ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ Emerging Club දෙදින ක්‍රිකට් තරගාවලියේ නැවත ශතක අතරට පිවිසීමට දර්ශක සංදීප් සහ සකුණ ලියනගේ සමත් වෙනවා.
Chilaw Marians CC කණ්ඩායම නියෝජනය කරන දර්ශක සංදීප් සහ සකුණ ලියනගේ මේ කඩඉමට පිවිසෙන්නේ Moors SC කණ්ඩායමට එරෙහි ව ශතක වාර්තා කරමිනුයි. එහි දී දර්ශක සංදීප් පන්දු 134කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 118ක් ලබා ගත් අතර නායක සකුණ ලියනගේ පන්දු 112කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 115ක් ලබා ගත්තා.
මේ දකුණත් සහ වමත් පිතිකරුවෝ තම කණ්ඩායම වෙනුවෙන් 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 189ක දී ලකුණු 189ක සබඳතාවක් ද ගොඩ නගනවා.
මේ අතර දිනයේ (03) වැඩිම ලකුණුලාභියා බවට පත් වීමට Negombo CC කණ්ඩායමේ කවීන් ප්‍රනාන්දු සමත් වෙනවා. ඔහු Ragama CC කණ්ඩායමට එරෙහි ව පන්දු 126කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 123ක් ලබා සිටියා.
ඔවුන්ට අමතර ව Baduraliya SC කණ්ඩායමේ ජනෙත් කෞශාල් (70), ශානික්‍ය දේශප්‍රිය (නොදැවී 64) සහ රුසඳු සිල්වා (නොදැවී 52), United Southern SC කණ්ඩායමේ පෙසඳු සංජන (50), Chilaw Marians CC කණ්ඩායමේ හිරාන් ජයසුන්දර (56), CCC කණ්ඩායමේ පවන් රත්නායක (52), Bloomfield C & AC කණ්ඩායමේ අසිත වන්නිනායක (57), Galle CC කණ්ඩායමේ සඳෙව් ඉඳුවර (57) දිනයේ අර්ධ ශතකලාභීන් අතර ට එක් වුණා.
පන්දු යැවීමේ දී Colts CC කණ්ඩායමේ තරණ විමලධර්ම CCC කණ්ඩායමට එරෙහි ව ලකුණු 55කට කඩුලු 5ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තාකළ අතර ඊට අමතර ව Tamil Union C & AC කණ්ඩායමේ Bloomfield C & AC කණ්ඩායමට එරෙහි ව ලකුණ 58කට කඩුලු 5ක් ද සහ Bloomfield C & AC කණ්ඩායමේ තරින්ද ගුරුගේ Tamil Union C & AC කණ්ඩායමට එරෙහි ව ලකුණු 70කට කඩුලු 5ක් ද දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
- කමිඳුගෙන් ජයග්‍රාහී ඉනිමක්
- පරාජිත තරගයට කවිජගෙන් ශතකයක්
- පළමු පෙළ ක්‍රීඩකයින් සහ සහය කාර්ය මණ්ඩල සාමාජිකයින්ට රක්ෂණ ආවරණයක්
- පවන් පතිරාජත් ශතක සමාජයට
- Bulawayo පිටියේ නවසීලන්ත සෙල්ලම්
නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු
Ace Capital CC සහ Baduraliya SC අතර තරගය කොළඹ, තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
- Baduraliya SC – පළමු ඉනිම කඩුලු 6ක්දැවී 309(82.2) ජනෙත් කෞශාල් 70, අශේන් රොද්‍රිගෝ 24, යෙනුල දෙව්තුස 34, ශානික්‍ය දේශප්‍රිය නොදැවී 64, රුසඳු සිල්වා නොදැවී 52, ට්‍රෙවීන් මැතිව් 2/56, රවීන් ද සිල්වා 2/51
Nugegoda S & WC සහ BRC අතර තරගය කොස්ගම, සාලාව යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
- BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 284(81.3)කුසල් විජේතුංග 38, විශ්ව සුපුන් 52, යසිරු රොද්‍රිගෝ 61, රුචිත රොද්‍රිගෝ 24, තනුග පලිහවඩන 21, දිමත් අබේසිංහ 36, පසිඳු පැතුම් 2/17, නිර්මල රත්නායක 4/121, අභිශේක් ආනන්දකුමාර 3/32
- Nugegoda S & WC – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 8 (6.0)
Army SC සහ United Southern SC අතර තරගය පනාගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
- United Southern SC – පළමු ඉනිම කඩුලු 8ක්දැවී 279(58.3) හංස මිහිරංග 21, කවීෂ කල්පන 44, සසංක නිර්මාල් 34, පෙසඳු සංජන 50, චන්දුප ද සිල්වා 23, තරුෂ් දමිඳු නොදැවී 42, ඩොමිනික් ප්‍රනාන්දු නොදැවී 32, උමේෂ් ද සිල්වා 2/32
- Army SC – පළමු ඉනිමකඩුලු 4ක් දැවී 134 (34.0) අශාන් සුදර්ශන නොදැවී 56, අමිල පෙරේරා 26, තරිඳු දිලංක 40
Chilaw Marians CC සහ Moors SC අතර තරගය මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- Chilaw Marians CC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 420 (90.0) හිරාන් ජයසුන්දර 56, දිලන දම්සර 36, තෙවින් අමරසිංහ 34, දර්ශක සංදීප් 118, සකුණ ලියනගේ 115,ගරුක සංකේත් 3/74, ඔශාන් ද සිල්වා 2/09
Colts CC සහ CCC අතර තරගය Coltsක්‍රීඩාංගණයේ දී.
- CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 214 (67.5)පවන් සංදේශ 28, පවන් රත්නායක 52, සෙත්රු ප්‍රනාන්දු නොදැවී 22, තිසරු වන්නිනායක 40, තරණ විමලධර්ම 5/55, ප්‍රවීන් මනිශ 3/75
- Colts CC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 38 (20.0)රුසඳ ගමගේ නොදැවී 23
Bloomfield C & AC සහ Tamil Union C & AC අතර තරගය කොළඹ, Bloomfield ක්‍රීඩාංගණයේ දී.
- Bloomfield C & AC – පළමු ඉනිම සියලු දෙනාදැවී217 (56.4) හසිත අමරසිංහ 33, මිනෙත් ප්‍රේමරත්න 32, අසිත වන්නිනායක 57, පැතුම් රත්නායක 28, විහස් තෙව්මික 4/93, මෙවන් දිසානායක 5/58
- Tamil Union C & AC – පළමු ඉනිමකඩුලු 7ක් දැවී 137 (30.0) සනුක ගලගොඩ 26, සිනෙත් ජයවර්ධන 23, ඉසිවර දිසානායක 33, විහස් තෙව්මික 24, තරින්ද ගුරුගේ 5/70
Kandy Customs SC සහ Galle CC අතර තරගය දොඹගොඩ, යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
- Galle CC – පළමු ඉනිම සියලු දෙනාදැවී 200 (77.1)නිකිල් ජයවීර 20, යූරි කොත්තිගොඩ 48, සඳෙව් ඉඳුවර 57, ජනිඳු චාමික 2/46, කවීෂ ඉඳුවර 4/53, නඳුන් සිල්වා 3/34
- Kandy Customs SC – පළමු ඉනිම සියලුම කඩුලු 2ක් දැවී 30 (9.1) චෙහාන් සුබසිංහ නොදැවි 22
Negombo CC සහ Ragama CC අතර තරගය කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.
- Ragama CC – පළමු ඉනිම සියලු දෙනාදැවී143 (48.3) රන්දුල් සමරහේවා 31, මලීෂ සිල්වා 24, තිනුග නුවන් 28, අසීම් මොහොමඩ් නොදැවී 21, හංසජ හිරුණ 2/32, අමිත පෙරේරා 3/52, ශෙහාන් ප්‍රමෝද් 4/29
- Negombo CC– පළමු ඉනිම කඩුල්ලක් දැවී 160 (39.0)කවීන් ප්‍රනාන්දු නොදැවී 123
මෙම තරග සියල්ල අද (04) 2 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මකයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<