ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි අලුත් ම කණ්ඩායම බවට පත් වූයේ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයයි.
>>සෙබස්තියන්වරුන් රන් සටනේ තෑගි මේසය අකුලා ගනී
මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගය, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය පිටියේ දී. (Tier A)
කාසියේ වාසිය – සාන්ත සෙබස්තියන් විද්‍යාලය
තරගයේ කාසියේ වාසිය දිනාගත් සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි වේල්ස් කුමාර විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 336ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 314ක් පමණයි.
ලකුණු 22ක් ඉදිරියෙන් සිටිමින් පිටියට පිවිසි වේල්ස් කුමාර විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය අද (30) අවසන් වෙද්දී තම 2 වැනි ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 121ක් ලබා සිටියා.
මෙම තරගයේ දී වේල්ස් කුමාර විද්‍යාලය වෙනුවෙන් සුවහස් ප්‍රනාන්දු (72), ඔෂාන් ද සිල්වා (79) සහ ගවේෂ ප්‍රනාන්දු (70) ද සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් කවීෂ පෙරේරා (95) ද අර්ධ ශතක ඉනිම් ක්‍රීඩා කළා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- වේල්ස් කුමාර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 336 (102.3)තුසිඳු දීමන්ත 23, සුවහස් ප්‍රනාන්දු 72, ඔෂාන් ද සිල්වා 79, ගවේෂ ප්‍රනාන්දු 70, පසන් කුරේ 38, මලින්ත සිල්වා 3/97, කොශේන්ද්‍ර ප්‍රනාන්දු 2/99, ශෙනාෂ් හෂේන් 3/61
- සාන්ත සෙබස්තියන් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 314 (105.5)කවීෂ පෙරේරා 95, අදේශ් අල්මේදා 34, චමත් වෙල්ලාලගේ 40, මලින්ත සිල්වා 40, ඔෂාන් ද සිල්වා 2/45, නෙතුල් අනුහස් 2/69, සුහස් රණවන 2/26, ෂෙහාන් අශේන් 2/63
- වේල්ස් කුමාර විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 121 (46.0)ගවේෂ ප්‍රනාන්දු නොදැවී 33, පසන් කුරේ 36, ෂෙනාශ් හශේන් 2/37, කොශේන්ද්‍ර ප්‍රනාන්දු 2/33
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයට)
- ශ්‍රී සුමංගල විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනී
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග කාලසටහන එළිදැක්වෙයි
සාන්ත පීතර විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය අතර තරගය, කුරුවිට යුද හමුදා ක්‍රීඩාංගණයේ දී. (Tier A)
කාසියේ වාසිය – සාන්ත පීතර විද්‍යාලය
කාසියේ වාසිය දිනා ගත් සාන්ත පීතර විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමට පිවිස තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 204ක් ලබා ගත් අතර එම ඉනිම වෙනුවෙන් ජේසන් ප්‍රනාන්දු (37), සවි ප්‍රනාන්දු (34) සහ දිනෙත් ද සිල්වා (33) කැපී පෙණෙන දක්ෂතා දැක් වූවා.
කඩුලු දවා ගැනීමේ දී වමතින් දඟ පන්දු යවන විශ්ව පීරිස් ලකුණු 54කට කඩුලු 6ක් දවා ගත් අතර ඊට අමතර ව විග්නේෂ්වරන් ආකාශ් කඩුලු 3ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සාන්ත ජෝසප් විද්‍යාලයට තම පළමු ඉනිමට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 187ක් පමණයි. එම ඉනිම වෙනුවෙන් දිල්ප මදුරංග (38) සහ යෙනුල දන්තනාරායන (29) දක්ෂතා දක්වනවා.
කඩුලු දවා ගැනීමේ දී සදීශ සිල්වා ලකුණු 52කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතර ව එවන් රොද්‍රිගෝ සහ ජනිත් පණ්ඩිතරත්න කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
ලකුණු 17ක් ඉදිරියෙන් සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි සානත් පීතර විද්‍යාලයට එවර ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 79ක් පමණයි. එම ඉනිම ඒ තරමින් අසරණ කිරීමේ දී දකුණතින් පා දඟ පන්දු යවන විග්නේෂ්වරන් ආකාශ් ලකුණු 21කට කඩුලු 8ක් දවා ගන්නවා. ඔහු තරගයේ දී ලකුණු 87කට කඩුලු 11ක් දවා ගන්නවා.
ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 97ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි සාන්ත ජෝසප් විද්‍යාලය තරගය 2 වැනි දිනයට නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 3ක් ලබා සිටියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- සාන්ත පීතර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 204 (69.0)සවි ප්‍රනාන්දු 34, දිනෙත් ද සිල්වා 33, ජේසන් ප්‍රනාන්දු 37, සදීශ සිල්වා 24, ඩිමල්ශ ජයවර්ධන නොදැවී 19, විග්නේෂ්වරන් ආකාශ් 3/66, විශ්ව පීරිස් 6/54
- සාන්ත ජෝසප් විද්‍යාලය – පළමු ඉනිම – සියලුම දෙනා දැවී 187 (51.2)යෙනුල දන්තනාරායන 29, දිල්ප මදුරංග 38, නුෂාන් පෙරේරා 27, ජනිත් පණ්ඩිතරත්න 2/60, සදීශ සිල්වා 4/52, එවන් රොද්‍රිගෝ 2/12
- සාන්ත පීතර විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 79 (24.1)ජේසන් ප්‍රනාන්දු 25, විශ්ව පීරිස් 2/37, විග්නේෂ්වරන් ආකාශ් 8/21
- සාන්ත ජෝසප් විද්‍යාලය – කඩුලු 2ක් දැවී 3 (2.0)
කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය ලකුණු 93ක් පිටුපසින්
මෙම තරගය හෙට (31) 3 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මකයි.
- සාන්තුවරයන්ගේ සටන 69 වැනි වරටත් විසඳුමකින් තොර වෙයි
- ත්‍රිත්ව විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනී
වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරගය, කොළඹ වෙස්ලි විද්‍යාලයීය පිටියේ දී. (Tier B)
කාසියේ වාසිය – ජෝසප් වාස් විද්‍යාලය
කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වෙන්නේ නෑ. ඔවුන්ගේ පළමු කඩුලු 4 ලකුණු 32ක් තුළ දැවී යනවා.
එම අවස්ථාවේ දී පිටියට එක්වූ අමල් දෙනුවන් සහ සාවියෝ ප්‍රනාන්දු එක් ව 5 වැනි කඩුල්ලට ලකුණු 77ක සබඳතාවක් ගොඩ නගනවා.
එහිදී අමල් දෙනුවන් පන්දු 100කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 52ක් ලබා ගන්නවා.
සාවියෝ ප්‍රනාන්දු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 50 ක්. ඔහු ඉනිමේ 8 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සඟින් ලකුණු 50ක් ලබා සිටියා.
එම ඉනිමේ වෙනත් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු අතරට පිවිසීමට ප්‍රතිවාදීන් ඉඩ ලබා දුන්නේ නෑ.
එහිදී වමතින් මඳ වේග පන්දු යවන අයේෂ් ගජනායක ලකුණු 42කට කඩුලු 6ක් දවා ගත්තා. ඊට අමතරව විහඟ රත්නායක කඩුලු 2ක් ද දවා ගන්නවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 178ක් ලබා සිටියා.
එම ඉනිම වෙනුවෙන් සිතුම් හසරංග පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබා සිටින අතර ඔහුත් සමඟින් මානික්‍ය දේශප්‍රිය ලකුණු 22ක් ලබා සිටිනවා.
ඊට අමතරව ටෙහාන් බීටර් පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී දමේෂ් මතිසන් කඩුලු 4ක් ද සහ හිමල් රවිහංස කඩුලු 2ක් ද දවා ගෙන සිටිනවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 142 (44.1)අමල් දෙනුවන් 52, සාවියෝ ප්‍රනාන්දු 50, අයේෂ් ගජනායක 6/42, විහඟ රත්නායක 2/29
- සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 178 (43.0)ටෙහාන් බීටර් 34, සිතුම් හසරංග නොදැවී 50, මානික්‍ය දේශප්‍රිය නොදැවී 22, දමේස් මතිසන් 4/51, හිමල් රවිහංස 2/54
කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය ලකුණු 36ක් ඉදිරියෙන්.
මෙම තරගය හෙට (31) 2 වැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.
අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















