ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර පැවැති තරගයේ දී රාජකීය විද්‍යාලයේ රෙහාන් පීරිස් ශතකයක් ලබා ගැනීමට සමත් වෙනවා.
>>වෙස්ලි සහ මලියදේව විද්‍යාලත් අවසන් පූර්ව වටයට
කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර තරගය, කටාන DHH පිටියේ දී. (Tier A)
කාසියේ වාසිය – මහානාම විද්‍යාලය
කාසියේ වාසිය දිනා ගත් මහානාම විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි රජකීය විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 319ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මහානාම විද්‍යාලය තරගය 2 වැනි දිනයට නතරක කරන විට තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 244ක් ලබා සිටිනවා.
පළමුවෙන් පන්දුවට පහර දුන් රාජකීය විද්‍යාලය වෙනුවෙන් කැපී පෙණෙන ඉනිමක නිරත වීමට නායක රෙහාන් පීරිස් සමත් වුණා. ඔහු පන්දු 218කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 146ක් ලබා ගන්නවා.
ඔහු ආරම්භක කඩුල්ල වෙනුවෙන් හිරුන් ලියනාරච්චි (50) සමඟ එක් වෙමින් ලකුණු 63ක සබඳතාවක් ද, 4 වැනි කඩුල්ල වෙනුවෙන් රමිරු පෙරේරා (27) සමඟ එක් වෙමින් ලකුණු 82ක සබඳතාවක් ද සහ 5 වැනි කඩුල්ල වෙනුවෙන් තෙවිඳු වේවැවල සමඟ එක් වෙමින් ලකුණු 117ක සබඳතාවක් ද ගොඩ නගනවා.
තෙවිඳු වේවැල්වල පන්දු 106කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 57ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී දකුණතින් පිට දඟ පන්දු යවන වෙනුර කවිත්‍ර ලකුණු 86කට කඩුලු 6ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව චාමික හීනටිගල ලකුණු 80කට කඩුලු 2ක් දවා ගන්නවා.
- රජිත් නවෝද්‍ය ගෙන් ශතකයක්
- වනුජ, දිලුම් සහ ලහිරු සම්මාන ලැබූ Major Club තරගාවලිය
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග කාලසටහන එළිදැක්වෙයි
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහානාම විද්‍යාලයීය ඉනිමේ ආරම්භක කඩුලු 4 ලකුණු 53ක් තුළ දැවී යන අතර ඉන් අනතුරු ව පිටියට එක් වූ මැද පෙළ පිතිකරුවෝ තම කණ්ඩායම ගෞරවනීය තත්ත්වයකට ගෙන ඒමට සමත් වුණා.
එහි දී පෙරමුණ ගත්තේ සිතුම් විහඟ. ඔහු පන්දු 120කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 70ක් ලබා ගන්නවා. ඔහු සනුල් වීරරත්න හා එක් ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 83ක සබඳතාවක් ද ගොඩ නගනවා.
සනුල් වීරරත්න පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තා. ඊට අමතර ව චාමික හීනටිගල පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 32ක් ද ලබා ගත්තා.
තරගය 2 වැනි දිනයට නතර කරන විට එශාන් විතානගේ පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 46ක් ලබා සිටිනවා.
කඩුලු දවා ගැනීමේ දී මහිරු කොඩිතුවක්කු සහ හිමරු දේශාන් කඩුලු 3ක් බැගින් දවා ගත් අතර ඊට අමතර ව රමිරු පෙරේරා කඩුලු ද්විත්වයක් ලබා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- රාජකීය විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 319 (86.2)හිරුන් ලියනාරච්චි 28, රෙහාන් පීරිස් 146, රමිරු පෙරේරා 27, තෙවිඳු වේවැල්වල 57, වෙනුර කවීත්‍ර 6/86, චාමික හීනටිගල 2/80
- මහානාම විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 244 (80.0)චාමික හීනටිගල 32, සිතුම් මිහඟ 70, සනුල් වීරරත්න 37, එශාන් විතානගේ නොදැවී 46, රමිරු පෙරේරා 2/37, මහිරු ලියනාරච්චි 3/49, හිමරු දේශාන් 3/87
කොළඹ මහානාම විද්‍යාලය ලකුණු 75ක් පිටුපසින්.
මෙම තරගය හෙට (4) 3 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මකයි.
අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















