කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ සාන්ත පීතර විද්‍යාලය අතර 51 වැනි වරට පැවැත්වුණ ගරු පීටර් පිල්ලෙයි අනුස්මරණ කුසලානය ජයග්‍රහණය කිරීමට සාන්ත පීතර විද්‍යාලය ඊයේ (03) සමත් වුනා.
කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය ජය ගත් පීතර ක්‍රීඩකයින් පළමුව පන්දු යැවීමේ වගකීම බාර ගත් අතර, ඒ අනුව සාන්ත ජෝසප් ක්‍රීඩකයින් පළමු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසුණා.
මෙහි දී ඔවුන් පන්දුවාර 49ක් තුළ ලකුණු 177ක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් ඉහළම ලකුණු ලාභියා ලෙස අවීශ සමාශ්ගේ පිත්තෙන් ලකුණු 75ක් වාර්තා වුනා. පන්දු 120ක් තුළ වාර්තා වූ මෙම ඉනිමට හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් ද අන්තර්ගත වුනා.
මීට අමතරව අභිශේක් ජයවීර ලකුණු 30කින් සහ නුශාන් පෙරේරා ලකුණු 34කින් මෙම ඉනිමට දායකත්වය ලබා දුන් අතර, ලශ්මික පෙරේරා සහ එනෝශ් පීටර්සන් විසින් සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
සාන්ත ජෝසප් විද්‍යාලයෙන් ලද ලකුණු 178ක ඉලක්කය හඹා ගිය සාන්ත පීතර පිතිකරුවන් විසින් පන්දුවාර 45 පන්දු 5ක් තුළ කඩුලු 6ක් දැවී අදාළ ඉලක්කය සපුරා ගැනීමට සමත් වූ අතර, මේ වෙනුවෙන් ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ දිලන දම්සරගේ පිත්තෙන් ලකුණු 60ක් වාර්තා වුනා. මීට අමතරව එනෝශ් පීටර්සන් නොදැවී ලකුණු 37ක් ලබා ගැනීමට සමත් වුනා.
සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ යෙනුල දෙව්තුස කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා.
මේ අනුව මෙම එක්දින තරගයෙන් කොළඹ සාන්ත පීතර විද්‍යාලය කඩුලු 4ක ජයක් ලබා ගැනීමට සමත් වුනා.
- තරගයේ වීරයා – එනෝශ් පීටර්සන් (සාන්ත පීතර විද්‍යාලය)
- හොඳම පිතිකරු – දිලන දම්සර (සාන්ත පීතර විද්‍යාලය)
- හොඳම පන්දු යවන්නා – යෙනුල දෙව්තුස (සාන්ත ජෝසප් විද්‍යාලය)
- හොඳම පන්දු රකින්නා – තරීන් සංඛේත් (සාන්ත පීතර විද්‍යාලය)
- නැගී එන ක්‍රීඩකයා – අවීශ සමාශ් (සාන්ත ජෝසප් විද්‍යාලය)
පාසල් ක්‍රිකට් වසන්තයේ සියලු උණුසුම් තරග දසුන්, තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<