නිපුන් සහ පසිඳු ශතක ලබා ගනී

Tier B - 3 Day Tournament 2025/26

2

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B තුන් දින ක්‍රිකට් තරගාවලියේ 10 වැනි සතිය අද (5) ආරම්භ වූ අතර එහි දී නිපුන් ධනංජය සහ පසිඳු තිරිමාදුර ශතක වාර්තා කිරීමට සමත් වුණා.

දිනයේ වැඩිම ලකුණුලාභියා වූ  SSC කණ්ඩායමේ නිපුන් ධනංජය SL Navy කණ්ඩායමට එරෙහි ව පන්දු 127කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 128ක් ලබා ගත්තා.

ඊට අමතර ව Negombo කණ්ඩායමේ පසිඳු තිරිමාදුර Colombo Malay කණ්ඩායමට එරෙහි ව පන්දු 123කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟින් ලකුණු 115ක් ලබා ගන්නවා.

ඊට අමතර ව Ragama කණ්ඩායමේ මලීෂ සිල්වා (62), SSC කණ්ඩායමේ ලක්ෂිත මනසිංහ (නොදැවී 52), Negombo කණ්ඩායමේ දිමුත් සඳරුවන් (54) සහ ශෙෂාන් ප්‍රනාන්දු (නොදැවී 68) සහ Moratuwa කණ්ඩායමේ ගවිනු බොතේජු (50) අර්ධ ශතක ඉනිම් වාර්තා කරමින් කැපී පෙණෙන පිතිකරුවන් බවට පත් වුණා.

පන්දු යැවීමේ දී SL Navy කණ්ඩායමේ ඩිලංක අවර්ඩ්ට් SSC කණ්ඩායමට එරෙහි ව ලකුණු 95කට කඩුලු 5ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

පැවැති තරගවල කෙටි ලකුණු පුවරු

Ragama CC සහ Leo CC අතර තරගය කොස්ගම, සාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Leo CC

  • Ragama CC – පළමු ඉනිම කඩුලු 7ක්දැවී 202(54.1) මානිෂ රූපසිංහ 47, සාහිල් ඩයස් 26, මලීෂ සිල්වා 62, චානක විජේසිංහ 46, මල්ශාන් ගුණසිංහ 4/71, ගිත්මින් කොළඹගේ 2/34

SL Navy සහ SSC අතර තරගය වැලිසර, නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – SL Navy

  • SSC – පළමු ඉනිම කඩුලු 8ක්දැවී247 (58.0) ක්‍රිශාන් සංජුල 20, නිපුන් ධනංජය 128, රනුද සෝමරත්න 26, ලක්ෂිත මනසිංහ නොදැවී 52, ඩිලංක අවර්ඩ්ට් 5/95, රවීන් තරිඳු 2/83

Negombo CC සහ Colombo Malay CC අතර තරගය කොළඹ, BRC ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Negombo CC

  • Negombo CC – පළමු ඉනිම කඩුලු 6ක්දැවී 316(63.0) කවීන් ප්‍රනාන්දු 41, පසිඳු තිරිමාදුර 115, දිමුත් සඳරුවන් 54, ශෙෂාන් ප්‍රනාන්දු නොදැවී 68, චානක දේවින්ද 4/120

Moratuwa SC සහ Sebastianites C & AC අතර තරගය මොරටුව, ද සොයිසා ක්‍රීඩාංගණයේ දී. 

කාසියේ වාසිය – Sebastianites C & AC

  • Moratuwa SC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 199 (57.0)ඉසුල නිඳුවර 28, රශ්මික මෙවන් 38, පුබුදු බණ්ඩාර නොදැවී 35, ගවිනු බොතේජු 50, චානක රුවන්සිරි නොදැවී 24, බිශාන් හෙට්ටිආරච්චි 2/55

Galle CC සහ Kandy Customs SC කණ්ඩායම අතර තරගය දොඹගොඩ, යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Galle CC

  • Galle CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 76 (29.0)ලිසුල ලක්ෂාන් 21, නිර්මල රත්නායක 4/22, මිතුන් ජයවික්‍රම 4/18
  • Kandy Customs SC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 78 (27.0)අශාන් රන්දික 23, ලහිරු අත්තනායක 26, රජීව වීරසිංහ 2/24

Kandy Customs කණඩායම ලකුණු 2ක් ඉදිරියෙන්.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<