ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 3ක් (24) අවසන් වූ අතර එහිදී සිසල් හේමක සහ චනිරු සේනාරත්න ශතක ලබා ගත්තා.
පෙර දින නොදැවී ලකුණු 46ක් ලබා සිටි මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ ආරම්භක පිතිකරු සිසල් හේමක කැළණිය ගුරුකුල විද්‍යාලයට එරෙහිව පන්දු 243කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සමඟින් නොදැවී ලකුණු 150ක් ලබා ගත්තා.
මේ අතර මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ දකුණත් පිතිකරු චනිරු සේනාරත්න කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහි ව පන්දු 142කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 111ක් ලබා ගත්තා.
ඔවුන් දෙදෙනාට අමතර ව මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ නෙතුල් ආකාශ් (78) සහ ඔෂාන් ද සිල්වා (76), මහනුවර ත්‍රිත්ව විද්‍යාලයයේ පුලීශ තිලකරත්න (52) සහ ඩිනාල් ප්‍රනාන්දු (76), මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ අවීශ සමාශ් (52) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
නිමා වූ මෙම තරගවල දී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයට එරෙහි ව කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූ අතර අනෙක් තරග ද්විත්වය විසඳුමකින් තොරව අවසන් වූවා.
මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයීය පිටියේ දී. (Tier A)
කාසියේ වාසිය – සාන්ත තෝමස් විද්‍යාලය
- සාන්ත තෝමස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 208 (66.5) ජේඩන් අමරවීර 50, ආරොන් කොඩිතුවක්කු 43, රෙශෝන් සොලමන් 49, රුසඳු සිල්වා 5/44
- වේල්ස් කුමාර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 64 (19.5) රුසඳු සිල්වා 16, ගිම්හාන් මෙන්ඩිස් 4/15, චෙලන් වීරසිංහ 3/24, රෙශෝන් සොලමන් 3/08
- වේල්ස් කුමාර විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 273 (69.5) නෙතුල් ආකාශ් 78, ඔෂාන් ද සිල්වා 76, මතීෂ අපෝන්සු නොදැවී 43, ආරන් ද සිල්වා 4/55, රෙශොන් සොලමන් 3/52
- සාන්ත තෝමස් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 131 (25.0) අවිනාශ් ප්‍රනාන්දු 25, ආරන් කොඩිතුවක්කු නොදැවී 38, රෙශෝන් සොලමන් 22, ගිම්හාන් මෙන්ඩිස් 24, නෙතුල් අනුහස් 2/33
සාන්ත තෝමස් විද්‍යාලයට කඩුලු 5ක ජයක්.
කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයීය පිටියේ දී. (Tier A)
කාසියේ වාසිය – ත්‍රිත්ව විද්‍යාලය
- සාන්ත ජෝසප් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 302 (79.2) යෙනුල දන්තනාරායන 26, අවීශ සමාශ් 87, පමෝද දල්පදාදු 42, රිශ්ම අමරසිංහ 21, දිල්ප මදුරංග 21, චේතින කාවින්ද 41, තිසඟ පෙරේරා 37, කනිල්ක ඇන්තනී 6/102
- ත්‍රිත්ව විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 306 (80.0) පුලීශ තිලකරත්න 52, චනිරු සේනාරත්න 111, ඩිනාල් ප්‍රනාන්දු 76, ප්‍රවීන් මිතිල නොදැවී 26, නුශාන් පෙරේරා 2/101, ඩේමියන් ද සිල්වා 2/48
- සාන්ත ජෝසප් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 200 (29.0) අවීශ සමාශ් 52, පමෝද් දල්පදාදු 27, දිල්ප මදුරංග 38, නුශාන් පෙරේරා නොදැවී 27, චේතින කාවින්ද නොදැවී 25, කනිල්ක ඇන්තනී 2/65, චනිරු සේනාරත්න 2/63
තරගයේ විසඳුමක් නෑ. (ත්‍රිත්ව විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.)
මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කැළණිය ගුරුකුල විද්‍යාලය අතර තරගය මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයීය පිටියේ දී. (Tier A)
කාසියේ වාසිය – ගුරුකුල විද්‍යාලය
- ගුරුකුල විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 194 (62.4) දෙනුර දිමන්සිත් 29, ජනිත් මිහිරංග 84, ඉඳුවර ඔෂද 21, දසුන් වැලිඅංග 2/22, ප්‍රවීන් ගමගේ 3/61
- සාන්ත අන්තෝනි විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 304 (77.2) සනුක කල්පන 27, සිසල් හේමක නොදැවී 150, කෞෂික කුමාරසිංහ 34, සදෙව් අමරකෝන් 27, දසුන් වැලිඅංග නොදැවී 20, ජවිඳු මදුශංක 4/47, සහස් ඉඳුවර 2/40
- ගුරුකුල විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 99 (40.0) ජනිඳු මදුශංක 38, සහස් ඉඳුවර නොදැවී 23, සිසල් හේමක 2/20
තරගයේ විසඳුමක් නෑ. (සාන්ත අන්තෝනි විද්‍යාලයට පළමු ඉනිමේ ජය.)
අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<




















