ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ Emerging Club දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (08) ආරම්භ වූ තරගවල දී Nugegoda S & WC කණ්ඩායමේ පුලිඳු පෙරේරා ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.
ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ Army SC කණ්ඩායමට එරෙහිවයි. එහි දී ඔහු පන්දු 241කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 223ක් ලබා ගත් අතර එය මෙම තරගාවලියේ මෙවර වාර්තා වූ පළමු ද්විත්ව ශතකයයි.
මේ අතර Police SC කණ්ඩායමේ ධනුජ ඉඳුවර සහ සංගීත් ශෙහාර Galle CC කණ්ඩායමට එරෙහි ව ශතක ලබා ගැනීමට සමත් වූවා. එහි දී සංගීත් ශෙහාර පන්දු 183කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟින් ලකුණු 143ක් ද සහ ධනුජ ඉඳුවර පන්දු 183කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සමඟින් ලකුණු 138ක් ද ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 338ක දී ලකුණු 264ක සබඳතාවක් ගොඩ නැගීමට ද සමත් වුණා.
ඊට අමතර ව United Southern SC කණ්ඩායමේ තමිඳු ප්‍රදීප්ත Colombo Malay CC කණ්ඩායමට එරෙහි ව පන්දු 206කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 114ක් ලබා ගත් අතර Ace Capital CC කණ්ඩායමේ රනේෂ් සිල්වා BRC කණ්ඩායමට එරෙහි ව පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 111ක් ලබා ගත්තා.
දිනයේ පැවැති තරගවල දී Sebastianites C & AC කණ්ඩායමේ චාරුක පීරිස් (59), Ace Capital CC කණ්ඩායමේ විනුශ්ක සිල්වා (80) සහ පවන් පතිරාජ (70), Nugegoda S & WC කණ්ඩායමේ කවිශ්ක බොතේජු (78), United Southern SC කණ්ඩායමේ පෙසඳු සංජන් (58), Kurunegala Youth CC කණ්ඩායමේ අමේෂ් තෙන්නකෝන් (59) සහ ලක්වින් අබේසිංහ (52) සහ SSC කණ්ඩායමේ ශෙවෝන් ඩැනියෙල් (75) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
මේ අතර දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වූයේ NCC කණ්ඩායමේ ශක්ති උදාර. ඔහු Moratuwa SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 53කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
- කොදෙව්වෝ නැවත තරගාවලිය සම කරයි
- 17s සංග්‍රාමයේ අංකුර දක්ෂතා
- අසිත සහ තරිඳු නැවතත් ශතක ලැයිස්තුවට
- පවන් පතිරාජත් ශතක සමාජයට
- හිවින් කෙනුල කඩුලු ත්‍රිත්වයක් ලබා ගනී
අද ආරම්භ වූ තරගවල කෙටි ලකුණු පුවරු
Ace Capital CC සහ BRC අතර තරගය කොළඹ, Bloomfield ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
- Ace Capital CC – පළමු ඉනිම කඩුලු 6ක්දැවී 355(70.0) විනුශ්ක සිල්වා 80, පවන් පතිරාජ 70, රනේෂ් සිල්වා 111, රවීන් ද සිල්වා නොදැවී 48, අකාශ් බාලක්‍රිෂ්ණා 3/72, තරුක්ෂ අශේල් 2/99
- BRC– පළමු ඉනිම කඩුලු 4ක් දැවී 65 (18.0) වනුජ සහන් 3/30
Army SC සහ Nugegoda S & WC අතර තරගය දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
- Nugegoda S & WC – පළමු ඉනිම කඩුලු 7ක්දැවී 346(82.0) පුලිඳු පෙරේරා 223, කවිශ්ක බොතේජු 78, දහම් නිර්මාල් නොදැවී 20, නවීන් පෙරේරා 4/56, ශෙනෙල් සමරතුංග 3/126
- Army SC – පළමු ඉනිම කඩුල්ලක් දැවී 11 (5.0)
United Southern SC සහ Colombo Malay CC අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
- United Southern SC – පළමු ඉනිම සියලුම දෙනාදැවී 278(79.2) තමිඳු ප්‍රදීප්ත 114, කවිත් ප්‍රනාන්දු 26, කවීෂ කල්පන 27, පෙසඳු සංජන් 58, කෙවින් සැමුවෙල් 2/31, නිමන් උමේෂ් 3/56, කවීෂ් සත්සර 2/52
- Colombo Malay CC – පළමු ඉනිමකිසිවෙන් නොදැවී 24 (7.5) නිමාන් උමේෂ් නොදැවී 20
Moratuwa SC සහ NCC අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- Moratuwa SC – පළමු ඉනිම සියලුම දෙනාදැවී 189(55.2) විදුර ලක්ශාන් 25, සහන් කෞශල්‍ය 24, සසිඳු බැට්ටගේ 20, ලසේන් ගුණරත්න 29, ශක්ති උදාර 6/36
- NCC– පළමු ඉනිම කඩුලු 3ක් දැවී 118 (34.0)ජීවක සශීන් නොදැවී 41, ගවිරු සෙන්හස් නොදැවී 33, සහන් කෞශල්‍ය 3/22
Sebastianites C & AC සහ Navy SC අතර තරගය කොළඹ SLLDC ක්‍රීඩාංගණයේ දී.
- Sebastianites C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 231 (56.2)නුවන් දිනෙත් 29, ලශ්මික පෙරේරා 37, කවිඳු ගයාත්‍ර 20, තාරුක සූරියාරච්චි 31, චාරුක පීරිස් 59, ජනිත් ප්‍රනාන්දු 2/44, දිනෝෂ් ගමගේ 2/23, රිතිල් සුරවීර 4/59, හංසජ ජයසිංහ 2/49
- Navy SC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 91 (29.0)ඩිනෝෂ් ගමගේ නොදැවී 30, තරුෂ අමරසිංහ 2/24, අශේන් පෙරේරා 2/18
Kurunegala Youth CC සහ Tamil Union C & AC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- Kurunegala Youth CC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී207 (59.1)අමේෂ් තෙන්නකෝන් 59, ලක්වින් අබේසිංහ 52, විතිල උදාර නොදැවී 28, විශ්ව ධනංජය 4/39, කලණ ලියනගේ 3/61
Galle CC සහ Police SC අතර තරගය කොළඹ, Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- Police SC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 344 (75.0) ධනුජ ඉඳුවර 138, සංගීත් ශෙහාර 143, රශ්මික පෙරේරා 27, කවීන් රුක්ෂාන් 3/102, මනීෂ රශ්මික 2/59
- Galle CC– පළමු ඉනිම කිසිවෙක් නොදැවී 39 (13.0)නිකිල් ජයවීර නොදැවී 20
SSC සහ Kandy Customs SC අතර තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී.
- SSC – පළමු ඉනිම සියලු දෙනාදැවී219 (53.0) ශෙවෝන් ඩැනියෙල් 75, නදීෂ ආකාශ් 40, ශෝන් රොද්‍රිගෝ 2/35, වෙන්කට් රාජේන්ද්‍රන් 4/53, නඳුන් සිල්වා 2/47
- Kandy Customs SC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 92 (36.5)නඳුන් සිල්වා 36, සදීශ රාජපක්ෂ 3/30, දිනුක වන්නිආරච්චි 2/19
මෙම තරග සියල්ල හෙට (09) 2 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මකයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















