ජීවක සහ වෝෂිත ශතකය රැස් කරයි

19
U 23 Emerging Club Tournament 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් දිනයේ දී (9) ජීවක සශීන් සහ වෝෂිත අමරසිංහ ශතක වාර්තා කිරීමට සමත් වුණා. 

NCC කණ්ඩායමේ නායක ජීවක සශීන් Moratuwa SC කණ්ඩායමට එරෙහි ව පන්දු 246කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 158ක් ලබා ගත් අතර Colombo Malay CC කණ්ඩායමේ වෝෂිත අමරසිංහ United Southern SC කණ්ඩායමට එරෙහි ව පන්දු 204කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 126ක් ලබා ගත්තා.

ඊට අමතර ව Tamil Union C & AC කණ්ඩායමේ සිනෙත් ජයවර්ධන Kurunegala Youth CC කණ්ඩායම හමුවේ තම ශතකයක් ලකුණකින් අහිමි කර ගත්තා.

මේ අතර BRC කණ්ඩායමේ විශ්ව සුපුන් (55), Army SC කණ්ඩායමේ අශාන් සුදර්ශන (64) සහ තරිඳු දිලංක (නොදැවී 59), Navy SC කණ්ඩායමේ හිරුණ ප්‍රනාන්දු (66), Sebastianites C & AC කණ්ඩායමේ රුසිරු විලෝචන (96), Colombo Malay CC කණ්ඩායමේ නිමාන් උමේෂ් (52) සහ හිරන්ත ජයසිංහ (57), SSC කණ්ඩායමේ ශෙවෝන් ඩැනියෙල් (82) සහ සදිශ රාජපක්ෂ (54), Kandy Customs SC කණ්ඩායමේ මහෞෂධ ප්‍රනාන්දු (නොදැවී 52) සහ කවීෂ ඉඳුවර (නොදැවී 54), NCC කණ්ඩායමේ ගවිරු සෙන්හස් (74) සහ කවිඳු පතිරත්න (86), Galle CC කණ්ඩායමේ හිරුෂ පියුමාල් (56) සහ යූරි කොත්තිගොඩ (64) දිනයේ අර්ධ ශතකලාභීන් අතරට එක් වුණා.

පන්දු යැවීමේ දී Ace Capital CC කණ්ඩායමේ වනුජ සහන් (6/70) සහ ට්‍රෙවින් මැතිව් (6/34) BRC කණ්ඩායමට එරෙහි ව ඉනිම දෙකේ දී කඩුලු 6ක් බැගින් දවා ගෙන දක්ෂතා දැක් වූ අතර Tamil Union C & AC කණ්ඩායමේ විශ්ව ධනංජය (5/45) සහ කලණ ලියනගේ (5/61) ද, Nugegoda S & WC කණ්ඩායමේ අභිශේක් ආනන්දකුමාර (5/33) පන්දු යවන්නන් අතුරින් දක්ෂතා දැක් වූවා.

අද ආරම්භ වූ තරගවල කෙටි ලකුණු පුවරු

Ace Capital CC සහ BRC අතර තරගය කොළඹ, Bloomfield  ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

Ace Capital CC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 355 (70.0) විනුශ්ක සිල්වා 80, පවන් පතිරාජ 70, රනේෂ් සිල්වා 111, රවීන් ද සිල්වා නොදැවී 48, අකාශ් බාලක්‍රිෂ්ණා 3/72, තරුක්ෂ අශේල් 2/99

 

BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 147 (34.2) තනුග පලිහවඩන 21, දිනුරු අබේවික්‍රමසිංහ 21, විශ්ව සුපුන් 55, වනුජ සහන් 6/70

 

BRC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 116 (30.0) තරුක්ෂ අශේල් 34, කුසල් විජේතුංග 27, දිනිරු අබේවික්‍රමසිංහ 23, වනුජ සහන් 2/55, ට්‍රෙවීන් මැතිව් 6/34

Ace Capital CC කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 92ක ජයක්.

