ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ තෙවැනි කොටසේ ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය පසුගිය දා සමත් විය. මේ ඔවුන්ගේ ජයග්‍රාහී ගමන ගැන ThePapare.com තබන සටහනකි.
පෙරළිකාර ජෝසප්වරුන්ගේ නායකයා “ජෙහාන් ඩැනියෙල්”
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ..
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය වයස අවුරුදු 19න් පහළ තෙවැනි කොටසේ අවසාන මහා තරගය තෙක් පැමිණි ගමනේ දී වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයේ දී පරාජය කරමින් ද සහ අවසන් පූර්ව වටයේ දී ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය පරාජය කරමින් ද අවසාන මහා තරගයට සුදුසුකම් ලැබුවේය.
අවසාන මහා තරගය හේනේගම මධ්‍ය මහා විද්‍යාලය සහ ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය අතර මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි දී ඩඩ්ලි සේනානායක විද්‍යාලයට කඩුලු 6ක ජයග්‍රහණයක් අත්විය.

අවසාන මහා තරගයේ දී කාසියේ වාසිය දිනන ඩඩ්ලි සේනානායක විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමට ප්‍රතිවාදී හේනේගම මධ්‍ය මහා විද්‍යාලයීය ආරාධනා කළේය. ඔවුන්ගේ ඉනිම ලකුණු 113කට සීමා කිරීමට සමත්වන සේනානායකවරුන් එම ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී ලබා ගැනීමට සමත් විය.

ඩඩ්ලි සේනානායක නායක නිලක්ෂ ලක්ජිත් මෙවර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන්නේ 7 වැනි වසරට ය.

ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මැතිතුමාගේ මධ්‍ය විද්‍යාලයීය සංකල්පය යටතේ ආරම්භ වූ තෝලංගමුව ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය සිදුව ඇත්තේ මීට දශක දෙකකට එපිටිනි. ඒ එවකට හිටපු විදුහල්පති ගාමිණි ජයතිලක මහතාගේ මූලිකත්වයෙනි. අනතුරුව ජී. ගමආරච්චි මහත්මිය විදුහල්පතිනිය ලෙසින් සිටිද්දී ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය සමඟින් 2012 වසරේ දී වාර්ෂික මහා ක්‍රිකට් තරගයක් ආරම්භ කරමින් ක්‍රිකට් ක්‍රීඩාව නව මාවතකට ගෙන රැගෙන පැමිණ තිබේ.
එතැන් සිට මෙවර තෙවැනි කොටසේ ක්‍රිකට් ශූරතාව දිනා ගැනීම දක්වා වූ ගමනේ දී විදුහල්පති ලෙසින් කටයුතු කරනුයේ ජේ. ඒ. අයි. යූ. ජයකොඩි මහතා ය. මේ ජයග්‍රහණයට ප්‍රථම 2016 වසරේ දී තෝලංගමුව ක්‍රීඩකයෝ වයස අවුරුදු 19න් පහළ තෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 8 අතරට පිවිස ඇත.
“මේ ජයග්‍රහණය විශාල වෙහෙස මහන්සියක ප්‍රතිඵලයක්. අපේ ක්‍රීඩකයන් ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන ගියේ අඩු පහසුකම් යටතේ. අඩුම තරමින් අපේ අයට ක්‍රීඩා පුහුණුවට ක්‍රීඩාංගණ පහසුකම් පවා තිබුණේ නැහැ. නමුත් ඔවුන් ඒ කිසිදු දෙයක් ගැන සිතන්නේ නැතිව අපේ පාසලට ජයග්‍රහණය ලබා දුන්නා. මේ ලබා දුන් ගෞරවය වෙනුවෙන් මම කණ්ඩායමේ සියලුම දෙනාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේ ම පුහුණුකරු චින්තක ජයවික්‍රම මහතා, ක්‍රිකට් භාර ආචාර්ය ඩී. ජී. අමරසේන මහතා සහ ක්‍රීඩා භාර ආචාර්ය සිසිල්ටන් හෙට්ටිආරච්චි මහතා වගේ ම අපේ ක්‍රීඩකයන්ට උදව් කළ ආදි ශිෂ්‍යයන් ඇතුළු සියලුම දෙනාට ස්තූතිවන්ත වෙනවා.” විදුහල්පති ජයකොඩි මහතා අප සමඟ පැවසුවේය.
“අපිට මූලිකවම තිබුණ ප්‍රශ්නයක් තමයි ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයේ අඩුව. නමුත් පසුගිය අවුරුදු දෙක තුනේ දී අපිට මේ තත්ත්වයේ වෙනසකට යන්න පුළුවන් වුනා. මේ ජයග්‍රහණයත් සමඟින් මම විශ්වාස කරනවා තව තවත් ළමුන් මේ වටා එක්වෙයි කියලා. ඒ වගේ ම මෙතෙක් අපිට අඩුවක්ව තිබුණ ක්‍රීඩා පිටිය පසුගිය 4 වැනිදා විවෘත කළා. ඒකත් මම හිතනවා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට වැදගත් වෙයි කියලා.” ජයකොඩි මහතා වැඩිදුරටත් පැවසුවේය.
ඩඩ්ලි සේනානායකවරුන් මේ ජයග්‍රහණය කරා ගිය ගමනේ දී සුවිශේෂී කාර්ය බාරයක් කරනු ලැබුවේ පුහුණුකරු චින්තක ජයවික්‍රම මහතා ය. කෑගල්ල සාන්ත මරියා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන ඔහු දැනට වසර කිහිපයක සිට ම සේනානායකවරුන්ගේ ක්‍රිකට් පුහුණුකරු ය.
19න් පහළ පාසල් එක්දින පිටියේ වීරයා “පොඩි මෙන්ඩා”
ඔහු ක්‍රිකට් දුටුවේ බහ තෝරන්නටත් ප්‍රථමයෙනි. ගෙදර තනිකරම ක්‍රිකට් ය. තාත්තාගේත්…
“මේ ජයග්‍රහණය උදේ හවස වෙහෙස මහන්සියෙන් කළ පුහුණුකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙසයි මම දකින්නේ. ටීම් එකට ම හිටියෙ 13 දෙනයි. එයින් ක්‍රිකට් ගහපු අය හිටියෙ 4 දෙනයි. අනිත් අය සැහැල්ලු පන්දු ක්‍රිකට් ගහද්දි ගෙන්න ගත් අය. ඔවුන්ව මේ තත්ත්වයට ගේන්න විශේෂ මහන්සියකින් යුත් පුහුණුවක් ලබා දෙන්න වුනා. කොහොම වුනත් ඒ වුන මහන්සියට ලැබූ ප්‍රතිඵලය ගැන සතුටු වෙනවා. දැන් තිබෙන්නේ මේ ලැබූ ජයග්‍රහණය ඉදිරියටත් පවත්වා ගෙන යෑමයි.“ ජයවික්‍රම මහතා පැවසුවේය.
ඔහු තව දුරටත් පවසන්නේ පහසුකම් නොමැති වීම තිබෙන ප්‍රධානතම ගැටලුව බවයි.“ අපි පසුගිය වසර දිවුවේ හරි අමාරුවෙන්. ආදි ශිෂ්‍යයන් තමයි යන්තමින් හරි උදව් කළේ. මේ ළමුන්ගේ දෙමාපියන්ට වුනත් ක්‍රීඩාව වෙනුවෙන් අමතර මුදලක් වියදම් කරන්න අමාරුයි. නමුත් ඔවුන් ද මේ ජයග්‍රහණය වෙනුවෙන් පුළුවන් ආකාරයෙන් දායක වුනා. ඒ වගේම විද්‍යාලයේ විදුහල්පතිතුමා, ක්‍රිකට් භාර ආචාර්යවරයා වගේම සියලුම දෙනා දැක්වූ සහයෝගයත් ඉතා වටිනවා. ඔවුන්ට ක්‍රිකට් රැක ගැනීමට පැහැදිලි අවශ්‍යතාවක් තිබුණා.”
සේනානායකවරුන්ගේ ජයග්‍රහණය බන්දේසියක තබා ලැබූවක් නොවන බැව් මේ සියලු දෙනා කියන කතාවලින් පැහැදිලිය. සැබැවින් ම මේ ජයග්‍රහණය දැඩි කැපවීම මත ම ලැබූවකි. එනිසා ඔවුහු සැබෑම විරයෝ වෙති. එළඹෙන තරග සමයේ දී ඔවුන් සහභාගී වෙන්නේ දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියට ය. එය වඩාත් තරගකාරීත්වයෙන් සේ ම පහසුකම්වලින් ද අනූනව යා යුතු ගමනකි. ඊට සාර්ථකව මුහුණ දීමය ඔවුන්ගේ බලාපොරොත්තුව.
එම ගමන සාර්ථකව යෑමට ThePapare.com සුබ පැතුම් එක් කරමු.
ඩඩ්ලි සේනානායක විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම
නිලක්ෂ ලක්ජිත් (නායක), හර්ෂ කරුණාරත්න (උප නායක), නිලක්ෂ සඳකැන්, මල්ශාන් දිසානායක, පී. ජී. එච්. ටී. කාවින්ද, ටී. එන්. ප්‍රියදර්ශන, ආර්. මධුශාන්, ක්‍රිශාන් ධර්මකීර්ති, එස්. ආර්. එම්. මධුශාන්, චතුරංග ප්‍රසාද්, අසිත ලක්ෂාන්, සිතුම් සංජන, පිරුණ හේෂාන්
නිලධාරීන්; ජේ. ඒ. අයි. යූ. ජයකොඩි (විදුහල්පති), ඩී. ජී. අමරසේන (ක්‍රිකට් භාර ආචාර්ය), වයි. සී. බී. ජයවික්‍රම (පුහුණුකරු)
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<






















