සාන්ත ජෝසප් අභියෝගයට දික්වැල්ලගෙන් සාර්ථක ආරම්භයක්

449

මේ දිනවල දිවයින පුරාවටම ක්‍රියාත්මක වන සිංගර් කුසලාන 2018/19 වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් වැදගත් තරග දෙකක අද (2) ආරම්භ විය.

අද දිනයේ පැවති එම තරග අතරින් සාන්ත ජෝසප් විද්‍යාලය හා ඉසිපතන විද්‍යාලය අතර පැවැත්වූ තරගයේ දී තෙවිඳු දික්වැල්ල ලබා ගත් වේගවත් අර්ධ ශතකය පාසල් ක්‍රිකට් පිටියේ චමත්කාර ජනක බව දෙගුණ තෙගුණ කළේය. ඊට අමතරව සාන්ත අන්තෝනි විද්‍යාලයේ තීක්ෂණ ගුණසිංහ ද නොදැවී අර්ධ ශතකයක් රැස්කර ගන්නා ලදි.

දෙවැනි තැන සිටි කැන්රිච් ෆිනෑන්ස් අවසන් සටනට

ශ්‍රී ලංකා වෙළඳසේවා ක්‍රිකට් සංගමය හා Fair & Lovely Men එක්ව සංවිධානය කරන වෙළඳසේවා B

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා කොළඹ ඉසිපතන විද්‍යාලය

පැහැදිලි කාලගුණ තත්වයක් යටතේ ඉහළ නැගුණු කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ඉසිපතන විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට පිටියට ආ ප්‍රබල සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ ලකුණු 190ක් ලබා ගත්තේ ශෙවෝන් ඩැනියල් හා මිරංග වික්‍රමගේ ලබා ගත් ලකුණු සවියක් කරගෙනයි. එහි දී ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 41ක් හා ලකුණු 31ක් ලබා ගන්නා ලදි.

පන්දු යැවීමේ දී ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ නායක මදුශික සඳරුවන් ලකුණු 49කට කඩුලු 6ක් දවා ගන්නා ලදි. තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉසිපතන විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 66ක් ලබාගෙන සිටියේ සිය පළමු ඉනිමේ පන්දු 58ක් තුලයි. ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වූ වමතින් පිතිකරණයේ නිරත වන තෙවිඳු දික්වැල්ල වටිනා හා වේගවත් අර්ධ ශතකයක් ලබාගෙන සිය විද්‍යාලය තරගයේ පළමු දිනය තුලම ස්ථාවර මට්ටමකට රැගෙන එන ලදි.

A කාණ්ඩයේ තරගයක් වන මෙය කොළඹ බී. ආර්. සී පිටියේ දී පැවැත්වේ.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 190 (61.3): ශෙවෝන් ඩැනියල් 41, මිරංග වික්‍රමගේ 31, සචින්ත මහින්දසිංහ 27, රිශිත පෙරේරා 25, මදුශික සඳරුවන් 6/49

ඉසිපතන විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 66/1 (9.4): තෙවිඳු දික්වැල්ල 51

ලකුණු 8කින් බංග්ලාදේශ පොඩ්ඩෝ එක්දින තරගාවලියේ පෙරමුණ ගනිති

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට්


කොළඹ ආනන්ද විද්‍යාලය හා කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය

මහනුවර සාන්ත අන්තෝනි  විදුහල් පිටියේ දී පළමු දිනයට පැවති මේ තරගය අයහපත් ආලෝක තත්වය නිසාවෙන් නවතා දමද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සත්කාරක සාන්ත අන්තෝනි විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 84ක් ලබා ගන්නා ලදි.

වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා පැය 3කට ආසන්න ප්‍රමාදයකට පසුව තරගය ආරම්භ විය. සුහද තරගයක් ලෙස පැවැත්වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සංචාරක ආනන්ද විද්‍යාලයේ ඇරයුමින් පිටියට පැමිණි සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් වමතින් පිත්ත හසුරුවන තීක්ෂණ ගුණසිංහ විසින් නොදැවී ලකුණු 51*ක් ලබා ගන්නා ලදි.

සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 84/4 (39.3): තීක්ෂණ ගුණසිංහ 51*, එම්. රුක්ෂාන් 22, ජනිඳු ජයවර්ධන 2/04

පළමු දිනයට ක්‍රියාත්මක වූ මෙම තරග දෙකම හෙට (3) දෙවන දිනයටත් ක්‍රියාත්මක වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<