ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ Sri Lanka Youth League ක්‍රිකට් තරගාවලිය පසුගියදා අනුරාධපුර සාලියපුර ක්‍රීඩාංගණයේ දී නිමා වෙන්නේ Colombo South කණ්ඩායම පරාජය කරමින් Colombo North කණ්ඩායම ලත් ජයග්‍රහණයත් සමඟිනුයි.
Colombo North, Colombo South, Kandy, Galle සහ Dambulla යන කණ්ඩායම් සහභාගී වූ මෙම තරගාවලිය තරග 13කින් සමන්විත වුණා. පන්දු 6616කින් යැවුණ මෙම තරගාවලියේ කඩුලු 208ක් දැවී යද්දී ලකුණු 5515ක් රැස් කරගෙන තිබූ අතර ශතක 4ක් සහ අර්ධ ශතක 29ක් වාර්තා වී තිබුණා.
තරගාවලියේ සියලු තරග පැවැතියේ අනුරාධපුර සමාධි සහ සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේ දීයි.
තරගාවලියේ ගමන් මඟ
තරගයේ ප්‍රතිඵලය | ප්‍රතිවාදීන් | ක්‍රීඩාංගණය | |
1 | Kandy කණ්ඩායමට කඩුලු 6ක ජයක්. | Galle | සමාධි |
2 | Colombo South කණ්ඩායමට කඩුලු 6ක ජයක්. | Colombo North | සාලියපුර |
3 | Kandy කණ්ඩායමට ලකුණු 46ක ජයක්. | Colombo North | සාලියපුර |
4 | Colombo South කණ්ඩායමට ලකුණු 64ක ජයක්. | Dambulla | සමාධි |
5 | Galle කණ්ඩායමට කඩුල්ලක ජයක්. | Dambulla | සාලියපුර |
6 | Kandy කණ්ඩායමට කඩුලු 3ක ජයක්. | Colombo South | සමාධි |
7 | Colombo North කණ්ඩායමට කඩුලු 8ක ජයක්. | Galle | සමාධි |
8 | Kandy කණ්ඩායමට කඩුලු 4ක ජයක්. | Dambulla | සාලියපුර |
9 | Colombo North කණ්ඩායමට කඩුලු 3ක ජයක්. | Dambulla | සමාධි |
10 | Galle කණ්ඩායමට කඩුලු 6ක ජයක්. | Colombo South | සාලියපුර |
11 | Colombo North කණ්ඩායමට කඩුල්ලක ජයක්. | Galle | සාලියපුර |
12 | Colombo South කණ්ඩායමට කඩුලු 3ක ජයක්. | Kandy | සමාධි |
අවසන් මහා තරගය | |||
13 | Colombo North කණ්ඩායමට කඩුලු 5ක ජයක්. | Colombo South | සමාධි |
අවසන් මහා තරගයේ වීරයා – දුල්නිත් සිගේරා (Colombo North)
Colombo South කණ්ඩායම සමඟින් පැවැති අවසන් මහා තරගයේ දී ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි Colombo North කණ්ඩායමේ දුල්නිත් සිගේරා අවසන් මහා තරගයේ වීරයා ලෙසින් සම්මානය දිනා ගන්නවා.
කොළඹ මහානාම විද්‍යාලය නියෝජනය කරමින් Colombo North කණ්ඩායම හා එක් වූ ඔහු එම තරගයේ දී පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 68ක් ලබා ගත්තා. එය ඔහු මෙවර තරගාවලියේ ලබා ගත් එක ම අර්ධ ශතකයයි. එම ඉනිමේ දී ඔහු අවීශ සමාශ් සමග පළමු කඩුල්ලට පන්දු 104ක දී ලකුණු 114ක සබඳතාවක් ද එක් කිරීමට සමත් වෙනවා.
ඔහුගේ එම ඉනිමත් සමඟින් නිමා වූ තරගාවලියේ දී තරග 5ක ඉනිම් 5ක දී අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 109ක් ලබා ගැනීමට ද සමත් වෙනවා.
තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – සුමේද ප්‍රසාද් (Kandy)
තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් සම්මානයට පත් වෙන්නේ මහනුවර ධර්මරාජ විද්‍යාලය නියෝජනය කරමින් Kandy කණ්ඩායම හා එක් වූ සුමේද ප්‍රසාද්. ඔහු පළමු වටය අවසන් වන විට කඩුලු 8ක් දවා ගෙන තිබුණා. ඒ අතර ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් ව තිබුණේ Colombo South කණ්ඩායමට එරෙහි ව ලකුණු 53කට දවා ගත් කඩුලු 3යි.
