ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B තුන් දින ක්‍රිකට් තරගාවලියේ 6 වැනි සතිය නිමාවේ දී Sebastianites කණඩායම, Galle කණ්ඩායම සහ Negombo කණ්ඩායම පූර්ණ ජයග්‍රහණ වාර්තා කළා.
මෙම කණ්ඩායම් අතුරින් Galle කණ්ඩායම වාර්තා කරන්නේ මෙවර තරගාවලියේ තම පළමු පූර්ණ ජයග්‍රහණයයි.
මේ අතර නිමා වූ එම සතියේ අවසන් දිනයේ (11) දී SL Navy කණ්ඩායමේ ඉෂාන් අබේසේකර (52), Colombo Malay කණ්ඩායමේ චානක දේවින්ද (80), Kandy Customs කණ්ඩායමේ ප්‍රමේශ් මදුභාෂණ (62), United Southern කණ්ඩායමේ ඩිල්ශාන් කාංචන (නොදැවී 50), Leo කණ්ඩායමේ අකීල් ඉන්හාම් (නොදැවී 62) සහ Negombo කණ්ඩායමේ කේශාන් වන්නිආරච්චි (54) අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීමට සමත් වූවා.
පන්දු යවන්න්න අතුරින් Ragama කණ්ඩායමේ කොෂාන් ජයවික්‍රම (5/60), Moratuwa කණ්ඩායමේ චානක රුවන්සිරි (5/23), Negombo කණ්ඩායමේ දනුශ්ක සඳරුවන් (5/84) සහ Leo කණ්ඩායමේ මල්ශාන් ගුණසිංහ (5/70) දක්ෂතා දැක් වූවා.
- පවන් රත්නායක ඉනිම 2 දී ම ශතක ලබා ගනී
- රුසිරු, නිපුන් සහ සාහීල් ශතක රැස් කළා
- අශාන් සහ උපුල් දිනයේ හොඳම දෙදෙනා වෙයි
- NSL කාන්තා T20 සටන සක්‍රීය වෙයි
- මීගමුව තෙවැනි ජයත් ලබයි
SL Navy SC සහ Sebastianites C & AC අතර තරගය කොළඹ, Bloomfield ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – SL Navy SC
- SL Navy SC- පළමු ඉනිම සියලුම දෙනා දැවී 255 (62.1) ලක්ෂාන් රොද්‍රිගෝ 65, තෙවිඳු දික්වැල්ල 42, වරුණ මයන්ත 64, සුමල්ක ප්‍රනාන්දු 65, මිරංග වික්‍රමගේ 4/78, හෂාන් සංදීප 4/57
- SebastianitesC & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 344 (86.3) මාලිංග මලිගස්පේ 57, රුසිරු විලෝචන 152, උමයංග සුවාරිස් 53, ගිහාන් ද සිල්වා 4/125, ඩිලංක අවර්ඩ්ට් 4/30
- SL Navy SC– දෙවැනි ඉනිමසියලුම දෙනා දැවී 205 (23.0) තෙවිඳු දික්වැල්ල 65, ඉෂාන් අබේසේකර 52, හෂාන් සංදීප 3/39, මලිත හපුආරච්චි 3/33
- SebastianitesC & AC – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 122 (23.5) මනෙල්ක ද සිල්වා නොදැවී 42, උමයංග සුවාරිස් නොදැවී 47, ඩිලංක අවර්ඩ්ට් 2/26, ගිහාන් ද සොයිසා 2/43
Sebastianites කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
Galle CC සහ SL Army SC අතර තරගය කොළඹ, Moorsක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – SL Navy SC
- Galle CC- පළමු ඉනිම සියලුම දෙනා දැවී 194 (47.1) රමේෂ් නිමන්ත 62, අමිත් එරංග 56, සුපුන් කාවිංග 25, රත්නරාජ් තෙනුරතන් 2/30, ශෙහඳ සොයිසා 5/63
- SL Army SC- පළමු ඉනිම සියලුම දෙනා දැවී 193 (50.0) අශාන් සුදර්ශන 31, තරිඳු දිලංක නොදැවී 26, රජීව වීරසිංහ 2/15
- Galle CC– දෙවැනි ඉනිමසියලුම දෙනා දැවී 196 (46.4) රමේෂ් නිමන්ත 51, රජීව වීරසිංහ 20, සුපුන් කාවින්ද 32, කෙවින් කොත්තිගොඩ 38, සුභානු රාජපක්ෂ 20, ශෙහඳ සොයිසා 5/63, රවීන් පෙරේරා 4/12
- SL Army SC– දෙවැනි ඉනිමසියලුම දෙනා දැවී 145 (38.0) ඉෂාර මෙන්ඩිස් 27, ෂෙහඳ සොයිසා 30, සීක්කුගේ ප්‍රසන්න 21, මල්ක මදුශංක 21, රජීව වීරසිංහ 4/35, සුභානු රාජපක්ෂ 3/49, චතුර රන්දුණු 2/22
Galle කණ්ඩායමට ලකුණු 52ක ජයක්.
Colombo Malay CC සහ SSC අතර තරගය කොළඹ, SLLDC ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Colombo Malay CC
- SSC– පළමු ඉනිම කඩුලු 9ක් දැවී 357 (100.5) අවිශ්ක ප්‍රනාන්දු 74, නදීශ ආකාශ් 36, නිපුන් ධනංජය 122, ක්‍රිශාන් සංජුල 39, දිනුර කළුපහන 28, ප්‍රභාත් ජයසූරිය නොදැවී 21, සුදාර දක්ෂිණ 5/75
- Colombo Malay CC– පළමු ඉනිමසියලුම දෙනා දැවී 120 (60.1) සචින් ගොඩමාන්න 52, වෝෂිත අමරසිංහ 26, නිපුන් ධනංජය 2/09, ප්‍රමෝද් මදුශාන් 3/20, ප්‍රභාත් ජයසූරිය 4/31
- Colombo Malay CC– දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 216 (108.0)වෝෂිත අමරසිංහ 38, චානක දේවින්ද 80, යෙසිත් රූපසිංහ 20, පුලස්ති අතපත්තු 39, කසුන් රාජිත 2/39, ප්‍රභාත් ජයසූරිය 2/59, නිපුන් ධනංජය 3/52,
තරගයේ විසඳුමක් නෑ. (SSC කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.)
Kandy Customs SC සහ Ragama CC අතර තරගය කොස්ගම, සාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
- Kandy Customs SC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 300 (82.3) අශාන් රන්දික 120, ලහිරු අත්තනායක 28, ඩිලාන් ජයලත් 71, අවිඳු තීක්ෂණ 39, උපුල් ඉන්ද්‍රසිරි 6/110, කසුන් කරුණාතිලක 3/59
- RagamaCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 233 (72.5) සාහිල් ඩයස් 122, චානක විජේසිංහ 39, යශෝධ මෙන්ඩිස් 2/55, මිතුන් ජයවික්‍රම 5/46
- Kandy Customs SC– දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 205 (55.4)ප්‍රමේශ් මදුභාෂණ 62, අවිඳු තීක්ෂණ 27, ලක්ශාන් ගමගේ 26, ඩිලාන් ජයලත් 36, යශෝධ ලංකා නොදැවී 23, උපුල් ඉන්ද්‍රසිරි 2/77, කොශාන් ජයවික්‍රම 5/60
- RagamaCC – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 65 (24.0) සාහිල් ඩයස් නොදැවී 21, රන්මිත් ජයසේන නොදැවී 25, කවීෂ ඉඳුවර 2/17
තරගයේ විසඳුමක් නෑ. (Kandy Customs කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.)
Leo CC සහ Negombo CC අතර තරගය කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Leo CC
- NegomboCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 277 (83.1) පසිඳු තිරිමාදුර 23, කේශාන් වන්නිආරච්චි 55, උමේෂ් ලක්ෂාන් 63, දිමුතු සඳරුවන් 54, හංසජ හිරුන 32, මංගල ප්‍රදීප් 5/93, මල්ශාන් ගුණසිංහ 3/83, සෙනාශ් ප්‍රනාන්දු 2/59
- Leo CC– පළමු ඉනිමසියලුම දෙනා දැවී 136 (46.0) අශේන් මෙන්ඩිස් 39, මංගල ප්‍රදීප් 22, හංසජ හිරුණ 3/42, අමිත සංදීප 4/30
- NegomboCC – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 216 (52.0) පසිඳු තිරිමාදුර 79, කේශාන් වන්නිආරච්චි 54, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 20, හංසජ හිරුණ නොදැවී 25, මංගල ප්‍රදීප් 3/92, මල්ශාන් ගුණසිංහ 5/70
- Leo CC– දෙවැනි ඉනිමසියලුම දෙනා දැවී 239 (67.4) අයෝන් ප්‍රනාන්දු 33, අශේන් මෙන්ඩිස් 48, අකීල් ඉන්හාම් නොදැවී 62, මංගල ප්‍රදීප් 29, ධනුෂ්ක සඳරුවන් 5/84, හංසජ හිරුන් 2/18, අමිත සංදීප 2/56
Negombo කණ්ඩායමට ලකුණු 118ක ජයක්.
United Southern CC සහ Moratuwa SC කණ්ඩායම අතර තරගය සාලියපුර, යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Moratuwa SC
- United Southern CC-පළමු ඉනිම කඩුලු 9ක් දැවී 169 (51.3) අදීශ නානායක්කාර 26, ඩිල්ශාන් කාංචන නොදැවී 50, සසංක නිර්මාල් 25, මෙතුශාන් තිළිණ 3/45, චානක රුවන්සිරි 5/23,
- MoratuwaSC – පළමු ඉනිම කඩුල්ලක් දැවී 13 (2.5)
තරගයේ විසඳුමක් නෑ.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















