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති, තරගාවලියේ සිව් වැනි තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගන්නේ ඉන්දීය කණ්ඩායමකට එරෙහි ව වසර 7කට පසුව ලබා ගත් තරග ජයග්‍රහණයක් ලෙසිනුයි.
ඔවුන් අවසන් වරට ඉන්දීය කණ්ඩායමක් එක්දින ජාත්‍යන්තර තරගයක දී පරාජය කර තිබෙන්නේ 2018 වසරේ දී කටුනායක පැවැති තරගයකදීයි. එමෙන් ම 2000 වසරේ සිට ඇරඹි ශ්‍රී ලංකා – ඉන්දීය කාන්තා එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලැබූ තෙවැනි ජයග්‍රහණයයි මේ.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම
චමරි අතපත්තු (නායිකාව), හසිනි පෙරේරා, විශ්මි ගුණරත්න, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), හර්ෂිතා සමරවික්‍රම, දෙව්මි විහංගා, මල්කි මදාරා, සුගන්දිකා කුමාරි සහ ඉනෝකා රණවීර.
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම
Harmanpreet Kaur (නායිකාව), Pratika Rawal, Smriti Mandhana, Harleen Deol, Jemimah Rodrigues, Richa Ghosh (කඩුලු රකින්නිය), Deepti Sharma, Kashvee Gautam, Arundhati Reddy, Sneh Rana, Shree Charani.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ ඉන්දීය කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 275ක් ලබා ගත්තා.
එම ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 51ක සබඳතාවක් එක් කිරීමට Pratika Rawal සහ Smriti Mandhana සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව දීර්ඝ ඉනිමක් යන ලකුණු පහළ කළ ද Smriti Mandhana (18) දුවද්දී දැවී යෑමකට ගොදුරු කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.
ඒ සමඟ ම Pratika Rawal 2 වැනි කඩුල්ල ලෙසින් දවා ගැනීමට සත්කාරක ක්‍රීඩිකාවෝ සමත් වෙනවා. ඇය දැවී යන විට පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබා සිටියා.
අනතුරු ව Harleen Deol පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 4ක සමඟින් ලකුණු 29ක් ලබා සිටිය දී ද, නායිකා Harmanpreet Kaur පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ලබා සිටිය දී ද සහ Jemimah Rodrigues පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 37ක් ලබා සිටිය දී ද දැවී යනවා.
ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වෙන්නේ 21 වැනි වියේ පසුවන දකුණත් පිතිකාරිනී Richa Ghosh. ඇය පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 58ක් ලබා ගන්නවා.
ඇයගේ දැවී යෑමෙන් අනතුරු ව එක ම පන්දුවාරයේ දී Deepti Sharma (24) සහ Kashvee Gautam (17) දවා ගැනීමට නායිකා චමරි අතපත්තු සමත් වෙනවා. එම කඩුලු ද්විත්වයත් සමඟින් මෙම තරගයේ දී ලකුණු 43කට කඩුලු 3ක් දවා ගනිමින් සත්කාරක ඉනිමේ හොදම පන්දු යැවීමට චමරි අතපත්තු සමත් වෙනවා.
ඇයට අමතර ව සුගන්දිකා කුමාරි ද ලකුණු 44කට කඩුලු 3ක් දවා ගන්නා ලද අතර ඉනෝකා රණවීර සහ දෙව්මි විහංඟ කඩුල්ල බැගින් දවා ගන්නවා.
- Kagiso Rabadaට තරග තහනමක්!
- ශ්‍රී ලංකා A කණ්ඩායම දැවැන්ත ජයක් කරා!
- ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකානුවෝ පරාජය කරයි
- ඉන්දීය ක්‍රීඩිකාවෝ දකුණු අප්‍රිකාවත් පරාජය කරයි
- ඉන්දීය ක්‍රීඩිකාවන්ට පහසු ජයක්
පෙර තරග ද්විත්වයේ දී ම අසාර්ථක ආරම්භක පිතිකාරිනියක වූ නායිකා චමරි අතපත්තු මෙම තරගයේ ආරම්භක පිතිකාරිනිය ලෙසින් එක් නොවූ අතර ඒ වෙනුවට හසිනි පෙරේරා සමඟ නැවතත් විශ්මි ගුණරත්න පිටියට කැඳවනවා.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 276ක් හඹා යන ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා පන්දු 43ක දී ලකුණු 30ක් රැස් කරනවා.
එක් ලකුණක් සම්පූර්ණ කර තිබිය දී නැවත නොතිබූ ලකුණක් කරා දිවීමට ගොස් හසිනි පෙරේරා තම ඉනිම ලකුණු 22කට සීමා කර ගන්නවා. ඒ වෙද්දී ඇය පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් ද තම ඉනිමට කරගෙන තිබුණා.
ඇයගේ දැවී යෑමෙන් අනතුරු ව විශ්මි ගුණරත්න හා එක් වෙමින් හර්ෂිතා සමරවික්‍රම 2 වැනි කඩුල්ලට පන්දු 94ක දී ලකුණු 78ක් එක් කිරීමට සමත් වෙනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ විශ්මි ගුණරත්නගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය දැවී යන විට පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 33ක් ලබා සිටියා.
හර්ෂිතා සමරවික්‍රම ඉනිමේ 3 වැනි ක්‍රීඩිකාව ලෙසින් තම ඉනිම අවසන් කර ගනිද්දී පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 53ක් ලබා සිටියා. එය ඇය මෙම තරගාවලියේ පිට පිට ලබා ගත් 2 වැනි අර්ධ ශතකය වූ අතර එක්දින ජාත්‍යන්තර තරග පිටියේ 5 වැනි අර්ධ ශතකය ද වූවා. එමෙන් ම එම ඉනිමේ දී ඇය තම එක්දින ජාත්‍යන්තර තරග පිටියේ ලකුණු 1000 කඩඉම සපුරා ගැනීමට ද සමත් වෙනවා.
මැද පෙළින් පිටියට පිවිසි චමරි අතපත්තු සාර්ථක ඉනිමක ආරම්භයක් ලබා ගත්ත ද ඇයට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට ප්‍රතිවාදීන් ඉඩ දුන්නේ නැහැ. ඇය ගේ ඉනිම ලකුණු 23කට සීමා කිරීමට ඔවුන් සමත් වෙනවා. ඒ වෙද්දී චමරි අතපත්තු පන්දු 33 කට මුහුණ දී සිටි අතර හතරේ පහර 3ක් ද ඊට ඇතුලත් කර ගෙන තිබුණා.
ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව කවිෂා දිල්හාරි සහ නිලක්ෂිකා සිල්වා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 38ක දී ලකුණු 57ක් එක් කරමින් තරගයේ ජයග්‍රහණය කරා ළගා වීමට මඟ පෑදූවා. කවීෂා දිල්හාරි පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් ව යන විට ශ්‍රී ලංකා ඉනිම කියැවුණේ කඩුලු 5කට ලකුණු 209ක් ලෙසයි. ඒ වෙද්දී ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 69ක දී ලකුණු 67ක් අවශ්‍ය වුනා.
ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව දෙව්මි විහංඟා එක් ලකුණකට ඉනිම හැර යන අතර ඉන් අනතුරු ව ජයග්‍රහණය පෙනෙන මානයකට පැමිණ සිටිය දී 7 වැනි කඩුල්ල ලෙසින් නිලක්ෂිකා සිල්වා ද පිටියෙන් ඉවත් වෙනවා. ඇය දැවී යන විට පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 56ක් ලබා සිටියා. එය ඇයගේ එක්දින ජාත්‍යන්තර තරග පිටියේ 3 වැනි අර්ධ ශතකයයි.
නිලක්ෂිකා සිල්වා ගේ දැවී යෑමෙන් අනතුරු ව තරගයේ ගමන් මඟ නිසි පරිදි හඳුනාගත් අනුශ්කා සංජීවනී සහ සුගන්දිකා කුමාරි පන්දු තෝරා බේරා ගනිමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. ඔවුන් දෙදෙනා එක් ව 8 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 40ක් එක් කරන්නේ පන්දු 39කට මුහුණ දෙමිනුයි.
ඒ අනුව තරගය නිමා වීමට තවත් පන්දු 5ක් ඉතිරිව තිබිය දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 7කට ලකුණු 278ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කරනවා.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ගේ මෙම ඉනිම ඉන්දීය කණ්ඩායමකට එරෙහි ව වාර්තා කළ වැඩිම ලකුණු අතර 2 වැනි ස්ථානයට පත් වෙන ඉනිම වන අතර එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ හඹා ගොස් ජයග්‍රහණය කළ ඉහළ ම ඉනිම් අතර 2 වැනි ස්ථානය පත් වෙන තරගය බවට ද පත් වුනා.
2013 වසරේ දී Brabourne හි දී කඩුලු 5ක් දැවී ලබා ගන්නා ලද ලකුණු 282, ශ්‍රී ලංකාව මීට පෙර ඉන්දියාවට එරෙහි ව ලබා ඇති ඉහළ ම ලකුණු සංඛ්‍යාව වන අතර ඔවුන් මිට පෙර හඹා ගොස් ජයග්‍රහණය කළ ඉහළ ම තරගය වෙන්නේ 2024 වසරේ දකුණු අප්‍රිකාවට එරෙහි ව Potchefstroom හි දී ලකුණු 301ක් හඹා යමින් ලත් ජයග්‍රහණයයි.
එවන් ඉතිහාසයක් ස්පර්ශ කළ මෙම තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී අනුෂ්කා සංජීවනී පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 23ක් ද සහ සුගන්දිකා කුමාරි පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 19ක් ද ලබා සිටියා.
