ධරම්සාලා නුවර හිමාචල් ප්‍රදේශ් ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේ තරගයක් අහිමි කර ගැනීමට කැමති වන්නේ කවුද? මෙහි පුහුණු සැසියක් හෝ මග හරින්නට කැමති ක්‍රීඩකයකු සොයා ගත නොහැක. හිමාල කඳු වැටියට මායිම්ව පිහිට ඇති මෙම මනරම් ක්‍රීඩාංගණයට පැමිනෙන්නේ ක්‍රීඩාලෝලීන් පමණක් නොවේ. ක්‍රීඩාංගණයේ සුන්දරත්වය දැක ගැනීමට පමණක් සංචාරකයන් මෙහි පැමිණෙන අතර හිමාල කඳු වැටියේ පියගැටි ඔස්සේ ඉදි කර තිබෙන එහි පුහුණු තණතීරු පවා ඇසට රසඳුනකි.
කෝඩුකාරයන්ගේ තරගයෙන් ජය තිසරට
කෝඩුකාරයන් දෙදෙනෙක්, කණ්ඩායම් දෙකටම කෝඩුකාර ක්‍රීඩාංගණයක යෙදුණ..
දූෂණයෙන් අගතැන්පත් දිල්ලි නගරයේ දින ගණනාවක් පුරා ආඝ්‍රාණය කළ විෂ මුසු වාතයේ බලපෑම සුරංග ලක්මාල්ගේ සිරුර තුල ක්‍රියාත්මක වීම හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ නැවුම් වාතයෙන් පවා පහව ගොස් තිබුණේ නැත. සිකුරාදා දිනය පුරාවට වමනය කරමින් අසනීප තත්ත්වයෙන් පසුවූ ඔහුට සෙනසුරාදා පුහුණු සැසිය පවා මග හරින්නට සිදු විය. කෙසේ වෙතත් තරගය දින උදෑසන වන විට යන්තමින් ශරීර සෞඛ්‍ය යහපත් අතට පත්වීමත් සමඟ කණ්ඩායමට ඇතුළත් වූ සුරංග පස්ස බැලුවේ සිහිනයක් බඳු පන්දු වාර 10ක් ක්‍රියාත්මක කිරීමෙන් පසුවයි.
ඉන්දියාව සමඟ පළමු එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිවිසුණේ නොකඩවා ලද එක්දින පරාජයන් 12ක අමිහිරි මතකයත් සමඟයි. එබැවින් සීමිත පන්දු වාර පිටියේ අපලය ගෙවා දැමීමට නම් විශිෂ්ට ඝනයේ පන්දු යැවීමක් අවශ්‍යව තිබූ අතර ගැටලුවට පිළිතුරු දෙන්නට අත එසවූයේ අන් කවරෙකුත් නොව සුරංග ලක්මාල් නම් සටන්කාමියායි.
හිමාලයා අන්තයෙන් තරගයේ පළමු පන්දුව යැවීමට නව යෞවනයෙක් මෙන් දිව ආ මේ 30 හැවිරිදි ක්‍රීඩකයා තම පන්දු වාර 10 විවේකයකින් තොරව ක්‍රියාත්මක කරන්නට සමත් වූ අතර අවසන් වරට විනිසුරුගෙන් තම හිස්වැසුම ලබා ගන්නා විට සුරංග තම හොඳම එක්දින පන්දු යැවීමේ වාර්තාව අලුත් කර ගෙන සිටියේ ලකුණු 13කට කඩුලු 4ක් ලෙසයි. ඉන් පන්දු වාර 4ක් ම නොඉඳුල් පන්දු වාර ලෙස සටහන් වී තිබුණි.

”පසුගිය වසර දෙකක කාලය තුල මම ඉතා මහන්සි වුනා. පුහුණු කාර්ය මණ්ඩලයත් මා වෙනුවෙන් ලොකු උත්සාහයක් දැරුවා. පසුගිය දින කිහිපය තුල මගේ සෞඛ්‍ය සහ ශාරීරික යෝග්‍යතාව හොඳ මට්ටමක තිබුණා.” තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමෙන් පසු සුරංග ලක්මාල් පැවසීය.
