ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගය හෙට (28) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ආරම්භ වෙනවා.
“ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රධානතම බලාපොරොත්තුව මැතිව්ස්”- සංගක්කාර
2019 ICC ක්‍රිකට් ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව සාර්ථක වීමට නම් ඇන්ජෙලෝ මැතිව්ස්ගේ සේවය අත්‍යවශ්‍ය වන බව සංගක්කාර ප්‍රකාශ කර සිටියා. ඔහු මේ අදහස් දැක්වූයේ ICC නිල වෙබ්…
ශ්‍රී ලංකා කණ්ඩායමක් හා දකුණු අප්‍රිකානු කණ්ඩායමක් අවසන් වරට එකිනෙකා මුණගැසී ඇත්තේ නිමා වූ ශූරයින්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දීයි. ඊට පෙර 2016 වසරේ අග භාගයේ දී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා මුණ ගැසුණු අතර එම තරගාවලියේ දී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට 5-0ක් ලෙස පරාජය විය. එසේම ශ්‍රී ලංකාව වර්ෂ 2004 පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ දී සංචාරක දකුණු අප්‍රිකාව තරග 5-0ක් ලෙස පරාජය කළා.
මුහුණට මුහුණ
වසර 26ක් ඉපැරණි දෙරට අතර එක්දින ක්‍රිකට් ඉතිහාසය තුල එකිනෙකා එක්දින ක්‍රිකට් තරග 68ක දී එකිනෙකා මුණ ගැසී ඇති අතර ඉන් තරග 29ක් සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරග 35ක් ජයග්‍රහණය කර එහි පෙරමුණේ සිටී. එසේම තවත් තරග 3ක් ජය පරාජයෙන් තොරව අවසන් වෙද්දී එක් තරගයක් ලකුණු සමවීමෙන් අවසන් වී ඇත.
අවසන් ජයග්‍රහණය

ලොකු ඉනිම් හා පොඩි ඉනිම්
2017 වසරේ පෙබරවාරි 10 වැනිදා සෙන්චූරියන් හිදී පැවති තරගයක දී දකුණු අප්‍රිකාව කඩුලු 6ක් දැවී ලබාගත් ලකුණු 384 දෙරටේ එක්දින ක්‍රිකට් තරග ඉතිහාසය තුල වාර්තා වී ඇති වැඩිම ලකුණයි. ඒ තරගය ලකුණු 88කින් ශ්‍රී ලංකාවට පරාජය වෙන්න වුනත් තරගයේ අවසානය දක්වාම ඉතාමත් හොඳ සටනක් දීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් වුනා. වැඩිම ලකුණේ වාර්තාව දකුණු අප්‍රිකාව දෙසට යද්දී අඩුම ලකුණේ වාර්තාව ලියවී ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නම ඉදිරියෙනි. 2012 වසරේ ජනවාරි මස 11 වැනිදා පාර්ල් හිදී පැවති තරගයක දී ශ්‍රී ලංකාවට ඒ අවාසනාවන්ත සිදු වීමට මුහුණ දෙන්න වුන අතර තරගය ලකුණු 258කින් පරාජය වෙන්නත් සිදු වුනා.
ධනුෂ්කට වැඩ වරදී; දකුණු අප්‍රිකානු තරගාවලිය අහිමි වේ
ක්‍රීඩකයින්ගේ ආචාර්ය ධර්ම පද්ධතිය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග පවතින ගිවිසුම කඩ කිරීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වමත් ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක හට ජාත්‍යන්තර…
සැඟවුණු හා වැදගත් දත්ත කිහිපයක්

