ශ්‍රී ජයවර්ධනපුර මහා සටන නමින් ප්‍රසිද්ධියට පත් නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය හා කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය අතර පැවැත්වෙන 22 වන දෙදින මහා ක්‍රිකට් තරගය මේ මස 6 හා 7 කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්වෙනු ඇත.
ජයවර්ධනපුර මහා සටනේ ඉතිහාසය
වර්ෂ 1991 සිට පවත්වනු ලබන මෙම ක්‍රිකට් තරගය මේ දක්වා 21 වතාවක් පවත්වා ඇති අතර ඉන් තරග 2ක් පමණක් ප්‍රතිඵලයක් සහිතව අවසන් වී ඇත. එම තරග දෙකම කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය විසින් ජයග්‍රහණය කර ඇත. සාන්ත ජෝන් විද්‍යාලයට තවමත් සිය විද්‍යාල නාමයට ඉදිරියෙන් ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකිව ඇති අතර ඉතිරි තරග 19 ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.
මෙවර ආනන්ද ශාස්ත්‍රාල කණ්ඩායමේ නායකයා ලෙස තිමිර මල්ෂාන් ද, සාන්ත ජෝන් විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස නුරාජ් ප්‍රසංග ද කටයුතු කරනු ඇත.
අම්බලන්ගොඩ සුනිල සොහොයුරෝ මොරටුවේ දී යුද වදිති
තම නිජබිමේ දී දක්ෂතා මුදා හැරීමේ අවස්ථාව අහිමි වූ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය..
සාන්ත ජෝන් විද්‍යාලය නුගේගොඩ

මෙවර සාන්ත ජෝන් විදුහල් ක්‍රිකට් කණ්ඩායම සතුව සිටින ප්‍රබලතම ක්‍රීඩකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක මිතිල පූර්ණජිත් හැඳින්විය හැකි අතර වමතින් පා දඟපන්දු යවන ක්‍රීඩකයෙකු වන ඔහු මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේ ලකුණු 620ක් රැස්කරමින් කඩුලු 60ක් ද දවාගෙන තිබේ.
දකුණතින් පිත්ත හසුරුවන වර්ණලාභී නායක නුරාජ් ප්‍රසංග තරග 10ක දී ලකුණු 720ක් ලබාගෙන ඇති අතර වමතින් පිත්ත හසුරුවන කණ්ඩායමේ උප නායක තෙෂාන් මාලින්ද (412), හිරුෂ මෙන්ඩිස් (480) සෙසු ප්‍රබල ක්‍රීඩකයෝ වෙති. එසේම පූර්ණජිත් සමඟ කරට කර සටන් වදිමින් වමතින් පා දඟපන්දු යවන තනුෂ සඳරුවන් තරග 10කට සහභාගී වී කඩුලු 65ක් දවා ගැනීමට සමත්ව ඇත.
සාන්ත ජෝන් විද්‍යාල ක්‍රිකට් කණ්ඩායම: නුරාජ් ප්‍රසංග (නායක), තෙශාන් මාලින්ද (උප නායක), මිතිල පුර්ණජිත්, තනුෂ සඳරුවන්, අශේන් මිලින්ද, හිරුෂ මෙන්ඩිස්, ගෝපාල් ස්වාමි සෙල්වකුමාර්, දෙව්මින ඒකනායක, ඔෂද හිරුෂික, ශවීන් හත්වැල්ල, ස්ටෙෆාන් ධනුෂ්ක, රුසිරු තිලංක, සදිශාන් චමෝද්‍ය, අයත් දිල්මිත්, සෙනෙත් අක්මිත, මොවිඳු ලෝචන, සදීෂ නෙත්මිණ.
නිලධාරීන්: බුද්ධික අත්තනායක මහතා (විදුහල්පති), ඩී. එන්. ගුරුදෙණිය මහතා (නියෝජ්‍ය විදුහල්පති) , සන්ද්‍යා දමයන්ති මහත්මිය (නියෝජ්‍ය විදුහල්පතිනි), එන්. විජේරාම මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), එස්. ඒ. කේ. සිසිර කුමාර මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), හිරාන් ගුණවර්ධන මහතා (ප්‍රධාන පුහුණුකරු)
කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය

මෙවර ආනන්ද ශාස්ත්‍රාලයේ ප්‍රබලතම ක්‍රීඩකයා වන වමතින් පිත්ත හසුරුවන වර්ණලාභී නායක තිමිර මල්ෂාන් ලකුණු 610ක් රැස්කරමින් කඩුලු 59ක් දවාගෙන තිබෙන අතර දකුණතින් පිට දඟපන්දු යවන ඉසුරු අවින්ද, තරග 12ක දී කඩුලු 39ක් දවා ගනිමින් දස්කම් දක්වා ඇත. එසේම තුන් ඉරියව් දස්කම් දක්වමින් දකුණතින් පන්දුවට පහර දෙන ඔහු ලකුණු 475ක් ද සිය විද්‍යාලය වෙනුවෙන් රැස්කරගෙන ඇත. ඊට අමතරව චමිඳු සත්මිණ සහ වෙනුක් හෙට්ටිආරච්චි මෙවර ආනන්ද ශාස්ත්‍රාල ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන සෙසු ප්‍රබල ක්‍රීඩකයෝ වෙති.
ආනන්ද ශාස්ත්‍රාල ක්‍රිකට් කණ්ඩායම: තිමිර මල්ෂාන් (නායක), අරවින්ද ජයසූරිය (උප නායක), දසුන්ප්‍රිය කරුණාතුංග, චමිඳු සත්මිණ, නදීෂ් යසිරු, හසිත් හංසිඳු, වී. ඩී. හෙට්ටිආරච්චි, එස්. ඒ. අෂීම්, ආමන්ත දාබරේ, ධනජ සඳලිඳු, පසිඳු එනුවර, ඊ. ඒ. ජයකොඩි, තරුෂ නිම්හර, තුසරණ වීරසේකර, අභිලාෂ් දිනුකර, සමීර් සිරාෂ්, ඩිල්ෂාන් සිර්වර්ධන, අනුජ නිම්සර, ලකිඳු කල්හාර සහ එම්. ජී. ඒ. අයි. සුදර්ශන.
නිලධාරීන්: ජී. පී. බී. ලියන්ගස්කුඹුර මහතා (විදුහල්පති), පී. එස්. සී. ප්‍රනාන්දු මහතා (නියෝජ්‍ය විදුහල්පති), අයි. යූ. උඩුවන මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), ඒ. ඩී. එස්. පෙරේරා මහතා (කණ්ඩායම් භාර ආචාර්ය), එච්. ඩබ්ලිව්. වී. සමීර මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), අකිල මධුශංඛ මහතා (ප්‍රධාන පුහුණුකරු), මිෂාර ද සොයිසා මහතා (කනිෂ්ඨ ක්‍රිකට් පුහුණුකරු), දිලිප්සිරි විනෝච් මහතා (කනිෂ්ඨ පුහුණුකරු)
22 වන වරටත් පැවැත්වෙන ශ්‍රී ජයවර්ධනපුර මහා සටනේ තරග වාර්තා හා ඡායාරූප ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















