ආසියානු කිරුළේ පෙර සූදානමට වැට බැඳේ!

96

දකුණු කොරියාව කේන්ද්‍රකර ගනිමින් එළඹෙන ජූලි මාසයේ දී පැවැත්වීමට නියමිත ආසියානු දැල්පන්දු ශූරතාවලිය සඳහා සහභාගී වීමට මත්තෙන් පෙරහුරු තරගාවලියක් සඳහා ක්‍රීඩා කිරීමට තිබූ මහඟු අවස්ථාව මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම හට අහිමි වී ගොස් තිබෙනවා. 

හොංකොං යන දැල්පන්දු කණ්ඩායම තෝරාගනී

ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලිය මෙම වසරේ පැවැත්වීමට……..

ඒ පෙබරවාරි 20 වැනිදා සිට 23 වැනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ හොංකොං සිව්කොන් දැල්පන්දු ශූරතාවලිය එරට පවතින වත්මන් වාතාවරණය හමුවේ පැවැත්වීම එතරම් යෝග්‍ය නොවන බවට අදාළ තරගාවලි සංවිධායක කමිටුව ගෙන ඇති දැඩි තීරණය සමඟිනි. 

මේ දිනවල වසංගතයක් මෙන් පැතිරී යන නව කොරෝනා වයිරසය නිසාවෙන් මේ වන විට හොංකොං රාජ්‍යයේ බොහෝ දෛනික කටයුතු අඩපණ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටින අතර එරට රජය විසින් සියලුම ක්‍රීඩා ක්‍රීඩාංගණ, ක්‍රීඩාගාර ඇතුළු පහසුකම් දින නියමයකින් තොරව පොදු ජනතාවට වසා තැබීමට ගෙන ඇති තීන්දුව මූලික වශයෙන් මේ සඳහා බලපා ඇති බව වාර්තා වේ.

ආසියානු අභියෝගය ජය ගැනීමට ක්‍රීඩිකාවන් 22 දෙනෙකු සූදානමින්

දකුණු කොරියාව කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක වීමට නියමිත………..

සිව්කොන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සහ සත්කාරක හොංකොං කණ්ඩායමට අමතරව තායිලන්තය සහ කෙන්යාව යන කණ්ඩායම් ද්විත්වය සහභාගී වීමට නියමිතව තිබුණි. 

පසුගිය වසරේ එංගලන්තයේ ලිවර්පූල්හීදි පැවති ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය සඳහා අවශ්‍ය ශක්තිමත් අඩිතාලම සකසා ගැනීම සඳහා එම තරගාවලියට මත්තෙන් මෙරටදී දියත් කළ සිව්කොන් දැල්පන්දු ශූරතාවලිය බෙහෙවින් ඉවහල් වූ බව නොරහසකි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට <<