ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ Sri Lanka Youth League එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග ද්විත්වයක් අද (21) අවසන් වුණා. එහි දී පෙර දිනයේ කඩුලු 9ක පරාජයක් ලැබූ Galle ක්‍රීඩකයෝ තම පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වෙනවා.
Colombo North U 17s කණ්ඩායම සහ Galle U 17s කණ්ඩායම අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
Galle U 17s කණ්ඩායම
අරෝෂ් සිතුමිණ (නායක), පුල්ජිත් වත්සුක, සෙහස් ආශිංස, ලිතික ජයසුන්දර, සඳරු මල්ශාන්, රුමේන් පීරිස්, කවික මදුසංක, යසිරු ලක්ශාන් (කඩුලු රකින්නා), ප්‍රවීන් මදුශංක, ලතින්ද්‍ර ආකාශ්, රවීන් සචින්ත.
Colombo North U 17s කණ්ඩායම
ලිතුම් සෙනුජ (නායක), කෞෂික තිලකරත්න, කවිත් ද සිල්වා, නවිඳු හෙට්ටිආරච්චි, සනුල් වීරරත්න, ලහිරු ලක්මාල්, දුමීන් ලියනාරච්චි (කඩුලු රකින්නා), දසිත් පෙරේරා, මිනුග නෙත්සර, සවිඳු සත්තර සහ ජනුල් ධම්හිරු.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ Galle කණ්ඩායමේ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Colombo North කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 207ක් ලබා ගන්නවා.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ කවිත් ද සිල්වා. ඔහු පන්දු 86කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 53ක් ලබා ගන්නවා.
ඊට අමතර ව මිනුග නෙත්සර පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 29ක් ද සහ කෞෂික තිලකරත්න පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 21ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී රුමේන් පීරිස් ලකුණු 37කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඔහුට අමතර ව කවික මදුසංක කඩුලු 3ක් ද, ලතීන්ද්‍ර ආකාශ් සහ රවීන් සචින්ත කඩුල්ල බැගින් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Galle ක්‍රීඩකයෝ ප්‍රතිවාදී ඉලක්කය පහසුවෙන් ම සපුරා ගැනීමට සමත් වෙනවා. ඒ එම ඉනිමේ තවත් කඩුලු 7ක් සහ පන්දු 98ක් ඉතිරි ව තිබියදීයි.
Galle ඉනිම ආරම්භ කළ පුල්ජිත් වත්සුක සහ නායක අරෝෂ් සිතුමිණ පළමු කඩුල්ලට පන්දු 84ක දී ලකුණු 86ක් එක් කරමින් තම කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නා. ඉනිමේ පළමුවෙන් දැවී ගිය පිතිකරු බවට පත් වූයේ ආරෝෂ සිතුමිණ. ඔහු දැවී යන විට පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 51ක් ලබා සිටියා.
අනතුරු ව 2 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 58ක දී ලකුණු 61ක සබඳතාවක් එක් කිරීමට පුල්ජිත් වත්සුක සහ සෙහස් ආශිංස සමත් වෙනවා. එවර කඩුල්ල හැර යන්නේ පුල්ජිත් වත්සුක. ඔහු දැවී යන විට පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් ලබා සිටියා.
තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී සෙහස් ආශිංස පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 54ක් ලබා සිටි අතර සඳරු මල්ශාන් පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 25ක් ලබා සිටියා.
ඔවුන් දෙදෙනා විසින් 4 වැනි කඩුල්ලට පන්දු 60ක දී ලකුණු 61ක නොදැවුණ සබඳතාවක් එක් කිරීමට ද සමත් වෙනවා.
කඩුලු දවා ගැනීමේ දී මිනුග නෙත්සර ලකුණු 60කට කඩුලු 2ක් දවා ගන්නා අතර අනෙක් කඩුල්ලේ හිමිකාරීත්වය ලහිරු ලක්මාල් සතු වුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Colombo North U 17s කණ්ඩායම– සියලුම දෙනා දැවී 207 (48.4)කෞෂික තිලකරත්න 21, කවිත් ද සිල්වා 53, මිනුග නෙත්සර 29, රුමේන් පීරිස් 4/37, කවික මදුසංක 3/28
- Galle U 17sකණ්ඩායම – කඩුලු 3ක් දැවී 208 (33.4)පුල්ජිත් වත්සුක 51, අරෝෂ් සිතුමිණ 51, සෙහන් ආශිංස නොදැවී 54, සඳරු මල්ශාන් නොදැවී 25, මිනුග නෙත්සර 2/60
Galle U 17s කණ්ඩායමට කඩුලු 7ක ජයක්.
- හිමත්, හිරුන්, කෞෂික සහ හිමරු දක්ෂතා දක්වයි
- රත්ගම දේවපතිරාජයන් 17න් පහළ ශූරතාව දිනා ගනී
- කෙනුල් සහ රනුක් ශතකලාභීන් අතරට
- 23න් පහළ පළමු දිනයට ශතක වැස්සක්
- U 19 Youth පිටිය කළඑළි කළ ක්‍රීඩිකාවෝ
Dambulla U 17s කණ්ඩායම සහ Kandy U 17s කණ්ඩායම අතර තරගය කරන්දෙණිය ජෙනරල් බලගල්ල ක්‍රීඩාංගණයේ දී.
Kandy U 17sකණ්ඩායම
දිනුල් විජේසිංහ (නායක සහ කඩුලු රකින්නා), මනුත් මින්දිය, චනුල් කොඩිතුවක්කු, යෙනුල හේවාවිතාරණ, පියුමක කරුණාරත්න, සනිතු ගුණතිලක, ප්‍රවීන් ගමගේ, දිල්මිත් විමෝෂ්, ඉමෙත් රාජපක්ෂ, සංජන සචින්ද්‍ර සහ කෙනුල පිහිලියංග.
Dambulla U 17s කණ්ඩායම
දම්ලත් ගමගේ (නායක), හිමත් පණ්ඩිතරත්න (කඩුලු රකින්නා), මහීෂ සිතුම්, අමල් පෙරේරා, පුදසර අයෝද්‍ය, ඉශාන් ඛාන්, ශෙනන් ප්‍රනාන්දු, මුරලි තිසෝන්, චමෝද් ප්‍රභාෂ, ඩිහාන් මුණසිංහ සහ නඳුන් බණ්ඩාර.
කාසියේ වාසිය දිනා ගත් Kandy කණ්ඩායමේ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Dambulla කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 201ක් ලබා ගත්තා.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ඉෂාන් ඛාන්. ඔහු පන්දු 108කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 62ක් ලබා ගත්තා. ඊට අමතර ව චමෝද් ප්‍රභාෂ පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 46ක් ලබා ගන්නවා.
ඔවුන් දෙදෙනා එක් ව 8 වැනි කඩුල්ලට පන්දු 61ක දී ලකුණු 75ක සබඳතාවක් එක් කරන අතර ඔවුන්ට අමතර ව ශෙනාන් ප්‍රනාන්දු ලකුණු 26ක් ද සහ අමල් පෙරේරා ලකුණු 24ක් ද ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී සංජන සචින්ද්‍ර ලකුණු 28කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව ඉමෙත් රාජපක්ෂ සහ චනුල් කොඩිතුවක්කු කඩුලු ද්විත්වය බැගින් ද කෙනුල පිහිලියංග කඩුල්ලක් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Kandy කණ්ඩායම තරගය අවසන් වීමට තවත් පන්දු 28ක් ඉතිරි ව තිබිය දී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 202ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කරනවා.
එම ජයග්‍රහණයේ දී සනිතු ගුණතිලක සහ ප්‍රවීන් ගමගේ එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 159ක දී ලකුණු 133ක නොදැවුණ ලකුණු සබඳතාවක් එක් කරනවා. එහි දී සනිතු ගුණතිලක පන්දු 118කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 93ක් ලබා ගත් අතර ප්‍රවීන් ගමගේ පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 43ක් ලබා ගත්තා.
ඔවුන් මෙම දක්ෂතාව දක්වන්නේ Kandy ඉනිමේ කඩුලු 5ක් ලකුණු 69කට දැවී ගොස් තිබියදීයි.
එම ඉනිමේ කඩුලු දවා ගැනීමේ දී ඩිහාන් මුණසිංහ ලකුණු 29කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව ඉශාන් ඛාන් සහ නදුන් බණ්ඩාර කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- DambullaU 17sකණ්ඩායම – සියලුම දෙනා දැවී 201 (48.2) අමල් පෙරේරා 24, ඉෂාන් ඛාන් 62, ශෙනාන් ප්‍රනාන්දු 26, චමෝද් ප්‍රබාශ නොදැවී 46, සංජන සචින්ද්‍ර 4/28, චනුල් කොඩිතුවක්කු 2/38, ඉමෙත් රාජපක්ෂ 2/36
- Kandy U 17sකණ්ඩායම –කඩුලු 5ක් දැවී 202 (45.2) දිනුල් විජේසිංහ 20, සනිතු ගුණතිලක නොදැවී 93, ප්‍රවීන් ගමගේ නොදැවී 43, ඩිහාන් මුණසිංහ 2/29
Kandy U 17s කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
මෙම තරගාවලියේ Colombo South U 17s කණ්ඩායම සහ Kandy U 17s කණ්ඩායම අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත්, Galle U 17s කණ්ඩායම සහ Dambulla U 17s කණ්ඩායම අතර තරගය කරන්දෙණිය ජෙනරල් බලගල්ල ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත් මේ මස 23 වැනිදා පැවැත්වීමට නියමිතයි.
වයස අවුරුදු 17න් පහළ Sri Lanka Youth League ක්‍රිකට් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.