ඉලක්කම් තුනේ ලකුණක් එක් කල නිශාන්

1342
U19 Schools Cricket January 11th roundup

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ඉණිමක හා ලකුණු 6ක දැවැන්ත ජයග්‍රහණයක් හිමවූ අද (11) දිනය තුල සිංගර් කුසලාන අවුරුදු 19න් පහළ පාසල් විශිෂ්ඨයින් සොයායන තරඟ ත්‍රිත්වයක් නිමාවට පත්විය. එහිදි මොරටු විද්‍යාලය හා කොළඹ ඩී.එස්. සේනානායක යන විද්‍යාල පළමු ඉණිමේ ජයග්‍රහණය වාර්තා කරන ලදි.

පසුගිය ලිපි: මාරිස්ටෙලා, ධර්මාශෝක සහ මලියදේව විද්‍යාල ජය කෙහෙළි නංවයි.

කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය හා කොළඹ නාලන්ද විද්‍යාලය අතර තරඟය

ඩී.එස්. සේනානායක විද්‍යාලයට පළමු ඉණිමේ ජයග්‍රහණයක් හිමිවූ මෙම තරඟය නාලන්ද පිටියේදී ඊයේ (10) ආරම්භ විය. කාසියේ වාසිය දිනු සත්කාරක නාලන්ද නායකයා පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

තරගයේ දෙවන දිනය ආරම්භයේ දී තම දෙවන ඉණිම ක්‍රීඩා කරමින් සිටි ඩී.එස්. සේනානායක විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 31ක් ලබාගෙන සිටි අතර එම ඉණිමට මුදිත ලක්ෂාන් ලකුණු 77ක් එක්කරද්දි, දසුන් දිමාශ ලකුණු 57ක් ලබාගෙන තම විද්‍යාලයේ දෙවන ඉණිම තවත් වර්ණවත් කරන ලදි.

ලකුණු 286ක දෙවන ඉණිමේ ඉලක්කයක් හඹායාමට නියමිතව තිබූ නාලන්ද විද්‍යාලයට, තරඟයේ දෙවන හා අවසන් දිනය අවසානයේ එය ලබා ගැනීමට ප්‍රමාණවත් පන්දුවාර සංබ්‍යාවක් ඉතිරිව තිබුනේ නැත.

ඩී.එස්. සේනානායක විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 163 (පන්දුවාර 44.2): විහාන් ගුණසේකර 25, ටොරින් පිටිගල 25, මුදිත ලක්ෂාන් 22, උමේක්ෂ ඩිල්ශාන් 2/19

නාලන්ද විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 116 (පන්දුවාර 28): ලක්ෂිත රසාංජන 27, අවිශ්ක පෙරේරා 26, මුදිත ලක්ෂාන් 7/30

ඩී.එස්. සේනානායක විද්‍යාලය දෙවන ඉණිම  – කඩුලු 9ක් දැවී ලකුණු 238 dec (පන්දුවාර 57.4): මුදිත ලක්ෂාන් 77, දසුන් දිමාශ 57,  ටොරින් පිටිගල 37, මෙත්සිත් ජයමාන්න 21,  කලණ පෙරේරා 2/32, මාලිංග අමරසිංහ 2/45

නාලන්ද විද්‍යාලය දෙවන ඉණිම –  කඩුලු 6ක් දැවී ලකුණු 138 (පන්දුවාර 45): කසුන් සඳරුවන් 29, සුහඟ විජේවර්ධන 21, විහාන් ගුණසේකර 4/39, මුදිත ලක්ෂාන් 2/49


කොළඹ සහිරා විද්‍යාලය හා මොරටුව මොරටු විද්‍යාලය අතර තරඟය

C කාණ්ඩයේ තරඟයක් වූ මෙහි කාසියේ වාසිය ජයගත් මොරටු විද්‍යාලය තම තණතීරුවේ දී පළමුවෙන් පන්දු යවා පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

දිනය ආරම්භ කරන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරන මොරටු ක්‍රීඩකයෝ කිසිවෙකු නොදැවී ලකුණු 129ක් ලබාගෙන සිටියහ. එම ඉණිමට ඉලක්කම් තුනක දැවැන්ත ලකුණක් ලබා ගනිමින් සුපිරි පිතිහරඹයක් දියත් කල නිශාන් මදුශ්ක ලකුණු178ක් වාර්තා කිරීමට සමත් විය. සහිරා විද්‍යාලයේ දෙවන ඉණිමේ කඩුලු 6ක් ලකුණු 37ක් තුල දවාලමින් රශාන් ප්‍රනාන්දු දස්කම් දැක්විය.

සහිරා විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 136 (පන්දුවාර 47.5): මොහොමඩ් ශැකායි 32, මොහොමඩ් රමීස් 29, සජිත් සමීර 27, රශාන් ප්‍රනාන්දු 5/28

මොරටු විද්‍යාලයේ පළමු ඉණිම – කඩුලු 8ක් දැවී ලකුණු 335 dec (පන්දුවාර 104.4): නිශාන් මදුශ්ක 178, මොහොමඩ් මහධී 3/107, මොහොමඩ් රිෆාත් 2/28

සහිරා විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 8ක් දැවී ලකුණු 76 (පන්දුවාර 44): සජිත් සමීර 29, රශාන් ප්‍රනාන්දු 6/37


පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගය

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ සත්කාරකත්වය ඇතිව ඊයේ (10) ප්‍රථම දිනය සඳහා මෙම තරඟය ක්‍රියාත්මක විය. මෙම තරඟයෙන් සාන්ත සෙබස්තියන් විද්‍යාලය ඉණිමක හා ලකුණු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

දෙවන දිනය ආරම්භ වන විට පිලිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සාන්ත සෙබස්තියන් පිතිකරුවන් කඩුලු 5ක් දැවී ලකුණු 189ක් ලබාගෙන සිටින ලදි. දුලාජ් ශානික ලකුණු 64ක් එක්කිරීමට සමත් වෙද්දී, ටශික පෙරේරා කඩුලු 3ක් ධර්මපාල විද්‍යාලය වෙනුවෙන් දවාලන ලදි. ධර්මපාල විද්‍යාලයට ඉණිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 144ක් දෙවන ඉණිමට ලබා ගැනීමට අවශ්‍යව තිබුණද, සෙබස්තියන් පන්දු යවන්නන් වන අශේර් වර්ණකුලසූරිය හා විනුජ රණසිංහ කඩුලු 3 බැගින් දවාගනිමින් ජයග්‍රහණයේ මඟ අහුරන ලදි.

ධර්මපාල විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 131 (පන්දුවාර 47): ගිම්හාන් ගුණසිංහ 30, ටශික පෙරේරා 3/10, තරුශ ප්‍රනාන්දු 3/29

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම –  සියල්ලන්ම දැවී ලකුණු 274 (පන්දුවාර 66): දුලාජ් ශානික 64, මලින්ත පීරිස් 57, ටශික පෙරේරා 37, චමිදු සුමනසිංහ 2/32, ඩිල්ශාන් ද සිල්වා 2/53

ධර්මපාල විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 137(පන්දුවාර 59.2): අශේර් වර්ණකුලසූරිය 3/19, විනුජ රණසිංහ 3/25

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට