ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ Emerging Club දෙදින ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් වාර්තා වූ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට Bloomfield C & AC කණ්ඩායමේ දකුණතින් පිට දඟ පන්දු යවන තරින්ද ගුරුගේ සමත් වුණා.
ඔහු Galle CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 46කට කඩුලු 8ක් දවා ගනිමින් දිනයේ කැපී පෙණෙන පන්දු යවන්නා බවට පත් වුණා.
ඊට අමතර ව NCC කණ්ඩායමේ ශක්ති උදාර Navy SC කණ්ඩායමට එරෙහි ව තරගයේ දී කඩුලු 11ක් දවා ගන්නවා. ඔහු ප්‍රතිවාදී පළමු ඉනිමේ දී ලකුණු 63කට කඩුලු 5ක් ද සහ 2 වැනි ඉනිමේ දී ලකුණු 23කට කඩුලු 6ක් ද ලෙසින් තරගයේ දී ලකුණු 86කට කඩුලු 11ක් දවා ගන්නවා.
මේ අතර NCC කණ්ඩායමේ ඩිලාන් අමරසිංහ (59) සහ ජීවක සශීන් (63), Navy SC කණ්ඩායමේ උවින් පෙරේරා (62), Baduraliya SC කණ්ඩායමේ ජනෙත් කෞශාල් (64), යෙනුල දෙව්තුස 60, Panadura SC කණ්ඩායමේ දූරක සිල්වා 65, චාර්ය පරණවිතාන 98 සහ සසිඳු මල්ශාන් 74, Tamil Union C & AC කණ්ඩායමේ ශානුක ගලගොඩ (69), SSC කණ්ඩායමේ ශෙවෝන් ඩැනියෙල් (52), Kandy Customs SC කණ්ඩායමේ ප්‍රමේශ් මදුභාෂණ (67), Police SC කණ්ඩායමේ සංගීත් ශෙහාර (නොදැවී 61), Galle CC කණ්ඩායමේ චමත් දිල්සර (63) සහ Bloomfield C & AC කණ්ඩායමේ සවිඳු රොද්‍රිගෝ 51 අර්ධ ශතක ඉනිම් ගොඩ නැගුවා.
- කොදෙව් යන යොවුන් බලඇණිය නම් කරයි
- හිවින් කෙනුල කඩුලු ත්රිත්වයක් ලබා ගනී
- කෙනුල් සහ රනුක් ශතකලාභීන් අතරට
- මිනෙත් 2 වැනි ශතකයත් රැස් කරයි
- 23න් පහළ පළමු දිනයට ශතක වැස්සක්
තරගවල කෙටි ලකුණු පුවරුව
Baduraliya SC සහ Army SC අතර තරගය මග්ගොන, Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- Baduraliya SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 211 (72.4) ජනෙත් කෞශාල් 64, දිනාල් ඉඳුවර 27, ශානික්‍ය දේශප්‍රිය 25, යෙනුල දෙව්තුස 60, විහඟ ඉරංජන 3/58, අමිල පෙරේරා 2/17
- Army SC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 80 (18.0) අශාන් සුදර්ශන 48, අමිල පෙරේරා නොදැවී 27, සඳුන් මෙන්ඩිස් 2/08
Negombo CC සහ Panadura SC අතර තරගය කටුනායක, ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.
- Panadura SC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 361 (78.0) දූරක සිල්වා 65, චාර්ය පරණවිතාන 98, කංචන ද ලිවේරා 26, සසිඳු මල්ශාන් 74, සෙනිත හැළඹගේ 31, හංසජ හිරුණ 2/76, අමිත පෙරේරා 3/114, ශෙහාන් ප්‍රමෝද් 3/155
- Negombo CC – පළමු ඉනිම කඩුල්ලක් දැවී 26 (10.0)
Tamil Union C & AC සහ SSC අතර තරගය කොළඹ, P. Sara Oval ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- Tamil Union C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 192 (48.4) ශානුක ගලගොඩ 69, ශාරුජන් සම්මුගනාදන් 33, විහස් තෙව්මික නොදැවී 25, ගිශාන් බාලසූරිය 4/54
- SSC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 145 (34.0) සදීශ රාජපක්ෂ 26, ශෙවෝන් ඩැනියෙල් 52, රනුක් ජයසූරිය 43, විහස් තෙව්මික 4/60
Kandy Customs SC සහ Police SC අතර තරගය දොඹගොඩ, යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- Kandy Customs SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 195 (53.5) චෙහාන් සුබසිංහ 39, සුදීර වීරරත්න 25, ප්‍රමේශ් මදුභාෂණ 67, අයේෂ් ශෂිමාල් 26, දමිත් කප්පාගොඩ 2/47, පූර්ණ සුලක්ෂණ 4/55, රශ්මික පෙරේරා 3/32
- Police SC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 100 (30.0) සංගීත් ශෙහාර නොදැවී 61
Bloomfield C & AC සහ Galle CC අතර තරගය කොළඹ, Bloomfield ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- Galle CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 188 (53.5) නිකිල් ජයවීර 28, චමත් දිල්සර 63, දුල්සිත් දර්ශන 47, තරින්ද ගුරුගේ 8/46
- Bloomfield C & AC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 122 (27.0) සවිඳු රොද්‍රිගෝ 51, තරිඳු හර්ශන නොදැවී 26
මෙම තරග අද (24) 2 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මක වේ.
පෙර දින (23) අවසන් වූ තරගයේ කෙටි ලකුණු පුවරුව
NCC සහ Navy SC අතර තරගය කොළඹ, NCC ක්‍රීඩාංගණයේ දී.
- NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 263 (67.1) ඩිලාන් අමරසිංහ 19, ජීවක සශින් 60, විනුක රූබසිංහ 39, රපියෙල් හෙට්ටිගේ 34, ඉශාන් හෙට්ටිආරච්චි 26, උවින් පෙරේරා 58, ඉෂාන් අනුරාධ 3/86, හංසජ ජයසිංහ 2/52, කවික ජයසුන්දර 2/31
- Navy SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 195 (46.0) උවිඳු පෙරේරා 62, හංසජ ජයසිංහ 35, දිනෝෂ් ගමගේ 37, රනුක මලවිආරච්චි 2/47, ශක්ති උදාර 5/63, උවින් පෙරේරා 2/19
- NCC – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 177 (26.1) ඩිලාන් අමරසිංහ 59, නෙලුක හේශාන් 36, ජීවක සශීන් 63, හංසජ ජයසිංහ 2/46
- Navy SC – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 87 (33.0) උවිඳු පෙරේරා 37, රුවීන් ෆොන්සේකා 20, දිනෝෂ් ගමගේ 22, ශක්ති උදාර 6/23
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය NCC කණ්ඩායමට)
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<