ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B තුන් දින ක්‍රිකට් තරගාවලියේ අද (6) පැවැති තරගවල දී United Southern කණ්ඩායමේ පැතුම් ඩිල්ශාන් (61), Ragama කණ්ඩායමේ චානක විජේසිංහ (63) සහ Moratuwa කණ්ඩායමේ චානක රුවන්සිරි (50) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
මේ අතර දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමේ ගෞරවය හිමි වූයේ Colombo Malay කණ්ඩායමේ චානක දේවින්දට. ඔහු Negombo කණ්ඩායමට එරෙහි ව ලකුණු 152කට කඩුලු 6ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.
ඊට අමතර ව Leo කණ්ඩායමේ මල්ශාන් ගුණසිංහ (5/86) සහ SSC කණ්ඩායමේ ගිෂාන් බාලසූරිය (5/69) ද පන්දු යවන්නන් අතුරින් දක්ෂතා දැක් වූවා.
- නිපුන් සහ පසිඳු ශතක ලබා ගනී
- T20 ලෝක කුසලානයට එන සියලු ක්‍රීඩක සංචිත සහ බලාපොරොත්තු සහගත තරග
- එංගලන්තය විශිෂ්ට ජයක් කරා!
- ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ කොදෙව් සංචාරයට දින නියම වෙයි
- පාකිස්තානය ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගය වර්ජන කිරීමට තීරණය කරයි!
පැවැති තරගවල කෙටි ලකුණු පුවරු
Ragama CC සහ Leo CC අතර තරගය කොස්ගම, සාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Leo CC
- Ragama CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 251 (70.2)මානිෂ රූපසිංහ 47, සාහිල් ඩයස් 26, මලීෂ සිල්වා 62, චානක විජේසිංහ 63, මල්ශාන් ගුණසිංහ 5/86, සෙනාශ් ප්‍රනාන්දු 3/42, ගිත්මින් කොළඹගේ 2/53
- Leo CC – පළමු ඉනිම කඩුල්ලක් දැවී 58 (17.0) නෙත්ම කරුණාරත්න නොදැවී 24
Leo කණ්ඩායම ලකුණු 193ක් පිටුපසින්.
SL Navy SC සහ SSC අතර තරගය වැලිසර, නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – SL Navy
- SSC – පළමු ඉනිම සියලුම දෙනාදැවී251 (61.1) ක්‍රිශාන් සංජුල 20, නිපුන් ධනංජය 128, රනුද සෝමරත්න 26, ලක්ෂිත මනසිංහ නොදැවී 52, ඩිලංක අවර්ඩ්ට් 5/95, රවීන් තරිඳු 2/83
- SL Navy SC– පළමු ඉනිම කඩුලු 8ක් දැවී 182 (43.0)වරුණ මයන්ත 35, තෙවිඳු දික්වැල්ල 28, රජිත රත්නායක 23, රවීන් තරිඳු නොදැවී 40, ඩිලංක අවර්ඩ්ට් නොදැවී 19, ගිෂාන් බාලසූරිය 5/69, නුවනිඳු ප්‍රනාන්දු 2/22
SL Navy කණ්ඩායම ලකුණු 69ක් පිටුපසින්.
Negombo CC සහ Colombo Malay CC අතර තරගය කොළඹ, BRC ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Negombo CC
- Negombo CC – පළමු ඉනිම සියලුම දෙනාදැවී 397(77.3) කවීන් ප්‍රනාන්දු 41, පසිඳු තිරිමාදුර 115, දිමුත් සඳරුවන් 54, ශෙෂාන් ප්‍රනාන්දු 75, අමිත සංදීප 35, චානක දේවින්ද 6/152
- Colombo Malay CC– පළමු ඉනිම කඩුලු 7ක් දැවී 106 (29.0)බුද්ධික හසරංග නොදැවී 49, අමිත සංදීප 4/38, දනුශ්ක සඳරුවන් 2/35
Colombo Malay කණ්ඩායම ලකුණු 291ක් පිටුපසින්.
Moratuwa SC සහ Sebastianites C & AC අතර තරගය මොරටුව, ද සොයිසා ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Sebastianites C & AC
- Moratuwa SC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 365 (86.0)ඉසුල නිඳුවර 28, රශ්මික මෙවන් 38, පුබුදු බණ්ඩාර නොදැවී 35, ගවිනු බොතේජු 50, චානක රුවන්සිරි 50, විදුර ලක්ෂාන් 21, සහන් කෞශල්‍ය 38, බිශාන් හෙට්ටිආරච්චි 4/103
- Sebastianites C & AC- පළමු ඉනිම කඩුලු 3ක් දැවී 31 (11.2)
Sebastianites කණ්ඩායම ලකුණු 334ක් පිටුපසින්.
Galle CC සහ Kandy Customs SC කණ්ඩායම අතර තරගය දොඹගොඩ, යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Galle CC
- Galle CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 76 (29.0)ලිසුල ලක්ෂාන් 21, නිර්මල රත්නායක 4/22, මිතුන් ජයවික්‍රම 4/18
- Kandy Customs SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 132 (40.0)අශාන් රන්දික 23, ලහිරු අත්තනායක 26, ඩිලාන් ජයලත් 27, රුවිශාන් පෙරේරා 2/37, රජීව වීරසිංහ 2/33, චතුර රන්දුණු 3/46
- Galle CC– දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 93 (32.1)අමිත් එරන්ද 23, ලිසුල ලක්ෂාන් නොදැවී 22, හසිත සුරංග නොදැවී 23, මිතුන් ජයවික්‍රම 2/31, ඩිලාන් ජයලත් 2/27
Galle කණඩායම ලකුණු 37ක් ඉදිරියෙන්.
අද (6) ආරම්භ වූ තරගය
SL Army SC සහ United Southern CC අතර තරගය පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – United Southern CC
- United Southern CC– පළමු ඉනිම කඩුලු 4ක් දැවී 158 (44.3) පැතුම් ඩිල්ශාන් 61, ක්‍රිශේන් අපෝන්සු 26, හිමාල් රවිහංස 2/65
මෙම තරගය හෙට (7) 2 වැනි දිනයටත් පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.




















