ගාල්ල සහ කොළඹ උතුර ජය වාර්තා කරයි

19න් පහළ බාලිකා පළාත් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

123

ශ්‍රී ලංකා පාසල් බාලිකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළාත් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක දිනයේ පැවති තරගවල දී ජයග්‍රහණ වාර්තා කිරීමට ගාල්ල සහ කොළඹ උතුර කණ්ඩායම් ඊයේ (6) සමත් වුනා.

රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වුණු මෙම පන්දුවාර විස්සයි විස්ස තරගවල දී අඩු ලකුණු සංඛ්‍යා මත තරග නිමාවට පත්වීම කැපී පෙනුණා.

>>Photos – Galle vs Galle Outer | Girl’s U19 Youth League 2022<<
>>Photos – Colombo North vs Colombo South | Girl’s U19 Youth League 2022<<

මෙහි දී එකම කණ්ඩායමක් හෝ ලකුණු 100 සීමාව ඉක්මවා යාමට අපොහොසත් වූ අතර ගාල්ල කණ්ඩායම ලකුණු 93ක් ලබා ගනිමින් කඩුලු 8ක ජයක් වාර්තා කරන්නට සමත් වුනා.

ඊට අමතරව කොළඹ දකුණ කණ්ඩායමට එරෙහිව තියුණු තරගයක නියැළෙමින් අවසානයේ කඩුල්ලක සුපිරි ජයක් වාර්තා කිරීමට කොළඹ උතුර කණ්ඩායම සමත් වුනා.

ගාල්ල සහ ගාල්ල පිටත කණ්ඩායම් අතර තරගය,

  • කාසියේ වාසිය – ගාල්ල පිටත කණ්ඩායම

ගාල්ල පිටත – 92/9 (20): රිෂ්මි සංජලා 18, චලනි කනීෂ්කා 16*, හිරුෂි සඳමිනි 12, හිරුණි හංසිකා 2/16, පමෝදා ශයිනි 2/17.

ගාල්ල – 93/2 (11.2): සංජනා කාවින්දි 26, රිෂ්මි නේත්‍රාංජලී 25*, සුමුදු නිසංසලා 15*, හෂිනි ගිම්හානි 11

ගාල්ල කණ්ඩායමට කඩුලු 8ක ජයක්


කොළඹ උතුර සහ කොළඹ දකුණ අතර තරගය,

  • කාසියේ වාසිය – කොළඹ උතුර කණ්ඩායම

කොළඹ දකුණ – 73 (15.1): දෙව්මි සෙනෙත්මා 15*, ඉමල්ෂා යසාරා 11, නිපුනි ජයසිංහ 3/14, තරුෂි ප්‍රනාන්දු 2/12

කොළඹ උතුර – 74 (17.3): රෂිනි පෙරේරා 14, චතුෂාධි කෞෂල්‍යා 11, උමායා රත්නායක 3/18, විදුෂිකා පෙරේරො 2/24.

කොළඹ උතුරට කඩුලු 1ක ජයක්

තරගාවලියේ ඉදිරි තරගවල තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<