ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ Emerging Club දෙදින ක්‍රිකට් තරගාවලියේ Panadura SC සහ Ragama CC අතර තරගය අද (07) විසඳුමකින් තොරව අවසන් වුණා.
දෙවැනි දිනයට පැවැත්වෙන මෙම තරගය අද ආරම්භ වන විට Panadura SC කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 121ක් ලබා සිටි අතර ඔවුන් තම පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 349ක් ලබා ගත්තා.
එම ඉනිම වෙනුවෙන් කාංචන ද ලිවේරා සහ දෙනෙත් පීරිස් සිව් වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 112ක දී ලකුණු 109ක සබඳතාවක් ගොඩ නගන අතර එය එම ඉනිමේ හොඳම කඩුලු අතර සබඳතාවය ද වූවා. එහි දී කංචන ද ලිවේරා පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 52ක් ද සහ දෙනෙත් පීරිස් පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 76ක් ද ලබා ගත්තා.
ඊට අමතර ව සසිඳු මල්ශාන් පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 57ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී නිසලිත සන්දිව්, ශෙවාන් මෝසස් සහ දසිත් ගුණතිලක කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
ලකුණු 155ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ Ragama CC ක්‍රීඩකයෝ එවර සියලුම දෙනා දැවී ලකුණු 175ක් ලබා ගත්තා. එම ඉනිමේ දී සනිතු අමරසිංහ පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 63ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී විශ්ව ලහිරු ලකුණු 61කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතර ව මෙවිඳු කුමාරසිරි කඩුලු 3ක් ද සහ දෙනෙත් පීරිස් කඩුලු 2ක් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Ragama CC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 194 (51.1)දෙනුර දිමන්සිත් 72, යෝශිත ඉසුරංග 50, මලීෂ සිල්වා 26, සහන් මිහිර 2/38, විශ්ව ලහිරු 2/55, මෙවිඳු කුමාරසිරි 6/40
- Panadura SC– පළමු ඉනිම කඩුලු 8ක් දැවී 349 (78.0)කවිඳු අමමෙත් 59, චාර්ය පරණවිතාන 39, දෙනෙත් පීරිස් 79, කාංචන ද ලිවේරා 52, සසිඳු මල්ශාන් 57, ශෙවාන් මෝසස් 2/48, දසිත් ගුණතිලක 2/62, නිසලිත සන්දිව් 2/40
- Ragama CC– දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 175 (51.4)යෝශිත ඉසුරංග 24, සනිතු අමරසිංහ 63, මලීෂ සිල්වා 22, දසිත් ගුණතිලක 23, විශ්ව ලහිරු 4/61, මෙවිඳු කුමාරසිරි 3/24, දෙනෙත් පීරිස් 2/31
තරගයේ විසඳුමක් නෑ. (Panadura SC කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්)
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.