සාන්ත ජෝසප් සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාල අවසන් පූර්ව වටයට

U19 School Cricket 2026

2
U19 School Cricket 2026

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි අලුත් ම කණ්ඩායම් බවට පත් වීමට මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සමත් වුණා.

>>වේල්ස් කුමාර විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනී<<

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය අතර තරගය, කුරුවිට යුද හමුදා ක්‍රීඩාංගණයේ දී. (Tier A)

කාසියේ වාසිය – සාන්ත පීතර විද්‍යාලය

කාසියේ වාසිය දිනා ගත් සාන්ත පීතර විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමට පිවිස තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 204ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සාන්ත ජෝසප් විද්‍යාලයට තම පළමු ඉනිමට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 187ක් පමණයි.

ලකුණු 17ක් ඉදිරියෙන් සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි සාන්ත පීතර විද්‍යාලයට එවර ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 79ක් පමණක් වන අතර ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 97ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි සාන්ත ජෝසප් විද්‍යාලය තරගය 2 වැනි දිනයට නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 3ක් ලබා සිටි අතර අද ඔවුන් තරගය ජයග්‍රහණයෙන් අවසන් කරන්නේ කඩුලු 7කට ලකුණු 98ක් ලබා ගනිමිනුයි.

ඒ අනුව ඔවුන්ට තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් හිමි වෙනවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

සාන්ත පීතර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 204 (69.0) සවි ප්‍රනාන්දු 34, දිනෙත් ද සිල්වා 33, ජේසන් ප්‍රනාන්දු 37, සදීශ සිල්වා 24, ඩිමල්ශ ජයවර්ධන නොදැවී 19, විග්නේෂ්වරන් ආකාශ් 3/66, විශ්ව පීරිස් 6/54

 

සාන්ත ජෝසප් විද්‍යාලය – පළමු ඉනිම – සියලුම දෙනා දැවී 187 (51.2) යෙනුල දන්තනාරායන 29, දිල්ප මදුරංග 38, නුෂාන් පෙරේරා 27, ජනිත් පණ්ඩිතරත්න 2/60, සදීශ සිල්වා 4/52, එවන් රොද්‍රිගෝ 2/12

 

සාන්ත පීතර විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 79 (24.1) ජේසන් ප්‍රනාන්දු 25, විශ්ව පීරිස් 2/37, විග්නේෂ්වරන් ආකාශ් 8/21

 

සාන්ත ජෝසප් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 98 (16.4) අවීශ සමාශ් 32, සෙනුජ වැකුණුගොඩ 24, ජනිත් පණ්ඩිතරත්න 4/54, සදීශ සිල්වා 3/43

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට කඩුලු 3ක ජයක්.

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරගය, කොළඹ වෙස්ලි විද්‍යාලයීය පිටියේ දී. (Tier B)

කාසියේ වාසිය – සාන්ත ජෝසප් වාස් විද්‍යාලය

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි සාන්ත ජෝසප් වාස් විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 142ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සාන්ත බෙනඩික්ට් විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුනු 218ක් ලබා ගන්නවා.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය එම ඉනිම අවසන් දිනයට ආරම්භ වෙද්දී කඩුලු 7ක් දැවී ලකුණු 178ක් ලබා සිටි අතර ඊට පෙර දින නොදැවී ලකුණු 50ක් ලබා සිටි සිතුම් හසරංග ඉනිම අවසන් වන විට නොදැවී ලකුණු 67ක් ලබා සිටියා. පන්දු 86කින් සමන්විත වූ එම ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහරක් ඇතුලත් වෙනවා.

කඩුලු දවා ගැනීමේ දී දමේෂ් මතිසන් කඩුලු 4ක් ද සහ හිමල් රවිහංස කඩුලු 3ක් ද දවා ගත්තා.

ලකුණු 76ක් පිටුපස සිටිමින් 2 වැනි ඉනිමට පිටියට පිවිසි සාන්ත ජෝසප් වාස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ එවර ලබා ගන්නේ සියලුම දෙනා දැවී ලකුණු 160ක් පමණක් වන අතර එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ අමල් දෙනුවන්. ඔහු පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 58ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී විහඟ රත්නායක කඩුලු 3ක් ද ඊට අමතර ව ලිතික ජයසුන්දර, යොහාන් ඒකනායක සහ මෙවන් දිසානාය කඩුලු ද්විත්වය බැගින් ද දවා ගන්නවා.