ප්‍රහාරාත්මක පිතිකරුවන්
- උපුල් තරංග

.
.
.
- හෂීම් අම්ලා

- නිරෝෂන් දික්වැල්ල

.
- ඩේවිඩ් මිලර්

තර්ජනාත්මක පන්දු යවන්නන්
- සුරංග ලක්මාල්

.
- කගීසෝ රබාඩා

- අකිල දනංජය

.
.
- තබ්‍රයිස් ශම්සි

රංගිරි දඹුලු තණතීරුව හා කාලගුණය
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙතෙක් පවත්වා ඇති එක්දින ක්‍රිකට් තරග දෙකම (2004 වසරේ දී) ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇති අතර තරග දෙකම ජයග්‍රහණය කර ඇත්තේ දෙවනුව පන්දුවට පහර දෙමිනි. ඒ නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනගත්තොත් පළමුව පන්දු රැකීම වඩා සුදුසු වනු ඇත. කාලගුණය සලකා බැලීමේ දී පළමු එක්දින ක්‍රිකට් තරග දෙකම සඳහා ඉතාමත් හොඳ කාලගුණික තත්වයක් අපේක්ෂා කිරීමට පුළුවන්.
සංචිත
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය – ඇන්ජලෝ මැතිව්ස් (නායක), දසුන් ශානක, කුසල් ජනිත්, ධනංජය ද සිල්වා, උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, කසුන් රාජිත, අකිල දනංජය, ප්‍රභාත් ජයසූරිය, ලක්ෂාන් සඳකැන්, ශෙහාන් ජයසූරිය
අතිරේක ක්‍රීඩකයින් – දිමුත් කරුණාරත්න, ඉසුරු උදාන, නිශාන් පීරිස්, ජෙෆ්රි වැන්ඩර්සේ
දකුණු අප්‍රිකා එක්දින සංචිතය – ෆෆ් ඩියු ප්ලේසී (නායක), හෂීම් අම්ලා, ජුනියර් දලා, ක්වින්ටන් ඩී කොක්, ජේ. පී. ඩුමිනි, ඩේවිඩ් මිලර්, එයිඩ්න් මාක්‍රම්, රීසා හෙන්ද්‍රිකස්, හෙයින්රිච් ක්ලාසෙන්, කේශව් මහරාජ්, වියාන් මුල්ඩර්, ලුන්ගි නිගිඩි, වර්නෑන් ෆිලැන්ඩර්, කගීසෝ රබාඩා, තබ්‍රයිස් ශම්සි, ඇන්ඩි පෙලුක්වායෝ.
අවසන් නිගමනය
ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම තෙවන ස්ථානයේ පසුවන්නේ ලකුණු 3842ක් සමඟ ප්‍රසාද ලකුණු 113ක් දිනා ගෙනයි. සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම එම ලැයිස්තුවේ 8 වැනි ස්ථානය දිනා ගෙන සිටින්නේ ලකුණු 3302ක් සමඟ ප්‍රසාද ලකුණු 77ක් දිනා ගෙනයි. ඒ අනුව බලන කල ශ්‍රේණිගත කිරීම්වලින් ද දකුණු අප්‍රිකානුවන් පෙරමුණේ පසුවෙයි. නමුත් තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැදගත් වන්නේ ශ්‍රේණිගත කිරීම් හෝ ඉතිහාසයේ ලබාගත් ජයග්‍රහණ නොව ඒ ඒ දිනය තුල හැකි උපරිමයෙන් මෙන්ම හොඳින් ක්‍රීඩා කිරීමයි. එසේ සිදු කළහොත් ශ්‍රී ලංකාවට මේ තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
තරග කාලසටහන
- ජූලි 29: පළමු එක්දින තරගය රංගිරි දඹුලු ක්‍රිකට් පිටිය (දිවා තරගය)
- අගෝස්තු 1: දෙවන එක්දින තරගය රංගිරි දඹුලු ක්‍රිකට් පිටිය (දිවා/රාත්‍රී තරගය)
- අගෝස්තු 5: තෙවන එක්දින තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය (දිවා තරගය)
- අගෝස්තු 8: සිව්වන එක්දින තරගය (දිවා/රාත්‍රී තරගය)
- අගෝස්තු 12: පස්වන එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටිය (දිවා/රාත්‍රී තරගය)
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු එක්දින ක්‍රිකට් තරගාවලිය හෙටින් (29) ආරම්භ වන අතර එම තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා, ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















