කාන්තා පළාත් විස්සයි විස්ස ශූරතාවලියේ අද (05) කොල්ට්ස් ක්‍රිකට් පිටියේ පැවතී මුලික වටයේ තරග වලින් පිලිවෙලින් දකුණු සහ මධ්‍යම පළාත් පරදවා ජය වාර්තා කිරීමට බස්නාහිර සහ උතුරු මැද කණ්ඩායම් කාන්තා කණ්ඩායම් සමත් විය.
බස්නාහිර පළාත හා දකුණු පළාත
කාසියේ වාසිය දිනා ගත් බස්නාහිර කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට පිටියට පැමිණියත්, සාර්ථක පිතිකණයක් නොමැති වීමෙන් පන්දුවාර 20 තුලදී කඩුලු 8කට ඔවුනට ලබා ගත හැකි වුයේ ලකුණු 103ක් පමණි. කණ්ඩායමේ වැඩිම ලකුණුලාභින් වුයේ නිපුනි හංසිකා සහ හර්ශිතා මාධවී දෙපලයි. පන්දු යැවීමේදී චන්දිමා ගුණරත්න විශිෂ්ට පන්දු යැවීමක නිරත විය.
අඩු ලකුණු සංඛ්‍යාවක් හඹා යෑමට තිබුනද, දකුණු පළාත් කණ්ඩායමේ දුර්වල පිතිකරණය සමඟින් ලකුණු 9ක පරාජයක් ඔවුනට ලැබීය.
ලකුණු සටහන
- බස්නාහිර පළාත 103/8 (20) නිපුනි හංසිකා26, හර්ශිතා මාධවී 24, චන්දිමා ගුණරත්න2/18
- දකුණු පළාත 94/6(20) අරෝෂ් පෙරේරා22, අනුෂ්කා ජයවීර16, සචිනි සෙව්වන්දි1/17
- ප්‍රතිපලය – බස්නාහිර පළාත ලකුණු 9කින් ජය.
උතුරු මැද පළාත සහ මධ්‍යම පළාත
ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියවු ක්‍රීඩිකා අමා කාංචනාගේ නායකත්වයෙන් කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් උතුරු මැද පළාත, අමා කාංචනාගේ අගනා පිතිහරඹයෙන් ලකුණු 64ක් ද යට මනා සහයෝගයක් දෙමින් ඩිලානි මනොදරාගේ ලකුණු 42ත් සමග පන්දුවාර 20 තුලදී ලකුණු 117ක් ලබා ගැනීමට ඔවුන් සමත් විය.
අවසාන පන්දු වාර 5 තුල ලකුණු 30ක් ලබාගැනීමට තිබුනද මධ්‍යම පළාතේ තැතිගත් පිතිකරණය සමඟ ලකුණු 7කින් පරාජය වීමට ඔවුනට සිදුවිය.
ලකුණු සටහන
- උතුරු මැද පළාත 117/4 (20) අමා කාංචනා 64, ඩිලානි මනොදරා 42
- මධ්‍යම පළාත 110/7 (20) ප්‍රසාදනී වීරක්කොඩි 20, යශෝදා මෙන්ඩිස් 22, ඉනෝකා රණවීර 2/24
- ප්‍රතිපලය – උතුරු මැද පළාත ලකුණු 7කින් ජය.
දෙවන වටයේ තරග හෙට බ්ලුම්විල්ඩ් සහ ඇත්ලෙක්ට් ක්‍රිකට් ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.
තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට






















