දමේස් මතීසන් දවසේ වීරයා වෙයි

U19 School Cricket 2026

2
U19 School Cricket 2026

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ක්‍රියාත්මක අද (11) දවසේ දී කැපී පෙණෙන පිතිකරු බවට පත් වූයේ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ ආරම්භක දකුණත් පිතිකරු දමේෂ් මතීසන්.

ඔහු කොළඹ ඉසිපතන විද්‍යාලයට එරෙහි ව පන්දු 139කට මුහුණ දෙමින් හතරේ පහර 21ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 144ක් ලබා ගත් අතර එය ඔහු මෙවර තරග සමයේ දී වාර්තා කරන ලද 2 වැනි ශතකයයි.

ඔහුට අමතර ව සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ඔෂධ දේවින්ද (50), මොරටු මහා විද්‍යාලයේ දෙනෙත් සිතුමිණ (59), වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයේ හෆීස් ජුන්කීර් (54), මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ සිසල් හේමක (50) සහ සනිතු ගුණතිලක (නොදැවී 53), ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ මිනග ආරියදාස (52), ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ආරන් කොඩිතුවක්කු (61) සහ සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ නේතන් ප්‍රනාන්දු (71) පිතිකරුවන් ලෙසින් දක්ෂතා දැක් වූවා.

පන්දු යවන්නන් අතුරින් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ දකුණතින් පිට දඟ පන්දු යවන බිහඟ සිල්වා සහ වමතින් පා දඟ පන්දු යවන මෙතුම් ප්‍රනාන්දු කොළඹ වෙස්ලි විද්‍යාලයට එරෙහි ව ඉනිම 2 දී ම කඩුලු 5ක් බැගින් දවා ගනිමින් දක්ෂතා දැක් වූ අතර ඊට අමතර ව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ නෙතුජ බාසිත (5/59) ද පන්දු යවන්නන් අතර දක්ෂතා දැක් වූවා.

මේ අතර අද නිමා වූ තරගවල දී කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවැති තරගයෙන් සාන්ත ආනා විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 97ක ජයග්‍රහණයක් ලබා ගත්තා.

අද (11) ආරම්භ වූ තරගවල කෙටි ලකුණු සටහන්

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලයට අතර තරගය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය පිටියේ දී. (Tier A)

කාසියේ වාසිය – කොළඹ මහානාම විද්‍යාලය

  • සාන්ත තෝමස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 203 (78.2)චනුත් ඇහැලියගොඩ 22, අවිනාශ් ප්‍රනාන්දු 21, ආරන් කොඩිතුවක්කු 61, රෙශොන් සොලමන් 38, චාමික හීනටිගල 2/54, තෙනුජ රශ්මින් 2/21, වෙනුර කවීත්‍ර 4/45
  • මහානාම විද්‍යාලය – පළමු ඉනිම කඩුල්ලක් දැවී 69 (14.0)සිනෙත් වීරරත්න 27, දුල්නිත් සිගේරා නොදැවී 26

කොළඹ මහානාම විද්‍යාලය ලකුණු 134ක් පිටුපසින්.

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය අතර තරගය කොළඹ Colts පිටියේ දී. (Tier B)

කාසියේ වාසිය – සාන්ත ජෝසප් වාස් විද්‍යාලය

  • සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 325 (65.2)දමේෂ් මතීසන් 144, සස්මිත ප්‍රනාන්දු 31, නේතන් ප්‍රනාන්දු 71, අමල් දෙනුවන් 38, මලීෂ සඳරුවන් 3/45, උජිත් හෙට්ටිආරච්චිගේ 2/68, තරුන් රශ්මින 2/22
  • ඉසිපතන විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 134 (27.0)තරුන් රශ්මින 36, මලීෂ සඳරුවන් නොදැවී 46

ඉසිපතන විද්‍යාලය ලකුණු 191ක් පිටුපසින්.