තරගාවලියේ වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නන් 5 දෙනා
Player | Team | M | Over | Runs | Wkts | Best | Ave | 4 | |
1 | දුනික් පෙරේරා | Colombo North | 4 | 33.0 | 174 | 11 | 4/49 | 15.81 | 1 |
2 | දහම් නිර්මාල් | Colombo South | 5 | 30.2 | 182 | 10 | 3/21 | 18.2 | 0 |
3 | සුමේධ ප්‍රසාද් | Kandy | 5 | 34.2 | 220 | 8 | 3/53 | 27.5 | 0 |
4 | නිසල අබේරත්න | Kandy | 5 | 41.0 | 251 | 8 | 3/35 | 31.37 | 0 |
5 | මානස මදුභාෂණ | Colombo North | 6 | 41.0 | 205 | 8 | 2/26 | 25.62 | 0 |
11 : තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත් වෙන්නේ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය නියෝජනය කරමින් Colombo North කණ්ඩායම හා එක් වූ දකුණතින් මඳ වේග පන්දු යවන දුනික් පෙරේරා. ඔහු තරගාවලියේ තරග 4කට සහභාගී වෙමින් පන්දුවාර 33.0ක් යවමින් කඩුලු 11ක් දවා ගනිමින් මෙම ස්ථානයට පත් වුණා.
ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ Galle කණ්ඩායමට එරෙහි ව ලකුණු 49කට දවා ගත් කඩුලු 4යි.
4/27 : තරගාවලියේ හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ Colombo South කණ්ඩායමේ දිනෙත් පීරිස්. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ Kandy කණ්ඩායමට එරෙහිවයි. තරගය නිමා වන විට ඔහුගේ දක්ෂතාව ලෙසින් සටහන් වූයේ 6.2-1-27-4ක් ලෙසයි.
තරගාවලියේ දක්ෂතම පිතිකරු – දිමන්ත මහවිතාරණ (Kandy)
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය නියෝජනය කරමින් Kandy කණ්ඩායම හා එක් වූ දිමන්ත මහවිතාන මෙවර තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසින් සම්මාන දිනා ගත්තා. ඔහු තරගාවලියේ පළමු වටය අවසන් කරන විට තරග 5ක දී අර්ධ ශතක ත්‍රිත්වයක් සමඟින් ලකුණු 279ක් ලබා සිටියා.
ඔහුගේ ලකුණු අතර ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ Colombo North කණ්ඩායමට එරෙහි ව වාර්තා කරන ලද ලකුණු 98යි. පන්දු 101කින් සමන්විත වූ එම ඉනිමට හතරේ පහර 14ක් සහ හයේ පහරක් ද ඇතුලත් වුණා.
ඊට අමතර ව ඔහු Dambulla කණ්ඩායමට එරෙහි ව පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 78ක් ද සහ Colombo South කණ්ඩායමට එරෙහි ව පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් ද සමඟින් ලකුණු 51ක් ද ලබා ගත්තා.
තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවන් 5 දෙනා
Player | Team | M | In | NO | Runs | HS | Ave | 100 | 50 | |
1 | රෙහාන් පීරිස් | Colombo South | 6 | 6 | 1 | 294 | 112 | 58.8 | 1 | 2 |
2 | පුලීෂ තිලකරත්න | Kandy | 5 | 5 | 1 | 289 | 133 | 72.25 | 2 | 0 |
3 | දිමන්ත මහවිතාන | Kandy | 5 | 5 | 0 | 279 | 98 | 55.8 | 0 | 3 |
4 | දුල්සිත් දර්ශන | Galle | 5 | 5 | 0 | 226 | 78 | 45.2 | 0 | 3 |
5 | කිත්ම විතානපතිරණ | Colombo North | 5 | 5 | 2 | 204 | 60 | 68.0 | 0 | 2 |
294 : තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරු බවට පත් වෙන්නේ කොළඹ රාජකීය විද්‍යාලය නියෝජනය කරමින් Colombo South කණ්ඩායම හා එක් වූ රෙහාන් පීරිස්. ඔහු තරගාවලිය නිමා කරන විට ඉනිම 6ක දී ලකුණු 294ක් ලබා සිටියා. ඒ අතර ශතකයක් සහ අර්ධ ශතක ද්විත්වයක් ද එක් කිරීමට ඔහු සමත් වූ අතර ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 58.8ක් ලෙසින් පවත්වා ගැනීමට ද ඔහු සමත් වුණා.