Army SC සහ Nugegoda S & WC අතර තරගය දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

Nugegoda S & WC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 346 (82.0) පුලිඳු පෙරේරා 223, කවිශ්ක බොතේජු 78, දහම් නිර්මාල් නොදැවී 20, නවීන් පෙරේරා 4/56, ශෙනෙල් සමරතුංග 3/126

 

Army SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 253 (86.0) අශාන් සුදර්ශන 64, උමේෂ් ද සිල්වා 42, තරිඳු දිලංක නොදැවී 59, ශෙනෙල් සමරතුංග 30, නිර්මල රත්නායක 2/82, අභිශේක් ආනන්දකුමාර 5/33

තරගයේ විසඳුමක් නෑ. (Nugegoda S & WC කණ්ඩායමට පළමු ඉනිමේ ජය.)

United Southern SC සහ Colombo Malay CC අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

United Southern SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 278 (79.2) තමිඳු ප්‍රදීප්ත 114, කවිත් ප්‍රනාන්දු 26, කවීෂ කල්පන 27, පෙසඳු සංජන් 58, කෙවින් සැමුවෙල් 2/31, නිමන් උමේෂ් 3/56, කවීෂ් සත්සර 2/52

 

Colombo Malay CC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 327 (103.0) නිමාන් උමේෂ් 52, හිරන්ත ජයසිංහ 57, කෙවින් සැමුවෙල් 23, පුලස්ති අතපත්තු 49, වෝෂිත අමරසිංහ 126, තරුෂ් දමිඳු 2/72, සසංක නිර්මාල් 3/76

තරගයේ විසඳුමක් නෑ. (Colombo Malay CC කණ්ඩායමට පළමු ඉනිමේ ජය.)

Moratuwa SC සහ NCC අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

Moratuwa SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 189 (55.2) විදුර ලක්ශාන් 25, සහන් කෞශල්‍ය 24, සසිඳු බැට්ටගේ 20, ලසේන් ගුණරත්න 29, ශක්ති උදාර 6/36

 

NCC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 419 (113.1) ජීවක සශීන් 158, ගවිරු සෙන්හස් 74, කවිඳු පතිරත්න 86, දනුශ්ක මදුසංක 37, උශාන් සත්සර 3/102, සහන් කෞශල්‍ය 3/75, දුමිඳු සෙව්මිණ 2/60

 

Moratuwa SC – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 18 (2.0)

තරගයේ විසඳුමක් නෑ. (NCC කණ්ඩායමට පළමු ඉනිමේ ජය.)

Sebastianites C & AC සහ Navy SC අතර තරගය කොළඹ SLLDC ක්‍රීඩාංගණයේ දී.

Sebastianites C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 231 (56.2) නුවන් දිනෙත් 29, ලශ්මික පෙරේරා 37, කවිඳු ගයාත්‍ර 20, තාරුක සූරියාරච්චි 31, චාරුක පීරිස් 59, ජනිත් ප්‍රනාන්දු 2/44, දිනෝෂ් ගමගේ 2/23, රිතිල් සුරවීර 4/59, හංසජ ජයසිංහ 2/49

 

Navy SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 191 (68.2) ඩිනෝෂ් ගමගේ 34, හිරුණ ප්‍රනාන්දු 66, සිතුම් ප්‍රනාන්දු 24, තරුෂ අමරසිංහ 3/55, අශේන් පෙරේරා 4/48

 

Sebastianites C & AC – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 173 (37.2) රුසිරු විලෝචන 96, නුවන් දිනෙත් 29, හංසජ ජයසිංහ 2/43

තරගයේ විසඳුමක් නෑ. (Sebastianites C & AC කණ්ඩායමට පළමු ඉනිමේ ජය.)

Kurunegala Youth CC සහ Tamil Union C & AC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

Kurunegala Youth CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 213 (63.0) අමේෂ් තෙන්නකෝන් 59, ලක්වින් අබේසිංහ 52, විතිල උදාර 28, විශ්ව ධනංජය 5/45, කලණ ලියනගේ 5/61

 

Tamil Union C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 243 (50.3) සිනෙත් ජයවර්ධන 99, නරේන් මුරලිදරන් 23, ශාරුජන් ශම්මුගනාදන් 33, විහස් තෙව්මික 24, ගයන වීරසිංහ 4/40, වතිල උදාර 4/51, කලිඳු විජේසිංහ 2/41

 

Kurunegala Youth CC – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 47 (8.0) සත්සර නවෝද් 21, කවිඳු එක්නායක නොදැවී 21, ශාරුජන් ශම්මුගනාදන් 2/21

තරගයේ විසඳුමක් නෑ. (Tamil Union C & AC කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.)