ජයග්‍රහණය සඳහා ලකුණු 85ක හඹා යන ඉනිමකට පිටියට පිවිසි සාන්ත බෙනඩික්ට් විද්‍යාලය එම ඉලක්කය කඩුලු 7ක් දැවී සපුරා ගන්නවා.

එහි දී විහඟ රත්නායක ලකුණු 20ක් සහ මිහිල ජයවීර ලකුණු 19ක් ලබා ගන්නා අතර කඩුලු දවා ගැනීමේ දී දමේස් මතිසාන් සහ හිමල් රවිහංස කඩුලු 3ක් බැගින් දවා ගන්නවා.

ඒ අනුව මෙම තරගය තවත් දිනයක් ඉතිරි ව තිබිය දී ම කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය ජයග්‍රහණය කරනවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 142 (44.1) අමල් දෙනුවන් 52, සාවියෝ ප්‍රනාන්දු 50, අයේෂ් ගජනායක 6/42, විහඟ රත්නායක 2/29

 

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 218 (53.0) ටෙහාන් බීටර් 34, සිතුම් හසරංග නොදැවී 67, මානික්‍ය දේශප්‍රිය 31, දමේස් මතිසන් 4/64, හිමල් රවිහංස 3/74

 

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 160 (52.5) අමල් දෙනුවන් 58, නේතන් ප්‍රනාන්දු 21, මෙවන් දිසානායක 2/60, ලිතික ජයසුන්දර 2/20, විහඟ රත්නායක 3/32, යොහාන් එදිරිසිංහ 2/26

 

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 85 (22.1) විහඟ රත්නායක 20, දමේස් මතිසාන් 3/37, හිමල් රවිහංස 3/33

කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට කඩුලු 3ක ජයක්.

කොළඹ වෙස්ලි විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර තරගය, කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පිටියේ දී. (Tier B)

කාසියේ වාසිය – දේවපතිරාජ විද්‍යාලය

කාසියේ වාසිය දිනා ගත් දේවපතිරාජ විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි වෙස්ලි විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 197ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි දේවපතිරාජ විද්‍යාලය තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 92ක් ලබා සිටියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

වෙස්ලි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 197 (52.1) ශම්මා ප්‍රනාන්දු 23, රශීඩ් නායන් 34, රශ්මික අමරරත්න 30, ලිතුම් සෙනුජ 24, සෙනුර ලක්ශාන් 27, සඳරු මල්ශාන් 3/71, පුල්ජිත් වත්සුක 4/31, හර්ෂ මදුශංක 2/13

 

දේවපතිරාජ විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු 92 (37.0) දියත් සන්ජිත 20, අරෝෂ සිතුමිණ 33, සඳරු මල්ශාන් නොදැවී 26

රත්ගම දේවපතිරාජ විද්‍යාලය ලකුණු 105ක් පිටුපසින්.

මෙම තරගය අද (1) 2 වැනි දිනයටත් ක්‍රියාත්මකයි.

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර තරගය කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයීය පිටියේ දී. (Tier B)

කාසියේ වාසිය – සාන්ත ආනා විද්‍යාලය

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත ආනා විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 314ක් ලබා ගත් අතර එම ඉනිමට අර්ධ ශතක ද්විත්වයක් ඇතුලත් වුණා.

ඒ අතුරින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ සනුජ දිසානායක. ඔහු පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 61ක් ලබා ගත්තා. ඉශාන් ඛාන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 55ක්. එම ඉනිම පන්දු 94කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 7ක් ඇතුලත් වුණා.

ඊට අමතර ව යශ්මිත් ජයසුන්දර පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 46ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දකුණතින් පිට දඟ පන්දු යවන තවීෂ බාලසූරිය ලකුණු 86කට කඩුලු 6ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව දම්ලත් ගමගේ කඩුලු ද්විත්වයක් ලබා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

සාන්ත ආනා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 314 (83.5) දිනුග අබේසේකර 34, සනුක කෙම්සර 21, කුශාන් සුබසිංහ 26, ඉශාන් ඛාන් 55, යශ්මිත ජයසුන්දර 46, සනුජ දිසානායක 61, ඉමන්ජිත් හේරත් 26, දම්ලත් ගමගේ 2/52, තවීෂ බාලසූරිය 6/86

 

මලියදේව විද්‍යාලය – පළමු ඉනිම කඩුල්ලක් දැවී 8 (3.3)

කුරුණෑගල මලියදේව විද්‍යාලය ලකුණු 306ක් පිටුපසින්.

මෙම තරගය අද (01) 2 වැනි දිනයටත් ක්‍රියාත්මකයි.

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<