ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B තුන් දින ක්‍රිකට් තරගාවලියේ 2 වැනි සතියේ තරගවල තවත් දිනක් ඉතිරි ව තිබිය දී SSC ක්‍රීඩකයෝ 2 වැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට අද (12) සමත් වුණා.
පෙර සතියේ දී Kandy Custom කණ්ඩායමට එරෙහි ව ඉනිමක ජයග්‍රහණයක් ලබා ගත් SSC ක්‍රීඩකයෝ අද ජයග්‍රහණය කරන්නේ Galle කණ්ඩායමට එරෙහිවයි. එහි දී ඔවුන් ඉනිමක සහ ලකුණු 183ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.
කොළඹ, Bloomfield ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් SSC ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදීන් සතු කළා. ඒ අනුව පිටියට පිවිසි Galle ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට වාර්තා කරන්නේ ලකුණු 118ක් පමණයි.
ඉන් ලකුණු 54ක් ම ලබා ගන්නේ සුපුන් කාවින්ද විසින්. ඔහු තම ඉනිමට පන්දු 51ක් වැය කරන අතර හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් ඊට එක් කරනවා. ඊට අමතර ම රජිත් ප්‍රියාන් පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 27ක් ලබා ගන්නවා.
Galle ඉනිමේ කඩුලු 7ක් ලකුණු 35කට දැවී ගොස් තිබිය දී සුපුන් කාවින්ද සහ රජිත් ප්‍රියාන් එක් ව 8 වැනි කඩුල්ලට පන්දු 69ක දී ලකුණු 72ක සබඳතාවක් එක් කරනවා.
කඩුලු දවා ගැනීමේ දී ප්‍රමෝද් මදුශාන් ලකුණු 32කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව ප්‍රභාත් ජයසූරිය ලකුණු 48කට කඩුලු 4ක් දවා ගන්නවා.
අනතුරු ව පිටියට පිවිසි SSC කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 424ක් ලබා ගනිමින් ඉනිම අත්හිටුවනවා. එම ඉනිම වෙනුවෙන් නුවනිඳු ප්‍රනාන්දු පන්දු 122කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 13ක් සමඟින් ලකුණු 187ක් ලබා ගන්නවා.
ඔහුගේ ඉනිම තුළ දී 7 වැනි කඩුල්ල වෙනුවෙන් මිලින්ද සිරිවර්ධන (39) සමඟ එක් වෙමින් පන්දු 76ක දී ලකුණු 107ක සබඳතාවක් ද සහ කවිඳු නදීශාන් (32) එක් ව 8 වැනි කඩුල්ලට පන්දු 79ක දී ලකුණු 110ක සබඳතාවක් ද එක් කරනවා.
ඔහුට අමතර ව ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 68ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී රජීව වීරසිංහ ලකුණු 132කට කඩුලු 4ක් දවා ගන්නා ලද අතර හංසමාන ද සිල්වා කඩුලු 2ක් ද, චතුර පීරිස් සහ සුපුන් කාවින්ද කඩුල්ල බැගින් ද දවා ගන්නවා.
- කවිශ්ක අංජුල දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කරයි
- ඉෂාර සහ රන්මිත් ශතක රැස් කරයි
- රොෂේන් සිල්වා ලකුණු 10 000 සමාජයට
ලකුණු 306ක් පිටු පස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි Galle ක්‍රීඩකයෝ එම ඉනිමට ලබා ගන්නේ ලකුණු 123ක් පමණයි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ හංසමාන ද සිල්වා. ඔහු පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 36ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 53කට කඩුලු 5ක් දවා ගන්නා ලද අතර කවිඳු නදීශාන් ලකුණු 9කට කඩුලු 3ක් දවා ගන්නවා. ඊට අමතර ව ප්‍රමෝද් මදුශාන් සහ නිපුන් ධනංජය කඩුල්ලක් බැගින් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Galle CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 118 (28.5) සුපුන් කාවින්ද 54, රජිත් ප්‍රියාන් 27, ප්‍රමෝද් මදුශාන් 5/32, ප්‍රභාත් ජයසූරිය 4/48
- SSC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 424 (62.2) අවිශ්ක ප්‍රනාන්දු 68, ශෙවෝන් ඩැනියෙල් 29, ක්‍රිශාන් සංජුල 32, නුවනිඳු ප්‍රනාන්දු 187, මිලින්ද සිරිවර්ධන 39, කවිඳු නදීශාන් 32, රජීව වීරසිංහ 4/132, හංසමාන ද සිල්වා 2/41
- Galle CC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 123 (37.3) සුභාණු කවීෂ රාජපක්ෂ 20, හංසමාන ද සිල්වා 36, රජිත් ප්‍රියාන් 21, ප්‍රභාත් ජයසූරිය 5/53, කවිඳු නදිශාන් 3/09
SSC කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 183ක ජයක්.
මෙම තරගාවලියේ United Southern SC සහ Ragama CC අතර තරගය කොස්ගම, සාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේදීත්, Leo CC සහ Moratuwa SC අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදීත්, Colombo Malay CC සහ SL Navy SC අතර තරගය කොළඹ, BRC ක්‍රීඩාංගණයේදීත්, Sebastianite C & AC සහ Negombo CC අතර තරගය කටුනායක, ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදීත් සහ SL Army SC සහ Kandy Customs SC අතර තරගය දොඹගොඩ, යුද හමුදා ක්‍රීඩාංගණයේදීත් අද දෙවැනි දිනයට ක්‍රියාත්මක අතර එම තරග හෙට (14) තෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