Galle CC සහ Police SC අතර තරගය කොළඹ, Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

Police SC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 344 (75.0) ධනුජ ඉඳුවර 138, සංගීත් ශෙහාර 143, රශ්මික පෙරේරා 27, කවීන් රුක්ෂාන් 3/102, මනීෂ රශ්මික 2/59

 

Galle CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 338 (102.1) නිකිල් ජයවීර 30, චමත් දිල්සර 35, හිරුෂ පියුමාල් 56, යූරි කොත්තිගොඩ 64, හංසමාන ද සිල්වා 41, හසිත සුරංග 43, දුලන රාජපක්ෂ 33, පූර්ණ සුලක්ෂණ 3/66, රශ්මික පෙරේරා 3/89

තරගයේ විසඳුමක් නෑ. (Police SC කණ්ඩායමට පළමු ඉනිමේ ජය.)

SSC සහ Kandy Customs SC අතර තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී.

SSC – පළමු ඉනිම සියලු දෙනා දැවී 219 (53.0) ශෙවෝන් ඩැනියෙල් 75, නදීෂ ආකාශ් 40, ශෝන් රොද්‍රිගෝ 2/35, වෙන්කට් රාජේන්ද්‍රන් 4/53, නඳුන් සිල්වා 2/47

 

Kandy Customs SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 138 (50.2) නඳුන් සිල්වා 36, කවීෂ ඉඳුවර 26, ඔනජිත් ද සිල්වා 26, සදීශ රාජපක්ෂ 3/44, දිනුක වන්නිආරච්චි 3/33, ගිශාන් බාලසූරිය 4/40

 

SSC – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 220 (33.3) ශෙවෝන් ඩැනියෙල් 82, රිවිත් ජයසූරිය 29, සදිශ රාජපක්ෂ 54, රනුද සෝමරත්න නොදැවී 32, කවීෂ ඉඳුවර 4/64, සුධීර වීරරත්න 2/54

 

Kandy Customs SC – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 146 (43.0) සුධීර වීරරත්න 21, මහෞෂධ ප්‍රනාන්දු නොදැවී 52, කවීෂ ඉඳුවර නොදැවී 54, දිනුක වන්නිආරච්චි 2/35, ගිශාන් බාලසූරිය 2/48

තරගයේ විසඳුමක් නෑ. (SSC කණ්ඩායමට පළමු ඉනිමේ ජය.)

එලෙසින් නිමා වූ තරගාවලියේ පළමු වටයේ තරග අතුරින් A කාණ්ඩයෙන් ප්‍රසාද ලකුණු 66.935ක් ලබා ගත් Nugegoda S & WC කණ්ඩායම ද සහ ප්‍රසාද ලකුණු 59.060ක් ලබා ගත් ACE Capital CC කණ්ඩායම ද, B කාණ්ඩයෙන් ප්‍රසාද ලකුණු 56.605ක් ලබා ගත් Chilaw MCC කණ්ඩායම ද සහ ප්‍රසාද ලකුණු 47.000ක් ලබා ගත් Moors SC කණ්ඩායම ද, C කාණ්ඩයෙන් ප්‍රසාද ලකුණු 49.445ක් ලබා ගත් CCC කණ්ඩායම ද සහ ප්‍රසාද ලකුණු 45.980ක් ලබා ගත් Negombo CC කණ්ඩායම ද, D කාණ්ඩයෙන් ප්‍රසාද ලකුණු 62.965ක් ලබා ගත් Bloomfield C & AC කණ්ඩායම ද සහ ප්‍රසාද ලකුණු 62.675ක් ලබා ගත් SSC කණ්ඩායම ද අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තා.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<