ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (21) කොළඹ කොල්ට්ස් ක්‍රිකට් පිටියේ දී පැවැත්වූ නමුත් තරගයට එල්ල වූ වර්ෂාව නිසා තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් කිරීමට විනිසුරුවරුන් තීරණය කරන ලදි.
ඇෆ්ගනිස්තානය බංගලියන්ගේ හැව අරී
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිමා වූ හය වැනි තරගයේ දී බංග්ලාදේශයට එරෙහිව ලකුණු..
කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු යැවීමට ඉන්දීය කණ්ඩායම තීරණය කළ අතර ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ආරම්භය ලබා ගත් යසෝදා මෙන්ඩිස් හා චමරි අතපත්තු පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ සබඳතාවය ලකුණු 10කට සීමා විය. යසෝදා මෙන්ඩිස් එක් ලකුණකට දැවී යද්දී නායිකා චමරි අතපත්තු පන්දු 16ක දී ලකුණු 21ක් ලබා ගන්නා ලදි. එම ලකුණු 21ක ලබා ගැනීමට 4 පහර 2ක් හා එක් 6 පහරක් අතපත්තුගේ ඉනිමට අන්තර්ගත විය.
කවීෂා දිල්හාරි ලකුණු 3යි. තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 49ක් ලබාගෙන සිටි අතර නොදැවී ක්‍රීඩා කළ එශානි ලොකුසූරියගේ හා ඩිලනි මනෝදරා පිළිවෙළින් එක් ලකුණක් හා ලකුණු 15*ක් ලබාගෙන සිටියේය.
ශ්‍රී ලංකාව – 49/3 (7.5): චමරි අතපත්තු 21, ඩිලනි මනෝදරා 15.
දෙරට අතර පැවැත්වෙන මීළඟ ක්‍රිකට් තරගය හෙට (22) කොළඹ සී. සී. සී. පිටියේ දී පැවැත්වේ. එහි තරග තොරතුරු ද ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