පන්දු යැවීමේ දී Sneh Rana ලකුණු 45කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව Pratika Rawal, Arundhati Reddy සහ Shree Charani කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 9ක් දැවී 275 (50.0)Pratika Rawal35, Harleen Deol 29, Harmanpreet Kaur 30, Jemimah Rodrigues 37, Richa Ghosh 58, Deepti Sharma 24, සුගන්දිකා කුමාරි 3/44, චමරි අතපත්තු 3/43
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 278 (49.1)හසිනි පෙරේරා 22, විශ්මි ගුණරත්න 33, 24, හර්ෂිතා සමරවික්‍රම 53, චමරි අතපත්තු 23, කවීෂා දිල්හාරි 35, නිලක්ෂිකා සිල්වා 56, අනුෂ්කා සංජීවනී නොදැවී 23, සුගන්දිකා කුමාරි නොදැවී 19, Sneh Rana3/45
ශ්‍රී ලංකා කන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 3ක ජයක්.
- තරගයේ වීරයා – නිලක්ෂිකා සිල්වා(ශ්‍රී ලංකාව)
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pratika Rawal | lbw b Inoka Ranaweera | 35 | 39 | 3 | 1 | 89.74 |
Smriti Mandhana | run out (Kavisha Dilhari) | 18 | 28 | 3 | 0 | 64.29 |
Harleen Deol | c Inoka Ranaweera b Dewmi Vihanga | 29 | 35 | 4 | 0 | 82.86 |
Harmanpreet Kaur | c Anushka Sanjeewani b Sugandika Kumari | 30 | 45 | 3 | 0 | 66.67 |
Jemimah Rodrigues | lbw b Chamari Athapaththu | 37 | 46 | 3 | 0 | 80.43 |
Richa Ghosh | c Malki Madara b Sugandika Kumari | 58 | 48 | 5 | 3 | 120.83 |
Deepti Sharma | lbw b Chamari Athapaththu | 24 | 30 | 1 | 0 | 80.00 |
Kashvee Gautam | c Vishmi Gunaratne b Chamari Athapaththu | 17 | 11 | 3 | 0 | 154.55 |
Arundhati Reddy | not out | 9 | 11 | 0 | 0 | 81.82 |
Sneh Rana | st Anushka Sanjeewani b Sugandika Kumari | 10 | 9 | 1 | 0 | 111.11 |
Extras | 8 (b 1 , lb 1 , nb 2, w 4, pen 0) |
Total | 275/9 (50 Overs, RR: 5.5) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Malki Madara | 6 | 0 | 43 | 0 | 7.17 | |
Sugandika Kumari | 10 | 0 | 44 | 3 | 4.40 | |
Dewmi Vihanga | 10 | 0 | 54 | 1 | 5.40 | |
Chamari Athapaththu | 10 | 1 | 43 | 3 | 4.30 | |
Inoka Ranaweera | 8 | 0 | 42 | 1 | 5.25 | |
Kavisha Dilhari | 6 | 0 | 47 | 0 | 7.83 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Hasini Perera | run out (Deepti Sharma) | 22 | 27 | 2 | 0 | 81.48 |
Vishmi Gunaratne | c Amanjot Kaur b Arundhati Reddy | 33 | 58 | 1 | 0 | 56.90 |
Harshitha Samarawickrama | c Arundhati Reddy b Pratika Rawal | 53 | 61 | 5 | 0 | 86.89 |
Chamari Athapaththu | c Richa Ghosh b Sneh Rana | 23 | 33 | 3 | 0 | 69.70 |
Kavisha Dilhari | c Arundhati Reddy b Sneh Rana | 35 | 32 | 5 | 0 | 109.38 |
Nilakshika Silva | c Smriti Mandhana b Shree Charani | 56 | 33 | 5 | 3 | 169.70 |
Dewmi Vihanga | c Amanjot Kaur b Sneh Rana | 1 | 3 | 0 | 0 | 33.33 |
Anushka Sanjeewani | not out | 23 | 28 | 2 | 0 | 82.14 |
Sugandika Kumari | not out | 19 | 20 | 2 | 0 | 95.00 |
Extras | 13 (b 0 , lb 7 , nb 0, w 6, pen 0) |
Total | 278/7 (49.1 Overs, RR: 5.65) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kashvee Gautam | 5 | 1 | 23 | 0 | 4.60 | |
Arundhati Reddy | 9 | 0 | 55 | 1 | 6.11 | |
Sneh Rana | 10 | 0 | 45 | 3 | 4.50 | |
Deepti Sharma | 10 | 0 | 47 | 0 | 4.70 | |
Pratika Rawal | 5.1 | 0 | 32 | 1 | 6.27 | |
Shree Charani | 10 | 0 | 69 | 1 | 6.90 |
කාන්තා තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ මීළඟ තරග මැයි මස 07 වැනිදා ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ම පැවැත්වීමට නියමිතයි. මෙය මෙම තරගාවලියේ 5 වැනි තරගයයි.
මෙම තරගාවලියේ සජීවී දසුන් Dialog Television හී ThePapare TV 2 නාලිකා අංක 63 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.
කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.