ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League කාන්තා විස්සයි විස්ස තරගාවලියේ අද (14) පැවැති තරග අතුරින් Team Green ක්‍රීඩිකාවෝ පිට පිට 2 වැනි ජයග්‍රහණයත් ලබා ගත්තා.
නිමා වූ එම තරගවල දී Green කණ්ඩායමේ හසිනි පෙරේරා මෙවර තරගාවලියේ පිතිකාරිනියක් විසින් රැස් කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව වාර්තා කළා.
Team Red සහ Team Greys අතර තරගය කොළඹ, CCC ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය දිනා ගත් Greys නායිකාවගේ තීරණය වූයේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායමට ලබා ගැනීමයි. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 112ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Red ක්‍රීඩිකාවෝ කඩුලු 7ක් දැවී ලබා ගත්තේ ලකුණු 90ක් පමණයි.
පළමුවෙන් පන්දුවට පහර දුන් Greys කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ නායිකා විශ්මි ගුණරත්න. ඇය පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා.
ඊට අමතර ව ඉමේෂා දුලානි පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 29ක් ද සහ හංසිමා කරුණාරත්න පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 24ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී ශෂිනි ගිම්හානි ලකුණු 18කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ අතර ඊට අමතර ව ලිමංසා තිලකරත්න කඩුලු 2ක් ද, චමෝදි ප්‍රබෝධා සහ අසේනි තලගුණේ කඩුල්ල බැගින් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Red ක්‍රීඩිකාවෝ සාර්ථක ආරම්භයක් ලබා ගත්ත ද එය පළමු කඩුල්ලට පමණක් සීමා වුණා. එහි දී සංජනා කාවින්දි සහ උමයංගනා පීරිස් එක් ව පන්දු 58ක දී ලකුණු 46ක සබඳතාවක් ගොඩ නගනවා.
එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ උමයංගනා පීරිස් ගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය දැවී යන විට පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 12කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
සංජනා කාවින්දි සිව් වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටියා.
ඔවුන් දෙදෙනාට අමතර ව ලිමංසා තිලකරත්න පන්දු 21ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 14ක් ද සහ රශ්මිකා සෙව්වන්දි ඉනිම අවසන් වන විට පන්දු 16කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 12ක් ද ලබා සිටියා.
ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 34ක දී ලකුණු 24ක සබඳතාවක් එක් කරනවා.
කඩුලු දවා ගැනීමේ දී මල්කි මදාරා ලකුණු 19කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරද්දී තාරුකා ශෙහානි, අචිනි කෞශල්‍යා සහ කවීෂා දිල්හාරි කඩුල්ල බැගින් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- TeamGreys – කඩුලු 8ක් දැවී 112 (20.0)විශ්මි ගුණරත්න 33, ඉමේෂා දුලානි 29, හංසිමා කරුණාරත්න 24, ලිමංසා තිලකරත්න 2/19, ශෂිනි ගිම්හානි 3/18
- Team Red – කඩුලු 7ක් දැවී 90 (20.0)සංජනා කාවින්දි 35,ලිමංසා තිලකරත්න 14, මල්කි මදාරා 3/19
Greys කණ්ඩායමට ලකුණු 22ක ජයක්.
- LPL 2026 සඳහා ක්‍රීඩක වෙන්දේසියක් නැහැ!
- වනිඳු සහ දසුන් සමඟ ශ්‍රී ලංකාව තරගාවලිය සම කරයි
- සත්‍යා සහ විශ්මි අර්ධ ශතක වාර්තා කරයි
- Team Blues දෙවැනි ජයග්‍රහණයත් ලබා ගනී
- 19න් පහළ ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
Team Blues සහ Team Green අතර තරගය කොළඹ, CCC ක්‍රීඩාංගණයේ දී.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Team Green ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 5ක් දැවී ලකුණු 122ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Blues කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 118ක් පමණයි.
මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Green කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකාරිනී හසිනි පෙරේරා පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 74ක් ලබා ගත්තා. ඒ ඇය මෙම තරගාවලියේ ලබා ගත් මංගල අර්ධ ශතකය වන අතර එය මේතාක් ඉනිමේ පිතිකාරිනියක වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.
ඇය තම ඉනිමේ දී විට්නි ද අල්විස් (5) හා එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 24ක දී ලකුණු 25ක් ද සහ නෙත්මි සේනාරත්න හා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 65ක දී ලකුණු 60ක් ද එක් කරනවා.
එහි දී නෙත්මි සේනාරත්න පන්දු 24ක දී ලකුණු 13ක් රැස් කරන අතර ඊට අමතර ව නිලක්ෂිකා සිල්වා පන්දු 10ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 12ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී සත්‍යා සංදීපනී ලකුණු 23කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව ඉනෝකා රණවීර සහ දෙව්මි විහංඟා කඩුල්ල බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Blues ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ කෞෂිනී නුත්‍යාංගනා. ඇය පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තා. ඊට අමතර ව ඇය නායිකා හර්ෂිතා සමරවික්‍රම හා එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 35ක දී ලකුණු 36ක් ලබා ගන්නවා.
හර්ෂිතා සමරවික්‍රම පන්දු 28කට හතරේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටුණා.
ඔවුන් දෙදෙනාට අමතර ව ඉනිමේ අනෙක් ඉලක්කම් 2 ලකුණුලාභිනිය වූයේ ආරම්භක පිතිකාරිනී හිරුණි හංසිකා. ඇය පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 12ක් ලබා ගත්තා.
අනෙක් කිසිදු පිතිකාරිනියක් ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට නොපිවිසි අතර ඔවුන් අමාරුවේ දැමීමේ දී උදේශිකා ප්‍රබෝධනී, සුගන්ධිකා කුමාරි සහ ඔෂදී රණසිංහ කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Team Green – කඩුලු 5ක් දැවී 122 (20.0)හසිනි පෙරේරා 74, සත්‍යා සංදීපනී 3/24
- Team Blues– කඩුලු 8ක් දැවී 118 (20.0) හර්ෂිතා සමරවික්‍රම 27, කෞෂිනී නුත්‍යාංගනා 41, උදේශිකා ප්‍රබෝධනී 2/17, සුගන්දිකා කුමාරි 2/19, ඔෂදී රණසිංහ 2/25
Green ක්‍රීඩිකාවන්ට ලකුණු 4ක ජයක්.
තරගාවලියේ මිළඟ තරග ජනවාරි මස 15 වැනිදා කොළඹ, Colts ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර එහි දී Team Green සහ Team Greys අතර තරගයත්, Team Blues සහ Team Red අතර තරගයත් පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.





