මෙම තරග ද්විත්වය හෙට (12) 2 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

අද (11) අවසන් වූ තරගවල කෙටි ලකුණු සටහන්

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර තරගය බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේ දි. (Tier B)

කාසියේ වාසිය – වෙස්ලි විද්‍යාලය

  • ශ්‍රී සුමංගල විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 245 (79.5)විදුර බාසුරු 46, නේක්ෂ ඉද්දමල්ගොඩ 39, සදික් දම්යුරු 69, ජීවහන් ශ්‍රීරාම් 6/75, කවිඳු හෙට්ටිආරච්චි 2/20
  • වෙස්ලි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 132 (51.0)රශීඩ් නායන් 26, ශම්මා ප්‍රනාන්දු 23, සිහස් නෙත්දිනු 2/19, බිහඟ සිල්වා 5/23, මෙතුම් ප්‍රනාන්දු 2/20
  • වෙස්ලිවිද්‍යාලය– දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 212 (47.0) රශීඩ් නායන් 49, සෙහඳු අතාවුද 25, ලිතුම් සෙනුජ නොදැවී 57, කවිඳු හෙට්ටිආරච්චි 50, මෙතුම් ප්‍රනාන්දු 5/35
  • ශ්‍රී සුමංගලවිද්‍යාලය– දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 17 (2.0)

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට.)

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයීය පිටියේ දී. (Tier B)

කාසියේ වාසිය – සාන්ත අන්තෝනි විද්‍යාලය

  • සාන්ත ආනා විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 411 (80.0)ඉමන්ජිත් මෙත්විරු 76, කුශාන් සුබසිංහ 129, ඉෂාන් ඛාන් 70, යශ්මින් ජයසුන්දර 35, සනුජ නිඳුවර නොදැවී 79, විශ්මිත සනෝජ් 2/90
  • සාන්ත අන්තෝනි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 171 (43.3)කවිඳු සේනාදි 47, ශෙහාරා දෙව්තිළිණ 26, චේතින් දිල්සරු 40, සදීශ කාවින්ද 43, සනුජ නිඳුවර 2/44, නෙසාද් වීරසේකර 2/41, මනුජ විජේරත්න 2/19
  • සාන්ත අන්තෝනි විද්‍යාලය– දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 143 (38.5)කවිඳු සේනාදි 31, හෆීස් ජුන්කීර් 54, කවිඳු විහඟ 27, පමුදිත ලියනගේ 2/41, නේසාද් වීරසේකර 2/25, මනුජ විජේරත්න 4/25

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 97ක ජයක්.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය අඹේපුස්ස යුද හමුදා සිංහ රෙජිමේන්තු ක්‍රීඩාංගණයේ දී. (Tier A)

කාසියේ වාසිය – සාන්ත අන්තෝනි විද්‍යාලය

  • රිච්මන්ඩ් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 283 (77.4)රිනිසු රූපසිංහ 28, අමීෂ රසාංජන 90, බෙවින් ජයවර්ධන 27, ටෙනුශ නිම්සර 69, නෙතුජ බාසිත 22, රයන් ග්‍රෙගරි 3/65, සනිතු ගුණතිලක 2/94
  • සාන්ත අන්තෝනි විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවි 216 (80.0)සනුක කල්පන 21, සිසල් හේමක 50, ප්‍රවීන් ගමගේ 26, සනිතු ගුණතිලක නොදැවී 53, මිනග ආරියදාස 4/76, නෙතුජ බාසිත 5/59
  • රිච්මන්ඩ් විද්‍යාලය– දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 150 (25.3)රිසිනු රූපසිංහ 41, මිනග ආරියදාස 52, බෙවින් ජයවර්ධන නොදැවී 31, ප්‍රවීන් ගමගේ 2/54

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට.)

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර තරගය වීරකැටිය මන්දාදුව ක්‍රීඩාංගණයේ දී. (Tier B)

කාසියේ වාසිය – මොරටු මහා විද්‍යාලය

  • මොරටු මහා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 171 (76.5)දෙනෙත් සිතුමිණ 85, සිතුම් සිල්වා 35, චනුල් නෙත්මිණ 2/09, මනිඳු පබසර 3/28, ඔෂධ දේවින්ද 3/30
  • සාන්ත ඇලෝසියස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 173 (56.4)විනොද් දනුශ්ක 48, ඔශධ දේවින්ද 50, විනුද රවිශාන් 20, නිපුණ කරුණාරත්න 2/31, දිනරු ප්‍රනාන්දු 3/17, සත්සර මිහිරංග 3/24
  • මොරටු මහා විද්‍යාලය– දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 130 (54.0)දෙනෙක් සිතුමිණ නොදැවී 59, මේනුක කොතලාවල නොදැවී 36, දුල්සත් නිම්විරු 2/18, ඔෂධ දේවින්ද 2/45

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයට)

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<