ත්‍රිත්ව විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනී

U19 School Cricket 2026

1

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ Tier A සහ Tier B  ක්‍රිකට් තරගාවලියන් හී ආරම්භ වූ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අතුරින් Tier A කොටසින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් පළමු කණ්ඩායමට බවට පත් විමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් වූවා.  

ශ්‍රී සුමංගල විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනී

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර තරගය කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී. (Tier A) 

කාසියේ වාසිය – නාලන්දා විද්‍යාලය 

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 173ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් නාලන්දා විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 184ක් ලබා ගන්නවා.  

ලකුණු 9ක් ඉදිරියෙන් සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි ත්‍රිත්ව විද්‍යාලයට එවර කඩුලු 9ක් දැවී ලකුණු 274ක් ලබා ගනිමින් ඉනිම අත්හිටුවනවා. 

ඒ අනුව ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 264ක ඉලක්කයකට පිවිසි නාලන්දා විද්‍යාලයට එම ඉනිමේ දී ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 194ක් පමණයි.  

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ හසිත් රත්නායක. ඔහු පන්දු 116කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 46ක් ලබා ගන්නවා. ඊට අමතර ව නදුල් ජයලත් පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 40ක් ද සහ සංතුල් විජෙයරත්න පන්දු 136කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 37ක් ද ලබා ගන්නවා.  

නාලන්දා ඉනිම ගොඩ ගැනීමට අවසන් කඩුල්ලේ දී තියුණු උත්සාහයක් දැරීමට අවසන් පිතිකරුවන් වූ දුනිත අනුසාර සහ සහෂ් ගොඩගේ උත්සාහ දැරුවා. ඔවුන් දෙදෙනා පන්දුවාර 14ක් පුරා තම කඩුලු ආරක්ෂා කර ගනිමින් ලකුණු 39ක ද සබඳතාවක් එක් කරනවා.  

එම උත්සාහය ව්‍යවර්ථ වෙන්නේ සහන් ගොඩගේ ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමගින් ලකුණු 16ක් ලබා සිටියා.  

දුනිත අනුසාර නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 19ක්. ඔහු ඊට පන්දු 38ක් වැය කර තිබූ අතර ඊට හතරේ පහර 2ක් එක් කර තිබුණා.  

කඩුලු දවා ගැනීමේ දී දකුණතින් පිට දඟ පන්දු යවන චනිරු සේනාරත්න ලකුණු 73කට කඩුලු 7ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව කනිල්ක ඇන්තනී ලකුණු 48කට කඩුලු 3ක් දවා ගන්නවා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • ත්‍රිත්ව විද්‍යාලය – පළමු ඉනිමසියලුම දෙනා දැවී 173 (44.2) දිමන්ත මහවිතාන 21, ප්‍රවීන් රුකුනායක 59, විදුනෙත් ධම්මගේ 27, හසිත් රත්නායක 3/38, මල්ෂ ප්‍රනාන්දු 4/49
  • නාලන්දාවිද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 184 (85.4) ගෙවිඳු මනම්පේරි 39, රන්මිත් දිනුවර 22, සංතුල් විජේරත්න 28, හසිත් රත්නායක නොදැවී 32, කනිල්ක ඇන්තනි 5/52, දිනාල් ප්‍රනාන්දු 2/37
  • ත්‍රිත්ව විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 274 (44.3) දිමන්ත මහවිතාන 59, මහේන්ද්‍ර අබේසිංහ 31, ආදම් හිල්මි 57, විදුනෙත් ධම්මගේ නොදැවී 38, සෙත්මික සෙනෙවිරත්න 28, දුනිත් අනුසාර 2/23, මල්ෂ ප්‍රනාන්දු 3/68, හසිත් රත්නායක 3/70
  • නාලන්දාවිද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 194 (81.2) නදුල් ජයලත් 40, සන්තුල් විජෙයරත්න 37, හසිත් රත්නායක 46, දුනිත අනුසාර නොදැවී 19, චනිරු සේනාරත්න 7/73, කනිල්ක ඇන්තනී 3/48

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ලකුණු 69ක ජයක්.  

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<