ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගවල දී දක්ෂතා දැක්වූවන් අතර කෞෂික කුමාරසිංහ සහ සශිත් බණ්ඩාර කැපී පෙණෙන ක්‍රීඩකයන් බවට පත් වුණා.
මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ කෞෂික කුමාරසිංහ කැපී පෙණුනේ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයට එරෙහි ව ශතකයක් ලබා ගනිමිනුයි. තවමත් 17 වැනි වියේ පසුවෙන මෙම දකුණත් පිතිකරුවා ප්‍රතිවාදීන්ට එරෙහි ව පන්දු 124කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 168ක් ලබා ගන්නවා.
දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමේ ගෞරවය දිනා ගන්නේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ සශිත් බණ්ඩාර. තවමත් 15 වැනි වියේ පසුවෙන දකුණතින් පා දඟ පන්දු යවන ඔහු වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහි ව ලකුණු 51කට කඩුලු 7ක් දවා ගන්නවා.
දිනයේ දක්ෂතා දැක් වූ පිතිකරුවන් අතුරට කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයේ කුශාන් සුබසිංහ (නොදැවී 51), වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයේ හිතේෂ් රුවන්ද (58) සහ රිද්ම බාෂික (75), මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ සනුක කල්පන (64), කුරුණෑගල මලියදේව විද්‍යාලයේ තිවංක පබසර (නොදැවී 91), මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ අබ්දුල් මාජීඩ් (64), සෙතුජ මන්දිනු (57) සහ කුමේෂ් නුවන්ජන (92) අර්ධ ශතක ඉනිම් එක් කරා.
පන්දු යැවීමේ දී කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයේ නෙසාද් වීරසේකර (5/19) සහ යශ්මින් ජයසුන්දර (5/30) දක්ෂතා දැක් වූවා.
අද (2) අවසන් වූ තරගයේ කෙටි ලකුණු පුවරුව
ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආන විද්‍යාලය අතර තරගය කරන්දෙණිය යුද හමුදා ක්‍රීඩාංගණයේ දී. (Tier B)
කාසියේ වාසිය – සාන්ත ආනා විද්‍යාලය
- සාන්ත ඇලෝසියස්විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 60(26.3) ඕෂධ දේවින්ද 12, සනුජ නිඳුවර 2/23, නෙසාද් වීරසේකර 5/19, යශ්මින් ජයසුන්දර 3/04
- සාන්ත ආනාවිද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනාදැවී 109 (35.0) දිනුග අබේසේකර 20, සනුජ නිඳුවර නොදැවී 49, දුල්සත් නිම්විරු 2/09, විනුද රවිශාන් 2/11, චනුක සදෙව් 2/38
- සාන්ත ඇලෝසියස්විද්‍යාලය– දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 141 (43.2) විනෝද් දනුශ්ක 39, සෙවිත දුල්මල් 29, හිවිරු නිම්තරණ 23, නෙසාදි වීරසේකර 3/60, යශ්මින් ජයසුන්දර 5/30
- සාන්ත ආනා විද්‍යාලය- දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 95 (20.0) කුශාන් සුබසිංහ නොදැවී 51, ඉශාන් ඛාන් නොදැවී 18
කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයට කඩුලු 8ක ජයක්.
අද (2) ආරම්භ වූ තරගවල කෙටි ලකුණු පුවරු
මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය මහනුවර ධර්මරාජ විද්‍යාලයීය පිටියේ දී. (Tier B)
කාසියේ වාසිය – සාන්ත අන්තෝනි විද්‍යාලය
- සාන්ත අන්තෝනිවිද්‍යාලය– පළමු ඉනිම සියලුම දෙනා දැවී 236 (67.1) හිතේෂ් රුවන්ද 58, හෆීස් ජනුකීර් 30, රිද්ම බාෂික 75, සදීශ කාවින්ද 21, සශිත් බණ්ඩාර 7/51
- ධර්මාලෝකවිද්‍යාලය- පළමු ඉනිම කඩුලු 2ක් දැවී 97 (26.0) කාශ්‍යප දිසානායක 39, තරිඳු වර්ණකුලගේ නොදැවී 30
ධර්මාලෝක විද්‍යාලය ලකුණු 139ක් පිටුපසින්.
මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය අතර තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී. (Tier B)
කාසියේ වාසිය – ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය
- සාන්ත තෝමස්විද්‍යාලය- පළමු ඉනිම කඩුලු 9ක් දැවී 344 (80.0) අබ්දුල් මාජීඩ් 64, සෙතුජ මන්දිනු 57, කුමේෂ් නුවන්ජන 92, මනුජ ගුරුගේ 26, අබ්දුල් රශීඩ් 36, සතිඳු ප්‍රබෝධ 4/114, කෝශිත ආදිත්‍ය 2/39
- ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය – පළමු ඉනිම කඩුල්ලක් දැවී 55 (13.0) කවීන් දෙනෙත් නොදැවී 39
ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය ලකුණු 289ක් පිටුපසින්.
බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී. (Tier A)
කාසියේ වාසිය – සාන්ත අන්තෝනි විද්‍යාලය
- සාන්ත අන්තෝනිවිද්‍යාලය– පළමු ඉනිම කඩුලු 7ක් දැවී 409 (80.0) සනුක කල්පන 64, සිසල් හේමක 45, කවිඳු නවාංජන 36, ප්‍රවීන් ගමගේ 30, කෞෂික කුමාරසිංහ 168, සදෙව් අමරකෝන් 32, ජොශුවා සෙබස්තියන් 3/48, සදීශ සිල්වා 2/87, ජනිත් පණ්ඩිතරත්න 2/106
- සාන්ත පීතර විද්‍යාලය – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 19 (5.0)
සාන්ත පීතර විද්‍යාලය ලකුණු 390ක් පිටුපසින්.
මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර තරගය මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී. (Tier B)
කාසියේ වාසිය – සාන්ත සිල්වෙස්තර විද්‍යාලය
- සාන්තසිල්වෙස්තරවිද්‍යාලය – පළමු ඉනිම කඩුලු 10ක් දැවී 188 (69.5) විදුසර ගනේගොඩ 41, ප්‍රබාගරන් ඉශාන් 47, චන්දූප වඩුගේ 25, ඉශික ප්‍රමෝද් නොදැවී 32, දිමත් අබේසිංහ 4/62
- මලියදේවවිද්‍යාලය– පළමු ඉනිම කඩුල්ලක් දැවී 137 (25.0) තිවංක පබසර නොදැවී 91, රජිත් නවොද් නොදැවී 34
මලියදේව විද්‍යාලය ලකුණු 51ක් පිටුපසින්.
අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