කාලයත් සමඟ ලක්මාල්ගේ පන්දුවේ වේගය සැලකිය යුතු ලෙස අඩු වී තිබේ. ඔහුට මේ වන විට පැයට කිලෝ මීටර් 135ක වේගයක් පවත්වා ගෙන යාමට ද අපහසුය. නමුත් ඔහු පන්දුව දෝලනය කරනා ශාස්ත්‍රය මනාව ප්‍රගුණ කර ඇති අතර වේගය වෙනස් වන තණ තීරු වල දී ලක්මාල් අතිශයින් සාර්ථක අවියකි. ඉරිදා දිනයේ දී ඔහුගෙන් යොමු වූ දුර්වල පන්දුවක් සොයා ගැනීම ඉතා අපහසු වූ අතර එමගින් පිතිකරුවන් හට පහර තෝරා බේරා ගැනීමට නොහැකි තරමේ දෙගිඩියාවක් ඇති කරන්නට ඔහු සමත් විය. සුරංග ලක්මාල්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ උන් හිටි තැන් අමතක වූ 22,000ක් පමණ ක්‍රීඩාලෝලීන් හට ඔවුන් සිටින්නේ ඉන්දියාව ක්‍රීඩා කරන ක්‍රිකට් තරගයක් පැවැත්වෙන ක්‍රීඩාංගණයක බව සිහිපත් කරන්නට සමත් වුනේ පසු පෙළ පිතිකරුවන් සමඟ අගනා පිතිහරඹයක නිරත වූ මහේන්ද්‍ර සිං දෝනි පමණකි.
බින්දුමාල් විසින් චන්දිමාල් වෙතට
මා ඔබට මේ ලිපිය ලියන්නේ ඔබ විසින් ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඉතා විශිෂ්ට…
වසර අටක ක්‍රිකට් අත්දැකීම් සමග පරිණත වෙමින් සිටින සුරංග ලක්මාල්, පිතිකරණ පාරාදීස තුළ ටොන් ගණනින් ලකුණු රැස් කරන පිතිකරුවන් හට පන්දුවේ බලය පෙන්වීමට සමත් විය. කගීසෝ රබාඩා, ඩේල් ස්ටෙයින් සහ ඩුආන් ඔලිවියර් සුරංග ලක්මාල්ගේ පන්දු යැවීම දෙස නෙත් යොමා සිටියා නම්, ඔවුන් මේ වන විටත් ඉන්දියානුවන්ගේ පැමිණීම තෙක් ඇඟිලි ගනිමින් පසුවනු නොඅනුමානය. ධරම්සාලා තණ තීරුව වේගපන්දු යවන්නන් හට දෝලනය සඳහා උපකාරී වුවද එහි පන්දුවේ ඉපිලීම දක්නට ලැබුණේ නැත. නමුත් දකුණු අප්‍රිකාව දුර්වල හදවත් ඇත්තන් සඳහා කෙලි බිමක් නොවන්නේ නිවුලන්ඩ්ස්, සෙන්චූරියන් සහ වොන්ඩරස් යන ක්‍රීඩාංගණ ඉපිලීම සහ දෝලනය නොඅඩුව ලබා දීමට සමත් හෙයිනි.

ලක්මාල් ඉනිමක දී කඩුලු 4ක් දවා ගත් 3 වන අවස්ථාව මෙය වන අතර කඩුලු 5 කඩ ඉම ඔහුට මග හැරීම අවාසනාවක් විය. එමෙන්ම අතලොස්සක් ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් සම්පූර්ණ කළ එක්දින කඩුලු 100 සන්ධිස්ථානය සඳහා ඔහුට අවශ්‍ය වන්නේ තවත් කඩුලු 6ක් පමණි.
රවී ශාස්ත්‍රි දුටු සිහිනය
ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තුන් වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයයි. දිල්ලි ගුවන…
2009 වසරේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමඟ සිදු කළ දකුණු අප්‍රිකා සංචාරයේ දී ඉස්මතු වූ තරුණ දක්ෂයෙකු වන සුරංග ලක්මාල්, එවක එම කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ විසින් ඉහළින්ම වර්ගීකරණය කළ ක්‍රීඩකයෙකි. නිල නොවන ටෙස්ට් තරගාවලිය යන්තමින් පරාජය වී, එක්දින තරගාවලිය තරග 4-1ක් ලෙස ජය ගැනීමෙන් පසු හතුරුසිංහගේ පැසසුමට ලක් වූ ලක්මාල්, මැතිව්ස් සහ තරංග පරණවිතාන ජාතික කණ්ඩායමට පැමිණීම වේගවත් වූ අතර ඔවුන් අඩු වැඩි වශයෙන් එම තෝරා ගැනීම් සාධාරණීකරණය කිරීමට සමත් විය.