133 : තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණු වාර්තා කිරීමේ ගෞරවය හිමි වූ පිතිකරු බවට පත් වූයේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය නියෝජනය කරමින් Kandy කණ්ඩායම හා එක් වූ පුලීෂ තිලකරත්න. ඔහු Colombo North කණ්ඩායමට එරෙහි ව පන්දු 133කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 133ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුව හා එක් වුණා.
2 x 100s : තරගාවලියේ ශතක ද්විත්වයක් රැස් කළ එක ම ක්‍රීඩකයා බවට පත් වෙන්නේ ද පුලීෂ තිලකරත්න. Colombo North කණ්ඩායමට එරෙහි ව වාර්තා කරනල ලද ශතකයට අමතර ව ඔහු Galle කණ්ඩායමට එරෙහිව ද ශතකයක් වාර්තා කරනවා. එහි දී ඔහු පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟින් නොදැවී ලකුණු 103ක් ලබා ගන්නවා.
100s : ඊට අමතරව තරගාවලියේ අනෙක් ශතකලාභීන් වූයේ Colombo South කණ්ඩායම නියෝජනය කළ රෙහාන් පීරිස් සහ කොළඹ මහානාම විද්‍යාලය නියෝජනය කරමින් Colombo North කණ්ඩායම හා එක් වූ චාමික හීනටිගල.
රෙහාන් පීරිස් Kandy කණ්ඩායමට එරෙහි ව පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 112ක් ලබා ගන්නා අතර චාමික හීනටිගල ද Kandy කණ්ඩායමට එරෙහි ව මෙම දක්ෂතාව සිදු කරනවා. ලකුණු 105ක් වූ ඔහුගේ ඉනිම පන්දු 121කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 11ක් සහ හයේ පහරක් ද එක් කෙරෙනවා.
78 : තරගාවලියේ වේගවත් ම ශතකය වාර්තා කිරීමේ ගෞරවය හිමි වෙන්නේ රෙහාන් පීරිස් වෙතයි. ඔහු Kandy කණ්ඩායමට එරෙහි ව පන්දු 78කින් ශතකය වාර්තා කරමින් එහි පළමු වැනියා බවට ද පත් වෙනවා.
23 : තරගාවලියේ වේගවත් ම අර්ධ ශතකයේ හිමිකරු බවට පත් වෙන්නේ කොළඹ ආනන්ද විද්‍යාලය නියොජනය කරමින් Colombo North කණ්ඩායම හා එක් වූ කිත්ම විතානපතිරණ වෙතයි. ඔහු Dambulla කණ්ඩායමට එරෙහි ව පන්දු 23කින් අර්ධ ශතකය වාර්තා කරමින් මෙම ලැයිස්තුවේ පළමු වැනියා බවට පත් වුනා.
6s : තරගාවලියේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා වෙන්නේ ද රෙහාන් පීරිස්. ඔහු තරගාවලිය පුරා වාර්තා කරන ලද හයේ පහර සංඛ්‍යාව 8ක්.
4s : තරගාවලියේ වැඩිම හතරේ පහර එල්ල කළ ක්‍රීඩකයා බවට පත් වෙන්නේ පුලීෂ තිලකරත්න. ඔහු එල්ල කරන ලද හතරේ පහර සංඛ්‍යාව 43ක්.
තරගාවලියේ වීරයා – චාමික හීනටිගල (Colombo North)
කොළඹ මහානාම විද්‍යාලය නියෝජනය කරමින් Colombo North කණ්ඩායම හා තරගාවලියට එක් වූ චාමික හීනටිගල තරගාවලියේ වීරයා ලෙසින් සම්මානයට පත් වෙනවා. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායම ද නියෝජනය කර ඇති ඔහු නිමා වූ තරගාවලියේ දී තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වීමට සමත් වුණා.
වමතින් පිත්ත හසුරුවන ඔහු පිතිකරුවෙක් ලෙසින් තරග 6ක ඉනිම් 6ක දී ලකුණු 179ක් ලබා ගන්නවා. එම ඉනිම් අතර ඔහුගේ සාමාන්‍ය 44.75ක් ලෙසින් ද රඳවා ගැනීමට සමත් වෙන අතර ශතක ඉනිමක් ද ඊට එක් කිරීමට ඔහු සමත් වෙනවා. Kandy කණ්ඩායමට එරෙහි ව එක් කරන ලද ඉනිම ලකුණු 105ක්.
වමතින් දඟ පන්දු යවන චාමික හීනටිගල නිමා වූ තරගාලියේ දී ලබා ගත් කඩුලු සංඛ්‍යාව 7ක්. ඒ අතර ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් ව තිබුණේ Galle කණ්ඩායමට එරෙහි ව ලකුණු 28කට ලබා ගත් කඩුලු 3යි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<