නමුත් එමගින් ද ඔහුට මුහුණ දීමට සිදුව ඇති ගැටලු රැසකි. සෑම ගුවන් තොටුපොලක දී ම ආරක්ෂක අංශ විසින් ඔහුව නවත්වනු ලබන්නේ ලෝහ හඳුනා ගැනීමේ යන්ත්‍ර සුරංග ලක්මාල් ඒ තුලින් ගමන් කිරීමේ දී අනතුරු ඇඟවීම් නිකුත් කිරීම හේතුවෙනි. එමනිසා සෑමවිටම කණ්ඩායම් කළමනාකරු හට ලක්මාල්ගේ වෛද්‍ය සත්කාර ද සමඟ ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කිරීමට සිදු වේ. එමෙන්ම කිසිදු අවස්ථාවක ඔහුට MRI ස්කෑන් පරීක්ෂාවක් කර ගත නොහැක්කේ සිරුර තුළ ලෝහ කැබලි පවතින විට දැවැන්ත කාන්දම් බලයකින් ක්‍රියාත්මක වන එම ස්කෑන් යන්ත්‍රයෙන් නිසි ප්‍රතිඵල නොලැබීම නිසාවෙනි.
ලක්මාල් මේ වසර තුළ සියලු ආකාරයේ තරගවල පෙරළිකාරයෙක් වූ නමුත් ඔහු පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දකුණු අප්‍රිකානු සංචාරය සඳහා පිටත්ව ගියේ තම ටෙස්ට් සමු ගැනීම පිළිබඳවත් සිතා බැලීමට සිදු වූ පරිසරයකයි. කෙසේ වෙතත් ඔහුගේ කඩුලු නියඟයට හේතුව ඔහුගේ දක්ෂතා හිඟකම පමණක් නොවූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම ලක්මාල්ට කඩුලු මෙන්ම කඩුලු 5ක් ලබා ගැනීම වැනි කඩඉම් ද අහිමි කළ බව කිව මනා ය.
මේ වසර තුළ විශිෂ්ට ඝනයේ පන්දු යැවීම් කිහිපයක්ම ප්‍රදර්ශනය කළ ලක්මාල්, කේප් ටවුන්, කල්කටා, ඩුබායි හෝ ධරම්සාලා වැනි විවිධාකාරයේ ක්‍රීඩාංගණ රැසක් තුළ තම සටන්කාමීත්වය නොවෙනස්ව ප්‍රදර්ශනය කළේ, ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණ වෙත යා හැකි මාර්ග වෙත ද ප්‍රවිෂ්ට කරවමිනි.
පොරවෙන් කපනවා ද? නියපොත්තෙන් කඩනවා ද?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එදා සිටම වාර්තා තියන්නට සූරයෝ ය. හොඳ නරක කෙසේ වෙතත්..
නිසි ශාරීරික යෝග්‍යතාව පවත්වා ගෙන යාමට ඔහුට හැකි වුවහොත්, සුරංග ලක්මාල්ගේ දක්ෂතාවල කූටප්‍රාප්තිය ඉදිරියේ දී දැක ගැනීමට ලබෙන බව සක් සුදක් සේ පැහැදිලිය.
”තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ සුරංග ලක්මාල්. ”සීමිත පන්දු වාර තරගවල දී කණ්ඩායම ඉතා ගැටලුකාරී ස්ථානයක පසු වුනා. අපි තරග 12ක් නොකඩවා පරාජය වෙද්දී වරෙක අපේ ලෝක කුසලාන සහභාගීත්වය පවා අවිනිශ්චිත තැනක තිබුණේ. මෙම තරගාවලියේ ඉදිරියට පැමිණීම ඉතා සතුටුදායක දස්කමක්. අපි හොඳින් පුහුණුවීම් කළා. අපේ සැලසුම් ඉතාම හොඳ මට්ටමේ තිබුණු අතර ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කරන්නටත් හැකි වුනා.”

”ඉන්දියාව ඉතා ප්‍රබල කණ්ඩායමක්. ඔවුන් එක්දින කණ්ඩායම් වර්ගීකරණයේ දෙවන ස්ථානයේ පසුවන්නේ. අද මාත් සමඟ නව පන්දුව භාර ගත් මැතිව්ස් සමඟ මම කතා වුනේ, නිසි ඉලක්කයට පන්දු යවමු කියලයි. අපි දැනගෙන හිටියා තණතීරුව අපිට සහය වන බව. සැලසුම් කළ ලෙසටම අපිට කඩුලු කිහිපයක් ලැබුණා. අනෙක් පන්දු යවන්නන් සියලු දෙනා ද අපිට සහය වූ නිසා අපිට හැකි වුනා ඉන්දීය කණ්ඩායම ලකුණු 112කට සීමා කරන්නට.” ජයග්‍රහණ ඉඩෝරයකින් පීඩා විඳිමින් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ගේ තොල් වියලුණු පිපාසයට දිය පොදක් වූ සුරංග ලක්මාල් අවසන් වශයෙන් පැවසීය.
>> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















